MENU

Altered Carbon [S01 : E02] | කඩාහැලෙන දෙව්දුව….(18+)

  • බයිස්කෝප් වෙබ් පැලට එන යන, හොද නරක කියන සබ් හදන සබ් අරගන්න එකි මෙකි නොකී සියළු දෙනාටම අද විශේෂ දවසක්. කට්ටියම දන්නවා ඇතිනේ අදට බයිස්කෝප් වෙබ් පැල හදලා අව්රුදු නවයයි. දැන් ඉතින් කට්ටිය කල්පනා කරයි එච්චර වයසද කියලා.. කෝම හරි ඔන්න අව්රුදු නවයකුත් ගෙවිලා ගිහින් තාමත් සිංහල උපසිරස ලොවේ අංක එකට අපි ඉන්නවා. ඒක ඉතින් ආඩම්බරෙන් කියන්න ඕනී. එහෙනම් සුභ උපන්දිනයක් වේවායි!! කියලා කියන ගමන් වැඩි කතා නොකියා අපි හැරෙමු මේ කතාව පැත්තට.

නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් ලොව පුරා විකාශනය ඇරබූ IMDb අගය 8.4 උන ඉතා ලස්සන රූපවාහිනී කතාවක් ගැන තමා මං අද ඔයාලට අරගෙන එන්නේ. මේ කතාවේ දෙවනි එපිය කරන්න තමා මට භාර උනේ. කලින් එපිය රවිදු මලයා ඔයාලට ගේනවා. හරි අපි ටිකක් කලින් කතාව ගැන මතක් කර ගමු.ඔයාලට මතකනේ කොවැච් සහ එයාගේ කෙල්ලව මරණ සිද්ධිය. එතනදි ඔයාලා දැක්කානේ කොවැච්ට ඉස්සරහට වෙන දේ පෙනුනා කියලා. කෝම හරි කොවැච් මැරෙනවා එතනින්. එයාගේ විඥානය අව්රුදු ගානක් ගබඩා කරන් තිබිලා බැන්ක්ක්‍රෝෆ්ට් කියන මෙත්ගේ උවමානවට නැවත කොවැච්ගේ විඥානය ශරීරයකට ඇතුලත් කරනවා. බැන්ක්ක්‍රෝෆ්ට්ට කොවැච්ගෙන් කරගන්න විශේෂිත වැඩක් තියෙනවා කට්ටියට මතක ඇතිනේ. ඒ තමා බැන්ක්ක්‍රෝෆ්ට්ගේ මරණයට වගකියන්න ඕනා කෙනාව අල්ල ගන්න එක.ඒ අතර බැන්ක්ක්‍රෝෆ්ට්ගේ මේ කේස් එක ගැන විමර්ශන කරන්න පොලිසියේ කෙනෙකුත් කලින් යොදවලා ඒ තමා ලුතිනන් ඔගේටා. මේ අතර කට්ටියට මතකද කොවැච් නවතින්න ගිය රේවන් හෝටලයට මැර කල්ලියකගේ ප්‍රහාරයකුත් එල්ල වෙනවා කියන එක. එතනදි දෙන තුවක්කු ගේම නම් පට්ටා. එතනින් කතාව අහවරයි. අපි දැන් යාන්තමට බලමු අද කතාව ගැන.

අද කතාවේ වෙන්නේ කොවැච් බැන්ක්ක්‍රෝෆ්ට්ගේ මිනිමරුවා කව්ද කියලා හොයන්න පටන් ගන්න එක.ඒ අස්සේ ලුතිනන් කෙල්ලගේ වැඩේ කොවැච් පස්සේ පන්නන එක.මොකද කියනවා නම් ඔගේටා හිතන්නේ කොවැච් ඇවිත් ඉන්නේ මොකක් හරි මගෝඩි වැඩක් දෙන්න කියලා. අද කතාවෙදි දැන ගන්න පුලුවන් බැන්ක්ක්‍රෝෆ්ට්ට හිටිය හතුරෝ ගැන. ඒ වගේම තම දුව නැති වෙච්ච දුකින් ඉන්ක අම්මෙක්ව සනසන්නත් ඔගේටාට සිද්ද වෙනවා. අහ් බඩු තිප්පොලක් අස්සේ මරගන්න සිද්දියකුත් තියේ?. එහෙනම් ඔතනින් එහා තව කියන්න යන්නේ නෑ මොකද තව රස දේවල් අද කොටහේ තියෙන නිසා. බලලම ඒවා හොයා ගන්ඩ. එහෙනම් අදට මම සමු ගන්නවා. ආයේ උපසිරැසියකින් හමුවෙමු

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 3GB |  Complete |

FDAD7C35FC5B69BBCA7D5B73229FA28CB0779014

Direct Download  

| WEBRIP | x264 | SVA | 330MB |       

     

| WEBRIP | x264 | 480p | 215MB |       

   

| WEBRIP | x265 | 720p | 315MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Altered Carbon [S01 : E02] | කඩාහැලෙන දෙව්දුව….(18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *