MENU

Arrow [S07 : E15] | නිවැරදි මංපෙත්!!

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 15වැනි කොටසත් පුළුවන් ඉක්මනටම වගේ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ වෙන්නෙ මොකද කියලා.

ඔන්න අද SCPD එක්ක වැඩ කරන ඔලිවර්, රෙනේ, ඩිගල් සහ ෆෙලිසිටි ඇතුළු කට්ටියට පොලිසියෙන් පුහුණුවක් ලබා දෙනවා. පුහුණුවේ තියෙන එක එක අංශවලින් ඉතින් පහසුවෙන්ම වගේ ඇරෝ කණ්ඩායම සමත් වෙනවා. මේ නිසාම මේ කට්ටියට මේක වස කම්මැලි වැඩක් වෙලා තියෙන්නේ. ආයේ ඉතින් ග්‍රීන් ඇරෝට මොන පොලිස් පුහුණුවක්ද? ඒ උනාට මේක නගරාධිපතිතුමියගේ අණක් නොවෑ. කොහොමහරි පුහුණුවෙන් පස්සේ පොලිසිය සහ ඇරෝ කණ්ඩායම ඒකාබද්ධව යනවා අවි ගනුදෙනුවක් වටලන්න. හැබැයි ඒක ඉවරයක් වෙන්නෙ වැඩේ දෙල් වෙලා.

ඉතින් ඔලිවර් ෆෙලිසිටි දෙන්නා තනියම ගිහිල්ලා වැඩේ කරන්න ගිහින් ආයෙත් වැඩේ අනාගන්නවා. ඒ වගේම අද අපේ දිස්ත්‍රික් නීතිඥවරිය ලෝරල් ලාංස්ට නිල වශයෙන් දැනගන්න ලැබෙනවා රිකාඩෝ ඩියැස්ගේ මරණය ගැන. ඒ වගේම තමයි ඩියැස්ව මැරුවේ කවුද කියන එක ගැනත්. අපිත් දැක්කානේ ඩියැස්ව මරන්න ආපු කෙනාව ඩියැස් පවා හොදින් දන්න කෙනෙක්. ඉතින් බලමු ඒ කෙනා කවුරු වෙන්න ඇත්ද කියලා ස්ලැබ්සයිඩ්වලටම ගිහිල්ලා ඩියැස්ව මරන්න තරම් හයියක් තියෙන්නේ.

ඔය අතරෙ අනාගතයේ ඉන්න අයියා නගෝ දෙන්නා ෆෙලිසිටිගේ පණිවිඩේ අහන්න පුළුවන් විදිහේ පරණ කැසට් ප්ලේයර් එකක් හොයනවා. විලියම් කොහොමින් හරි එකක් හොයාගත්තත් වෙළෙන්දා විලියම්ව අන්දනවා. ඒ සියලු බාධක ජයගනිමින් කොහොමහරි අයියා නගෝ දෙන්නා කැසට් ප්ලේයර් එක අරගෙන ෆෙලිසිටිගේ පණිවිඩේට සවන් දෙයිද කියලා බලමු එහෙමනම්.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 720p | 907MB |  

Direct Download

| HDTV | x264 | 480p | 163MB |

  

| HDTV | x264 | PHOENiX | 260MB |

| HDTV | x265 | 720p | 180MB |

| HDTV | x265 | 720p | 220MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Arrow [S07 : E15] | නිවැරදි මංපෙත්!!

  • 163mb thiyana file eka download kalata extract karanna beeeeee

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *