MENU

Arrow [S07 : E22] | අන්තිම වතාවට…?

මගේ නම ඔලිවර් ක්වින්.
මාස හයක් අපායක හිටියට පස්සේ,
මම හිරෙන් නිදහස් වෙලා ගෙදර ආවේ,
එක ඉලක්කයක් ඇතුව.. මගේ නගරේ බේරගන්න.
හැබැයි දේවල් වෙනස් වෙලා.
නීතියෙන් බාහිරව වැඩ කරනවා වෙනුවට,
මම දැන් පොලිසිය එක්ක එකතුවෙලා වැඩ කරනවා.

ඇරෝ හත්වැනි කතාමාලාවේ ආරම්භය ගැන පොඩි සමාලෝචනයක් කළොත් ඔබට මතක ඇති හයවැනි කතාමාලාව අවසානයේ රිකාඩෝ ඩියැස්ගෙන් නගරය බේරගන්න FBI සමග ගිවිසුම්ගත උන ඔලිවර් ක්වින් හිරේට ගියා කියලා. හිරගෙදර ජිවිතේ ඔලිවර්ට ඉතාමත් කටුක එකක් උනා. නමුත් ඒ සියලු බාධක මැඩලමින් නීතියේ සහය ඇතුව නීත්‍යානුකූල ලෙස හිරෙන් නිදහස් වෙන්නත් රිකාඩෝ ඩියැස්ව හිරගත කරන්නත් ඔලිවර්ට හැකියාව ලැබුනා මතක ඇති. නමුත් හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ ඔලිවර්ට ගත කරන්න උනේ වෙනස්ම ජිවිතයක්. ඔලිවර් කියන්නෙ ග්‍රීන් ඇරෝ කියලා හැමෝම දන්නවා, මේ හේතුව නිසා ඇතැමුන් ඔලිවර්ට ප්‍රිය කරද්දි බොහෝ පිරිසක් ඔහුට වෛර කළා මතක ඇති.

ඉතින් ඒ දේවල් වෙනස් කරන්න ඔලිවර්ට සිද්ද වුනා වෙනස්ම ආකාරයකට කටයුතු කරන්න. ඒ තමයි තනිව වැඩ කරනවා වෙනුවට පොලිසියට සහය වෙමින් ඔවුන් සමගින් වැඩ කරන එක. කොහොමහරි ඔලිවර් ඒ කටයුත්තත් ඉතාමත් සාර්ථකව කරගෙන ගියා. ගියවර කතාමාලාවේ ප්‍රධාන දුෂ්ටයා වූ රිකාඩෝ ඩියැස් මෙවරත් ඔලිවර්ගේ ජිවිතයට කරදරයක් කරාවිදැයි සිතුණත් ඩියැස්ගෙ ජීවිතය හමාර වීමත් එක්ක ඒ තර්ජනය නැතුව ගියා. නමුත් මෙවර ඔලිවර්ගෙ ජීවිතේට ආවේ ඊටත් වඩා ලොකු කරදරයක්, එසේම තර්ජනයක්. ඒ තමයි ඔහුගේ සුළු සහෝදරිය වෙච්ච එමිකෝ. ඉතින් එමිකෝගෙ ඒකායන අරමුණ වෙලා තියෙන්නෙ ඔලිවර්ගෙන් පලිගන්න එක. ඔලිවර්ගෙන් පලිගැනීමක් විදිහට මීට පෙර ආව හැම දුෂ්ටයෙක්ම කළා වගේ මේ එමිකෝත් කරන්න යන්නෙ ස්ටාර් නගරය විනාශ කරන එක. ඉතින් අපි දැක්කා ඇයව නතර කරන්න බොහෝ අවස්ථාවන්වල ඔලිවර් සහ කණ්ඩායම උත්සහ කළත් ඒ සියලු ප්‍රයත්නයන්

ව්‍යර්ථ වෙලා ගියා. ඉතින් අද බලාගන්න පුළුවන් වෙයි එමිකෝව නතර කිරීමේ ග්‍රීන් ඇරෝගෙ අවසන් ප්‍රයත්නය. පෙර කතාමාලාවන්වලදී අපිට ඔලිවර්ගෙ අතීතය ගැන තමයි එළිදරව් කළේ. නමුත් මෙවර කතාමාලාවෙන් අපිට දැකගන්න පුළුවන් වුනා ඔලිවර්ගෙ දරුවන්ගේ අනාගතය, හැබැයි මේ අනාගතයේදී ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් ග්‍රීන් ඇරෝ ඔවුන් එක්ක නෑ. කට්ටියට මතක ඇතිනේ විලියම් ලියෑන් යූවලට යනවා කෙනෙක්ව හොයාගෙන, මම හිතුවෙනම් එහෙ ඇරෝ ඉදියි කියලා නමුත් ඇත්තටම හිටියේ රෝයි හාපර් හෙවත් ආර්සනල්. ඊට පස්සේ මේ දෙන්නත් එක්කම ආයේ ස්ටාර් සිටිවලට එනවා ෆෙලිසිටිව හොයාගෙන. ඒ ආවහම දැනගන්න ලැබෙනවා ෆෙලිසිටි මැරිලා කියලා, ඉතින් ෆෙලිසිටි මැරුණේ කොහොමද කියලා හොයාගෙන යද්දි බ්ලැක්ස්ටාර් කියලා කෙල්ලෙක් වෙතට යොමු වුනා මතක ඇති. අන්තිමේ බලද්දී ඒ හිටියේ ඔලිවර්ගෙයි ෆෙලිසිටිගෙයි දුව. ඉතින් අනාගත සිදුවීම්වලදිත් ස්ටාර් නගරය විනාෂ වෙලා ගිහින්. ඒකෙන් පේන්නේ එමිකෝගෙ සැලැස්ම හරිගිහින් කියලද? ඒ වගේම අනාගතයෙදිත් සමාජ ආරක්ෂකයන්ව නීතියෙන් තහනම්. ඔවුන්ව දඩයම් වෙනවා. හැබැයි ස්ටාර් සිටි විනාශ වෙලා තියෙද්දී ග්ලේඩ්ස් දියුණු වෙලා. ඒ වගේම එහෙ ඉන්න අය තමා හැමදේම තීරණය කරන්නෙ කියලා මතක ඇතිනේ.

ඉතින් අද වෙන දේවල් ගැන මම මොකුත්ම කියන්න යන්නෙ නෑ. අවසාන කොටස කුතුහලයෙන් යුතුව බලන්න එපැයි. ඒ වගේම කියන්න ඕන මේ හත්වැනි කතාසමයේ අවසාන කොටස. හැබැයි බයවෙන්න එපා දැනටම දැනුම් දීලා තියෙන විදිහට අටවැනි වගේම අවසාන කතාසමය ඉදිරි ඔක්තෝම්බරයෙදි නිකුත් වීමට නියමිතයි. හැබැයි ආරංචි විදිහටනම් ඒකෙ කොටස් දහයයි තියෙන්නෙ ඔන්න. ඉතින් මටනම් ඒකට උපසිරසි ගේන්න බැරිවෙයි. කොහොමත් බයවෙන්න එපා මට බැරි උනත් බයිස්කෝප් අඩවියෙන් ඒකට අනිවාර්‍යයෙන්ම උපසිරසි ලැබේවි. ඉතින් කාටහරී අදහසක් දක්වන්න තියෙනවනම් අද තමා අන්තිම දවස ඈ.

 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 190MB |  

Direct Download

| HDTV | x264 | 480p | 150MB |

| HDTV | x264 | SVA | 270MB |

| HDTV | x264 | 720p | 930MB |

| HDTV | x265 | 720p | 190MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *