MENU

Arrow [S07 : E08] | සෙවනැළි අතරින් ආලෝකයට..

ඇරෝ හත්වැනි කතාමාලාවේ අටවැනි කොටස අරගෙන තමයි ඔන්න අද ආවේ. හොදයි එහෙනම් වෙනදා වගේම කලින් කොටහේ උනේ මොනාද කියන එක මතක් කරගෙනම අපි කතාව බලමු..

ගිය සතියේ දැකගන්න ලැබුනා රිකාඩො ඩියැස්ව සිර ගත කරලා ඔලිවර් ක්වින්ව බේරගන්න ලෝරල් FBI එක්ක ආපු එකගතාවයට අනුව ඩියැස්ව ස්ලැබ්සයිඩ් බන්ධනාගාරය වෙත අරන් ගියත් ඩියැස් වෙනදා වගේම තමන්ගේ කූට බුද්ධිය උපයෝගී කරගෙන ඒකෙන් බේරුනා. හැබැයි මිනිහා ඒකෙන් බේරිලා පලා ගියේ නෑ. ඔලිවර්ව මරලා දාන්න කියලා හිතාගෙන ස්ලැබ්සයිඩ් බන්ධනාගාරය ඇතුළටම තමයි ආවේ. ඔලිවරුත් මේ ගැන ගාඩ්ලට කිව්වට මොකද ගාඩ්ලා ඒ කතාව තඹේකට ගණන් ගත්තේ නෑ. උන්දලා කිව්වෙම තමන්ට ඩියැස් ගැන බලාගන්න පුළුවන් කියලා. හැබැයි අපි දැක්කා ඔලිවර් ගාඩ්ලට විරුද්ධව යමින් ඩියැස්ව නවත්තන්න වැඩ කටයුතු කරන්න සූදානම් වෙනවා. කොහොමින්හරි ඩියැස් බන්ධනාගාරය ඇතුළට රිංගලා ගාඩ්ලා කීප දෙනෙක්ව මරලා බ්‍රික් සහ සැම්ප්සන් ඇතුළු අපරාධකාරයො කීප දෙනෙක්ව උසි ගන්නනවා ගාඩ්ලව මරන්න කියලා. ඒ වැඩෙත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා හා සමානව නැගලාම යනවා. කොහොමහරි ඔලිවරුත් තව පොඩ්ඩෙන් බ්රි ක් සහ සැම්ප්සන් දෙන්නා අතින් මැරුම් කනවා. ඔලිවර්ව බේරගත්තේ ටර්නර් ඇවිල්ලා කියලා මතක ඇතිනේ. එතනින් පස්සෙ මකරාට විරුද්ධව සටන මෙහෙයවන්නේ ඔලිවර් සහ ටර්නර් එකතු වෙලා. ටර්නර් ඔලිවර්ට උදව් කලේ තමන්ට හිරෙන් නිදහස් වෙන්න උදව් ලබාගන්න කියලා කට්ටියට මතක ඇතිනේ. ඒ දේවල් ඔහොම වෙද්දී මතකයිනේ ඔලිවර්ගේ යාලුවා ස්ටැන්ලි හීන් සීරුවේ ගේමක් ගහනවා. මිනිහා අහිංසකයා වගේ රගපෑවාට මොකද බලාන යද්දි හෙන දරුණු ඩයල් එකක් නෙව.කොහොමහරි ඔලිවර් සහ ටර්නර් දෙන්නා එකතු වෙලා බ්‍රික්, සැම්ප්සන් සහ ඩියැස්ව පරාද කරනු ලබනවා. සැම්ප්සන් හාදයනම් ටර්නර් අතින් මැරුම් කෑවා. ඔලිවර් ඉතින් වෙනදා වගේම ඩියැස් මරන්නෙ නැතුව ඉතුරු කරනවා. හැබැයි බ්‍රික්ට වෙන්නේ අවාසනාවන්තම සිදුවීමක් නෙව. මැරුම් කන්න උනේ ස්ටැන්ලිගේ අතින්.

ඉතින් ගිය සතියේ කතාව ඔය ආකාරයට ගලාගෙන යද්දි ඔන්න අද ඔලිවර් ක්වින් හිරෙන් නිදහස් වෙලා සතියකුත් ගතවෙලා ගිහින්. ඒ වගේම ස්ලැබ්සයිඩ්වල දැක්වූ වීර ක්‍රියාව හේතුවෙන් ඔහුව වීරයෙක් විදිහට සම්මානයට පාත්‍ර කරන්න යන්නෙ. හැබැයි අද අලුත් ග්‍රීන් ඇරෝ හිටිහැටියේම මිනී මරන්න ගන්නවා. ඒ වගේම මේ අලුත් ග්‍රීන් ඇරෝ කවුද කියන අභිරහසත් අද විසදෙනවා. ඒ වගේම අනාගතයේ ඉන්න විලියම් ඇතුළු පිරිස ගැනත් අද දැකගන්න ලැබෙනවා.හොදයි එහෙමනම් කතාව ගැන මීට වඩා යමක් කියන්න යන්නෙ නෑ. කතාවේ අන්තිම මිනිත්තු කීපයේ දැකගන්න ලැබෙනවා දෙසැම්බර් 9වැනිදා ආරම්භ වීමට නියමිත ක්‍රොසෝවර් කොටස් මාලාවේ යම් සිදුවීමක්. කොටස්වල පෙළ ගැස්ම හැදිලා තියෙන්නෙ ෆ්ලෑෂ්, ඇරෝ සහ සුපර්ගර්ල් ලෙස. එහෙනම් ලබන සතියේ ඔහෙලට මේ කොටස් තුනම බලන්න වෙයි ඔන්න.

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 290MB |  

Direct Download

| HDTV | x264 | 480p | 160MB |

  

| HDTV | x264 | SVA | 270MB |

| HDTV | x265 | 720p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Arrow [S07 : E08] | සෙවනැළි අතරින් ආලෝකයට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *