MENU

Arrow [S06 : E22] | මකරා යුද ප්‍රකාශ කරයි..

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා ඇරෝ හයවන කතාමාලාවේ 22වන කොටස. හරි එහෙමනම් මේ වෙද්දී ප්‍රමාදවීම් නිසා කට්ටියගෙ රතු කටු පැනලා තියෙන වෙලාවේ වැඩි කතා නැතුව කෙලින්ම කතාව ගැන පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො.
රිකාඩෝ ඩියෑස් තමන්ගෙ කපටි උපායන් එහෙම උපයෝගී කරගෙන ඔලිවර්ව නගරාධිපතිකමෙන් අයින් කෙරෙව්වා විතරක් නෙවෙයි අන්තිමේ ඔලිවර්ව හිරේ යවන්නත් සුදානමින් හිටියෙ. ඒත් ගිය සතියේ අපට දකින්නට ලැබුනා නොසිතු සිදුවීම් කීපයක්ම පාහේ සිද්ද වෙනවා. ඔලිවර්ගෙ මිත්‍රයෙක්ව උසාවියට ගෙනල්ලා ග්‍රීන් ඇරෝ විදිහට ඉදිරිපත් කරවලා ග්‍රීන් ඇරෝ කියන්නෙ ඔලිවර්ගේ අතිජාත මිත්‍රයෙක් වෙච්ච ටොමි මර්ලින් කියන මතයක් සමාජය සහ උසාවිය ඉදිරියේ ගොඩ නගන්න ජෝන් සමත් උනා. ඒ වගේම ලෝරල්ගෙ සාක්ෂියත් හේතුවෙන් ඔලිවර්ව ග්‍රීන් ඇරෝ කියන චෝදනාවෙන් නිදහස් උනා අපි දැක්කා. ඒක කලෙත් අර ටොමි මර්ලින් විදිහට ආව ඔලිවර්ගේ යාළුවම තමයි ඉතින්.
මේ හේතුව නිසාම ඩියෑස් කාලයක් තිස්සේ කළ සැලසුම් සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ උනා. ඒ වගේම තමන්ට සමීපවම හිටිය ලෝරල්ගෙ වෙනස්වීමත් ඩියෑසට සෑහෙන්න බලපෑවා. කොහොමහරි ඩියෑස්ව මරන්න ලෝරල් ගත් උත්සාහයත් නතර උනේ ලෝරල්ව ඩියෑස්ගෙ සිරකාරියක් බවට පත්වෙමින් නොවෑ. ඉතින් තමන්ගෙ සැලැස්ම විනාශ වී යාම නිසා අපේක්‍ෂා භංගත්වයට පත්වෙච්ච ඩියෑස් තීරණය කරනවා ඔලිවර්, ජෝන්, ඩයිනා, රෙනේ, කර්ටිස් හැම කෙනෙක්වම වගේම එයාලා ආදරේ කරන අයව පවා මරලා දාන්න.
ඉතින් අද කොටසෙන් අපිට දැකගන්න පුළුවන් වෙනවා ඩියෑස් ඒ සැලැස්ම සාර්ථක කරගන්නට දරන ප්‍රයත්නය. ඒ වගේම වෙන්වෙලා ඉන්න කණ්ඩායම අද යළිත් එකතුවෙලා කොයි විදිහකටද ඩියෑසට මුහුණ දේවිද කියලත් අද කොටසින් අපට දැක බලාගන්නට පුළුවන්. හරි එහෙමනම් මේ ටික හොදටම ඇතිවෙයි. එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. ඇරෝ සයවන කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටසටත් ඉක්මනින් උපසිරසි රැගෙන එන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!
 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 267MB |  

C81F0B9AA42BDB2545074B8319C5433DA2AB8D62

Direct Download

| HDTV | x264 | 480p | 150MB |      

           

| HDTV | x265 | 720p | 198MB |       

   

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Arrow [S06 : E22] | මකරා යුද ප්‍රකාශ කරයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *