ඇරෝ හත්වැනි කතාමාලාවේ 20වැනි කොටස තමයි මේ අරගෙන ආවේ. ඉතින් මේකෙන් පස්සේ තවත් එන්න තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියේ කොටස ගැන කතා කළොත් අපි දැක්කා ගිය සතියේ නයින්ත් සර්කල් විසින් ෆෙලිසිටිගෙන් ආචර්ව හොරකම් කරගෙන යනවා. ඒ හොරකම් කරගෙන ගිහිල්ලා එයාලා බොහොම භයානක ජීව අවියක් හොරකම් කළා මතක ඇතිනේ. ඒ වගේම ගිය සතියේ කොටසින් ජෝන්ගෙ ජිවිතේ හැංගිලා තිබ්බ රහසක් ගැනත් හැමෝටම දැනගන්න හැකියාව ලැබුනා. ඒ තමයි ජෝන්ගෙ සුළු පියා වෙච්ච ජෙනරල් ස්ටුවර්ට්ව. ඉතින් මේ ජෙනරල්වත් අර කියපු අවිය හොරකම් කරන්න ඕන නිසා නයින්ත් සර්කල්වල ඉලක්කයක් උනා මතක ඇති. ඇරෝ කණ්ඩායම කීප වතාවක්ම නයින්ත් සර්කල් නවත්තන්න උත්සහ කළත් ආචර් නිසා ඒක කරගන්න බැරි උනා. අන්තිමේ ෆෙලිසිටි ආචර්ව විනාශ කළා මතකයිනේ.
ඒ වගේම ගිය සතියේ අනාගත සිදුවීම්වලින් දැක ගන්න ලැබුනා ෆෙලිසිටි ගැලැක්සිවන්වල රොබෝ භටයාගේ හෙල්මට් එකේ රහස් හොයාගන්න වෙර දරනවා. නමුත් ඒකට බල ඒකකයක් අවශ්‍ය වෙන නිසා ඒක හොයන්න මියා සහ කොනර් දෙන්නා පිටත්ව ගියා. අන්තිමේ මේ දෙන්නට ඒක හොයාගන්න ඩෙත්ස්ට්‍රෝක් කල්ලියට අයිති බල ප්‍රදේශයටත් යන්න උනා. මතකනේ ඒ කල්ලියේ නායකයා උනේ ජෝන් ඩිගල්ගෙ පුත්‍රයා වෙච්ච ජෝන් ජූනියර්. ඉතින් කොහොමහරි බැටරියත් අරගෙන ඇවිල්ලා හෙල්මට් එක ඔන් කළාම දැනගන්න ලැබුනා ඒ වගේ තව හමුදාවක්ම ඉන්න බව.
ඉතින් අද කොටස ගැන කියනවනම් ඔන්න අද ඇරෝ කණ්ඩායම ද්විත්ව ඝාතනයකට අහුවෙලා. කැප්ටන් ඩයිනා ඔලිවර්, ජෝන්, ෆෙලිසිටි, රෙනේ කට්ටියවම පොලිසියේ තියාගෙන ප්‍රශ්න කරනවා. හැබැයි මේ කට්ටියත් එක්ක තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආර්සනල් එහෙමත් නැත්නම් රෝයි හාපර්. එහෙමනම් රෝයි හාපර් කොහොමද ස්ටාර් සිටිවලට ආවේ? පොලිසිය ඇයි ප්‍රශ්න කරන්නෙ? මේ පාර මොන වගේ දෙයක්ද එමිකෝ කරන්නෙ කියලා ඔයාලම බලලා දැනගන්න.
එහෙනම් මම මෙතනින් නතර වෙනවා. එහෙමනම් ආයේ ලබන සතියේ… නෑ නෑ, ආයේ හෙට හෝ අනිද්දා THE 100 හයවැනි කතාසමයේ පළමු කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Torrents Download
Direct Download
| HDTV | x264 | 480p | 160MB |
| HDTV | x264 | SVA | 250MB |
| HDTV | x265 | 720p | 180MB | HEVC |