MENU

Arrow [S07 : E17] | සහෝදර ස්නේහයේ මුළාව…

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ දාහත්වැනි කොටස. මේ කොටසින් පස්සේ තවත් හත්වැනි කතාමාලාවේ එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් පහක් විතරයි. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටස ගැන මතක් කරනවානම් ගිය සතිය තනිකරම වෙන්වෙලා තිබ්බේ අනාගතයේ ස්ටාර් සිටිවල සිදුවීම්වලට. අපිට දැකගන්න ලැබුනා ඔලිවර් සහ ෆෙලිසිටිගෙ දියණිය මියා උපත ලබන අවස්ථාව. ඒ වගේම මියාව කුඩා කළ පටන්ම සටන්වලට පුහුණු කරවනවා. මියාට සටන් පුහුණු කළේ නසා අල් ගුල් කියලත් මතක ඇතිනේ. හැබැයි ඒකෙන් පොඩි ප්‍රශ්නයක් උද්ගත වෙනවා. නසා මියාට සටන් පුහුණු කරන්නෙ ඇයිද කියන කාරනාව? මොකද මියාගෙ උපත සිදුවන අවස්ථාවෙ හැර ඉන්පසුව කිසිම තැනක ඔලිවර් පේන්න හිටියේ නෑ වගේම ඔලිවර් ගැන සදහනක්වත් නෑ. ඉතින් ඇත්තටම ඔලිවර්ට මොකද උනේ?

ඒ වගේම ෆෙලිසිටිගේ සහ මියාගෙ සැගවුණු කම්මැලි ජිවිතයෙන් මියා කොහොමද බ්ලැක්ස්ටාර් බවට පත් උනේ කියන එකත් ගිය සතියේ කොටසෙන් දැක බලාගන්නට ලැබුනා. ඒ වගේම විලියම් සහ මියා ජෝන් ඩිගල්ගෙ පුත්‍රයා වන කොනර් හෝක් සමගින් ග්ලේඩ්ස්වලට ගිහිල්ලා ෆෙලිසිටිව මුදාගත්තා. එතැනදී කට්ටිය දකින්න මීයාගේ සටන් විලාශය. මියා සටන් කළේ තමන්ව පුහුණු කරපු නසා අල් ගුල් වගේම කිසිම හිතක් පපුවක් නැතුව සතුරාගේ ජීවිතය තොර කරමින්. එක විදිහකට බැලුවොත් ඔලිවර් මුල් කාලේ වගේ.

ඉතින් එතනින් ෆෙලිසිටිව බේරාගෙන කට්ටියම යනවා බෝම්බ ටික විනාශ කරන්න. ඒ යන අතරමගදී ඇරෝ කණ්ඩායම සහ සෝයිත් එකතු උනා. පස්සේ කොහොම හරි ග්ලේඩ්ස්වල නගරාධිපති රෙනේත් කට්ටියට උදව් කරනවා බෝම්බ පිපිරෙන එක නතර කරන්න. ඒ වගේම මතක ඇති අන්තිමට මියා ෆෙලිසිටිගෙන් අහනවා ස්ටාර් සිටිවල විනාශයට හේතුව ඔලිවර්ද කියලා. එතකොට ෆෙලිසිටි කිව්වේ ඒක එයා නිසා උන දෙයක් කියලනේ. ඉතින් අද කොටසින් අපිට දැක බලාගන්න පුළුවන් ෆෙලිසිටි ඒකට හේතු කාරනා නිර්මාණය කරන ආකාරය.

අද කොටහා ගැන කියනවනම් අද සිද්ද වෙන්නෙ ඇත්තටම කතාවේ කවුරුවත් නොහිතුව දෙයක්. කොටින්ම කිව්වොත් අද කොටසට මූලික වෙන්නෙ එමිකෝ. එමිකෝ කවුද කියන එකට උත්තර අද කොටසින් ලැබෙනවා. ඒ වගේම කතාවේ පළමු කතාමාලාවේ ඉදලම අපි හිතාගෙන හිටිය දෙයක් එහෙම නෙවෙයි කියලා අද දැනගන්න ලැබෙයි. එහෙනම් ලබන සතියේ හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහමෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 210MB |  

Direct Download

| HDTV | x264 | 480p | 130MB |

  

| HDTV | x264 | SVA | 230MB |

| HDTV | x265 | 720p | 170MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *