MENU

Arrow [S05 : E18] | විසුරුවා හැරීම

ඔලිවර්ගෙ පැත්තෙන් එයා එයා ගැන කවදාවත් නැතිව පැහැදිලිව දැක්කද? පේන විදියට එයා කරපු හොද දේවල් වලට වඩා නරක දේවල් තමයි දැන් එයාට පෙනිලා තියෙන්නේ. සමහර විට ඒක ඇත්ත වෙන්න පුලුවන්. සමහර විට එයා මිනිස්සු මරන්න කැමති වෙන්න පුලුවන්. ඒත්, අවංකවම, සිසන් 1දි එයා මරන්න හදපු, මරපු මිනිස්සුන්ට ඒ ඉරණම ලැබෙන්න ඕනි. මොකද එයාලා ගොඩක් දූෂිත අයයි. ඒ වගේම ප්‍රේක්ෂකයෝ විදියට නරක මිනිස්සුන්ට වද දෙන එක/ මරන එක එක්තරා විදියක විනෝදයක්. අතිතයේ ඉදන්ම අපිට ටිකෙන් ටික තේරුනා ඔලිවර්ට මිනිස්සු බේරන එකට වඩා මිනිස්සු මරන එක ගොඩක් හොදට කරන්න පුලුවන් කියලා. මතකද 3වෙනි සිසන් එකේදි ක්වෙන්ටන් ලාන්ස් විශේෂයෙන් ඔලිවර්ට කිවා එයා මහජනතාවගේ හතුරා කියලා, එයා ‘ඇරෝව’ අයන් හෙයිට්ස් වලට ගෙනියද්දි, එයාට බේරාගන්න බැරි වුන එයාගේ පවුලේ වගේම යාලුවෝ ගැන මතක් කරලා. සිසන් 3දි ඒ කියපු දේ නම් ඔලිවර්ට ගහපු කනේ පහරක් වගේ වුනා මොකද එයා කරපු හොද වැඩ සහ එයා බේරාගත්ත මිනිස්සු ප්‍රමාණය නිසා.  ඒ වගේම මතකද සිසන් 1දි ඩිගල් ඔලිවර් විරයෙක් කියලා කිවම ඔලිවර් කිවා එයා විරයෙක් නෙවෙයි කියලා. පේන විදියට මේ හැමදේකින්ම ඔලිවර්ට වෙලා තියෙන්නේ එයාගේ වැඩ වල එක පැත්තක් දකින්න විතරයි. ඒ තමයි නරක පැත්ත. ඉතින් දැන් සිද්ධ වෙන්නේ එයාගේ චරිතය ඉස්සර කරපු දේවල් ගැන විචාරයක් වෙන එකයි. අනික ඒ දේවල් ගොඩක් ඇත්ත කියලත් ඔලිවර්ට වගේම අපිටත් තේරෙනවානේ.

ඔලිවර්ට එයා මිනිමරන්න කැමති කෙනෙක් කියලා හිතුනත්, අවංකවම මට හිතෙන විදියට එයා ඒ දේවල් කරද්දි දැනෙන ගැම්මෙන්, කට්ටිය පස්සේ පන්නන එකෙන්, අපරාධවලට විරුද්ධව සුපිරි විරයෙක් විදියට කරන සටන ගැන ගොඩක් සතුටු වෙනවා. ඔලිවර් පොඩි කාලයේදි, එයා එයාගේ නරක ජිවිතය ගැන ගොඩක් ආඩම්බර වුනා. දැන් අර දූපතට ගියාට පස්සේ, ඒ ජිවන රටාව සුපිරි විරයෙක්ගේ ජිවිතයක් වෙලයි තියෙන්නේ. ඉතින් ඒ නිසා එයා වේගයෙන් වැඩ කරන්න කැමතියි වගේම සමහර වෙලාවට ඒක නිසා මිනිස්සු මැරෙනවා. එයා ඇත්තටම නගරාධිපති විදියට ග්‍රීන් ඇරෝට එලියක් දෙනවා. කොහොම වුනත් එයා සම්පුර්ණයෙන්ම ග්‍රීන් ඇරෝමයි. එයා කබාය දාගත්තම වෙනස්ම කෙනෙක් වුනත්, එයාට එයාට එයා කරපු හොද දේවල් දකින්න තවම බැරි වෙලා තියෙනවා. ඒ මොකද අර හිර කරගෙන හිටපු කාලය පුරාවටම ඒඩ්‍රියන් එහෙමත් නැත්නම් ප්‍රොමෙතියස් එයාගේ සිතුවිලි පැත්තකට තල්ලු කරලා දැම්මා එයා කරපු වැරදි දේවල් විතරක් මතු කරලා පෙන්වන්න. මොකද චේස් කලින් ඉදන්ම දැනගෙන ඉදලා තියෙනවා ඔලිවර්ගේ හිතේ කොනක මේ අදහස තියෙනවා කියලා. ඉතින් එයා ඒ අදහසම ඔලිවර්ට විරුද්ධව ආයුධයක් විදියට පාවිච්චි කලා. ඉතින් ඒ දේවල් නිසා ඔලිවර් කොච්චර නම් මානසිකව වැටුනද, එයා කොච්චර නම් පැරදුනාද කියලා තේරුම් ගන්න පුලුවන්නේ ඔලිවර් ආපහු බේරිලා ඇවිත් කර්ටිස්ටයි අනිත් අයටයි එයාගේ වැඩ ඉවරයි කියලා කියපු එකෙන්.  මේ පාපොච්චාරණයෙන් කොච්ච නම් ඔලිවර්ගේ මානසිකත්වය බිද වැටුනද කියලා අමතුවෙන් කියන්න ඕනි නෑනේ නේද? අපි හිතමු ඒක ඔලිවර්ගේ සම්පුර්ණ බිද වැටිමක් නෙවෙයි කියලා. එයා සිසන් තුනක් තිස්සේම මිනිස්සු මරන්නේ නැතිව හිටියා. ලෝරල්ගේ මරණයෙන් පස්සේ, ඩේමියන් ඩාර්ක්ව අල්ලාගන්න එයා ආපහු මිනි මරන්න පටන් ගත්තා. ඒ වගේම එයා ඩිගල් කියපු දේ පිලිගත්තා එයා තවම ඒක නවත්වලා නැ කියලා. එයාගේ හිතෙන් එයා චේස් කියපු දේවල් එක්ක සංසන්දනය කරලා බලනවා ඇති. හැබැයි කොහොම වුනත් ඒක හරිම දේ නෙවෙයි කියලා වුන දේවල් එක්ක ඔලිවර්ට තාම තේරෙන්නේ නෑ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 174MB |    

ee41248316d6304ef5d2fb1c05708cbd74b9b25b

| HDTV | x264 | LOL | 245MB |    

14829aa1b57d5ad73cb5c9d66083c8998ff6aacb

| HDTV | x264 | 720p | 832MB |    

03dbf2214a994bf0ccea8c0b533ee16fb636981a

| HDTV | x265 | 720p | 224MB |    

e27febeec43961a648be931450da8472288de071

Direct Download

| HDTV | x264 | 480p | 117MB |         

| HDTV | x264 | LOL | 245MB |          

| HDTV | x264 | 720p | 832MB |           

| HDTV | x265 | 720p | 160MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Arrow [S05 : E18] | විසුරුවා හැරීම

  • ella bro never give up well done

    Reply
  • mewata direct download links dennakoooooo pls pls pls………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *