මිඩ් සීසන් බ්‍රේක් එකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති ඇරෝ කතාමාලාවේ සබ් එක අරගෙන ආවා. කට්ටියට දැන් කතාව මතකද දන්නෙත් නෑ අපි පොඩ්ඩක් ගියසතියේ කොටස මතක් කරගෙන ඉමු.
ඉතින් ගලන ගගක් වගේ ප්‍රශ්න බාධක කම්කටොලු මැදින් ගලාගෙන ගියපු ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර කතාවේ අලුත් පිටුවක් පෙරළුනා. ඒ තමයි එයාලා කසාද බැදපු එක. කලින් වතාවේ මේ දෙන්නා කසාද බැන්දම ඒක එච්චර හොදින් වුනේ නැති වුනත් මේ සැරේ නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි කියලා අපි හිතමු.
ඔලිවර්ට කවදද ප්‍රශ්න නැත්තේ. අලුත්ම ආරංචිය වුනේ එයාගේ නඩුවේදි ඔලිවර්ට විරුද්ධව ටීම් එක ඇතුලෙන්ම කෙනෙක් සාක්ෂි දෙන්න ලැස්ති වෙලා ඉන්නවා කියලා. ඉතින් මේක දැනගත්තම ඔලිවර්ට උතුර දකුණ මාරු වෙනවා. මොකද ඒ කවුද කියලා මෙයාලට දැනගන්න විදියක් නෑනේ. ඒ නිසාම ඔලිවර් ෆෙලසිටියි ඩිග් එක්ක එකතු වෙලා අනිත් තුන්දෙනා ගැන ඔත්තු බලනවා. ඒ වෙලාවේ තමයි මෙයාලා දකින්නේ ඩයිනා විජලාන්ටි එහෙමත් නැත්නම් වින්සන්ට් එක්ක කතා කර කර ඉන්නවා. මේක එයාලට ලොකු සැකයක් දෙන දෙයක් වෙනවා.
ඔය අතරේ කේඩන් ජේම්ස් ලෝරල් ලවා ලාන්ස්ව පැහැරගන්නවා. ඒ වෙන මොකටවත් නෙවෙයි එයාට ඕනිකරන උපකරණයක් ආර්ගස් එකෙන් හොරකම් කරගන්න. ඉතින් එහෙම නොවුනොත් ලාන්ස්ව මරනවා කියලා තමයි එයාලා කියන්නේ. වෙන කරන්නම දෙයක් නැති නිසා ඔලිවරුයි කණ්ඩායමයි ගිහින් ආර්ගස් එකෙන් ඒක පැහැරගෙන එනවා. හැබැයි මේ මෙහෙයුමට ඩයිනව නම් එකතු කරගන්නේ නෑ. ඒකට ඩයිනට තරහා යනවා. ඒ වෙලාවේ තමයි කණ්ඩායම ඇතුලේ ඉන්න ඔත්තු කාරයා ගැන කතාබහක් යන්නේ. මේ කතාව උණුසුම් වෙද්දි රෙනේ කියනවා එයා තමයි ඒ ඔත්තුකාරයා කියලා. එයාට කරන්නම දෙයක් නැති නිසා තමයි ඔත්තු දෙන්නේ කියලා. මොකද නියෝජිත වොට්සන් එයාව බය කරලා තියෙනවා වයිල්ඩ් ඩෝග් කියන්නේ එයා කියලා දන්නවා, ඒකට සාක්ෂි තියෙනවා ඒකෙන් බේරෙන්න නම් ඔලිවර්ට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා.
මේ ද්‍රොහිකම නිසා රෙනේව ඔලිවර් කණ්ඩායමෙන් අයින් කරනවා. ඒ විතරක් නෙවෙයි තමන්ව සැක කරපු එක ගැන කලකිරිලා ඩයිනත් කණ්ඩායමෙන් අයින් වෙනවා. එයා විතරක් නම් කමක් නෑ. තමන් ගැන ඔත්තු බලපු නිසා කර්ටිසුත් කණ්ඩායමෙන් අයින් වෙනවා. ඉතින් මේ විසිරුණු කණ්ඩායමත් එක්ක ඔලිවර් මොකද කරන්නේ? කේඩන් මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ සතියේ කොටස බලලා ඉමු…. . . ^_^
මීලග උපසිරසියෙන් හමුවෙනතුරු ඔබට ජය…!
Torrents Download
| HDTV | x264 | KILLERS | 239MB |
7DA2EB07F1035153E38D6B1C6C910156D6FFC997
| HDTV | MkvCage | 720p | 320MB |
5AF745FFD5DAE5E42721A1CE112C81CE17FB436F
One thought on “Arrow [S06 : E10]| බෙදීමක්…”
Thanks !!!!!!!!!!!!!!!!