MENU

Arrow [S05 : E20] | බංකරයේ ජරමරේ…

හේලික්ස් එකෙන් ෆෙලසිටි උදව් ගත්ත නිසා දැන් හැමෝම දන්නවා ප්‍රොමෙතියස් කියන්නේ ඒඩ්‍රියන් චේස් කියලා. හැබැයි ඉතින් ඒක එලිවෙද්දිම චේස් පැනලා යන්න ගියානේ. කොහොම හරි ආර්ගස් එකේ උදව් ඇතිව චේස් ඉන්න තැන හොයාගන්න ඔලිවර්ලට පුලුවන් වෙනවා. ඉතින් ආයුධ සන්නද්ධව ඒ තැන හොයාගන්න යනවා. කොහොම හරි එතනදි ඒ කණ්ඩායම චේස්ගේ උගුල්වලට අහුවෙනවා වගේම එයා හොර පාරකින් පැනලා ගිහින් කියලා දැනගන්න ලැබෙනවා.
ඔය අතරේ ෆෙලසිටි ආයෙමත් චේස් ඉන්න තැන හොයාගන්න හේලික්ස් එකේ උදව් ගන්න බලනවා. එතකොට තමයි ඒ අය කියන්නේ එයාලට උදව් කරන්න පුලුවන් හැබැයි එයාලත් උදව්වක් කරන්න ඕනි කියලා. ඉතින් චේස් එක්ක සම්බන්ද වුනා කියලා සැක කරන ආර්ගස් නියෝජිතයෙක්ව එයාලා හොයාගන්නවා. හැබැයි ඉතින් ඊලග දවස වෙද්දි එයා ලිෆ්ට් එකේ මැරිලා ගිහින්. ෆෙලසිටි ඒ හැක් කරපු කෝඩ් එක දැක්කම තමයි තේරුම්ගන්නේ මේකත් හේලික්ස් එකේ වැඩක් කියලා. ඒ ගැන අහන්න ගියාම තමයි ෆෙලසිටිට ඇත්ත විස්තරය හේලික්ස් එකෙන් කියන්නේ. කේඩන් ජේම්ස් කියලා හොද හැකර් කෙනෙක් ඉදලා තියෙනවා. ඒත් එකපාරටම ආර්ගස් එකෙන් එයාව පැහැරගෙන. කිසිම නඩුවක්වත්, කිසිම වැරැද්දක්වත් නැතිව. ඉතින් එයාව බේරාගන්න උදව් කරන්න කියලා තමයි හේලික්ස් එකෙන් ෆෙලසිටිට කියන්නේ.
කොහොම හරි අර මැරුණ කෙනාගේ ලග තිබුන යතුර හේලික්ස් එකෙන් ගන්නවා. ඒ වුනත් තවත් ඒ යතුරක් ඕනි නිසා කුලියට අය දාලා එයාලා ඒක හොරකම් කරන්නයි යන්නේ. එතකොට ඒ තැනට ඇරෝ ටීම් එකේ අය කඩා පනිනවා. කොහොම වුනත් ෆෙලසිටි ඒ වැඩේ නවත්වන්න කියපු නිසා ඒ අයට යතුර අරගෙන පැනලා යන්න ඉඩ දෙනවා. හැබැයි ඉතින් කවුරුවත් එයා කියන දේ විශ්වාස කරන්නේ නෑ. ඔලිවර් වුනත් ෆෙලසිටිගේ පැත්ත ගන්නේ නෑ. කොහොම හරි මේ දේ නිසා ෆෙලසිටියි හේලික්ස් එක අතරේ තියෙන සම්බන්ධය නවත්වන්න ඔලිවර් කොච්චර උත්සහ කලත් ෆෙලසිටි එයාගේ වැඩේ දිගටම කරගෙන යන්නයි හැදුවේ. පුලුවන් නම් එයාව නවත්වලා පෙන්වන්න කියලත් ඔලිවර්ට කියනවා.
අවසානයට හේලික්ස් එක ආර්ගස් එකෙන් අර කේඩන් ජේම්ස් බේරාගන්න කඩා පනින්නයි හදන්නේ. ඒ වගේම ඇරෝ ටිම් එකයි ආර්ගස් එකේ අයයි හොදට සුදානමින් ඉන්නවා. මේ දේ වෙද්දි ලයිලා මේ කට්ටිය නිති විරෝධිව තියාගෙන ඉන්න එක ගැන ඩිගල් ගොඩක් පසුතැවෙනවා. එයාලා දෙන්න රණ්ඩු වෙනවත් එක්ක. මේ හැමදේම වෙද්දි රෙනේගෙ ජිවිතයේ ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනස කරන්නේ ලාන්ස්. ලාන්ස් රෙනේටත් හොරෙන් එයාගේ දුව සෝයි ඔෆිස් එකට ගෙන්වලා මුණගස්වනවා. මොකද රෙනේ අවුරුදු ගානකින් එයාව දැකලා නැති නිසා. අවසානෙට රෙනේ තිරණය කරනවා සෝයි එයාගේ ලගට ගන්න.
හැමෝම හිතපු විදියට හේලික්ස් එක ආර්ගස් එකට පහර දෙන්න එනවා. හැබැයි ඉතින් කවුරුවත් නොහිතපු විදියට හේලික්ස් එක පහර දෙන්නේ ආර්ගස් එකේ මිනිස්සු හොරෙන් තියාගෙන ඉන්න තැන මිසක් ප්‍රධාන මුලස්ථානයට නම් නෙවෙයි. ෆෙලසිටිටත් මේක හිතාගන්න අමාරුයි. ඊට වඩා ඇරෝ ටිම් එක ලයිලත් එක්ක ගොඩක් තරහා ගන්නවා එයාලට ඇත්ත කිවේ නැති එක ගැන. කොහොම හරි හේලික්ස් එක ජේම්ස්ව බේරාගන්නවා. ඒ වෙලාවේ තමයි ඇරෝ ටිම් එක ඇවිත් එයාලට පහර දෙන්නේ. කොහොම හරි ජේම්ස් බේරාගන්න ඕනි නිසා ෆෙලසිටි ඔලිවර්ගේ තුවක්කුව ඉස්සරහටත් එනවා. අවසානයේදි හැමදේම හිතපු විදියට වෙනවා. ඒ වුනත් ෆෙලසිටි ආයෙමත් හේලික්ස් මුලස්ථානයට යද්දි දකින්න ලැබෙන්නේ එයාලා එතනින් යන්න ගිහින් කියලා. හැබැයි ෆෙලසිටිට තැග්ගකුත් තියලා ගිහින් තියෙන්නේ. ඒ තමයි චේස්ව හොයාගන්න පුලුවන් විදියේ වැඩසටහනක්. ඉතින් ෆෙලසිටි ඇවිත් ඒ වැඩසටහනින් චේස්ව හොයන්න හදනවා. ඒ වෙලාවේ ඔලිවරුත් බංකර් එකට එනවා. හැබැයි එයාලා නොහිතපු උත්තරයක් තමයි ලැබෙන්නේ. ඒ තමයි චේස් මේ වෙද්දි එයාලාගේ බංකරය තියෙන බිල්ඩිමේ තමයි ඉන්නේ කියලා. ඇත්තටම ඒ චේස්ද බංකර් එකේ හිටියේ? නැත්නම් හේලික්ස් එකෙන් කරපු කපටි වැඩක්ද මේක? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්න…
 
 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 157MB |    

834dc3ff3890de38dfc883ef25de3aa65e53d9f4

| HDTV | x264 | SVA | 222MB |    

6a482bca610625f3f551249192bf8651631b61ee

| HDTV | x264 | 720p | 1.1GB |    

80a3043f195e4841a50b6aedd8b89b3e7c852d5d

| HDTV | x265 | 720p | 158MB |    

ce1259dfad4a1d40f5e6786c1b7955847fadef76

Direct Download

| HDTV | x264 | 480p | 100MB |         

| HDTV | x264 | LOL | 222MB |          

| HDTV | x264 | 720p | 1.1GB |           

| HDTV | x265 | 720p | 138MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *