තකන බොහෝ දුර්මතයන් අතරින්
සෑම ජීවියෙක්ම සමානව නිර්මාණය වෙලා
තියෙනවා කියලා සැළකීම මිත්‍යාවක්.
සත්‍යයනම්, වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සිටිනවා.
ඔවුන්ට කියන්නෙ වීරයෝ කියලා.
නමුත් වීරයෝ අතර පවා,
විවිධ මට්ටම් තිබෙනවා.
ඉහළම අය වෙන්නෙ උතුම් ආදර්ශ සපයන අය.
ඔවුන් තමයි සෑම නිර්මාණයකම එකම අපේක්‍ෂාව.
පසුගිය කතාමාලාවේ මොකක්ද උනේ කියලා මම සම්පූර්ණ විස්තරයක් කරන්න අපේක්‍ෂාවක් නෑ. මොකද ඉතින් ඕක නොබලපු අය කොහොමත් මේක බලන්නෙ නෑනේ. ඉතින් පසුගිය කතාමාලාවේ දකින්න ලැබුණු විශේෂ චරිතයක් තිබුනා මොනිටර් කියලා. ඔහුව මුලින්ම දකින්න ලැබුනේ පසුගිය කතාසමයේ ක්‍රොසොවර් කොටස් තුළින්. නමුත් මේ මොනිටර් පැමිණ ඔලිවර්ට පවසනවා අනාගතයේ යම් ව්‍යසනයක් සිද්ධවීමට නියමිත බවත් එයින් ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් ග්‍රීන් ඇරෝ මියයන බව. සැබවින්ම ඔහු මේ පවසන්නෙ CRISIS OF INFINITE EARTHS ගැන එසේත් නැත්නම් දන්න සිංහලෙන් කිව්වොත් අපරිමිත ලෝකයන්ගේ ව්‍යසනය කියලා කියමු.
ඉතින් මේ මොනිටර්ගේ ඉල්ලීම මත ඔලිවර් ඔහුත් සමග මල්ටිවර්ස් එකට පිටත් උනා. නමුත් ඔහුගේ මේ අතුරුදන් වීම ගැන ෆෙලිසිටි හැරෙන්නට වෙන කිසිවෙක් දන්නේ නෑ. අනිත් හැමෝටම ඔලිවර් ක්වින් මියගිය පුද්ගලයෙක් බවට පත් උනා. පහුගිය කතාමාලාවේ මොනිටර් ඔලිවර්ව එක්කන් ගියේ මොකටද කියන කාරණාව ප්‍රශ්නාර්ථයක් හැටියට ඉතුරු උනා. නමුත් මෙම කතාසමය ආරම්භය එනම් මේ පළමු කොටසින්ම එම ප්‍රශ්නාර්ථයට යම් පිළිතුරක් ලැබුනා කියලා හිතන්න පුළුවන්. මොනිටර් ඔලිවර්ව එක්කන් ගිහිල්ලා තියෙන්නෙ ව්‍යසනය නතර කිරීම සදහා උදව් ගන්න. ඒ සදහා ඔහුව මල්ටිවර්ස් එකේ විවිධ ලෝකයන් වෙත යවමින් මොනිටර් යම් සැලැස්මක නිරත වෙනවා.
ඉතින් අද කොටසේ සිද්ධ වෙන දේවල් ගැනනම් කියන්න යන්නේ නෑ. නමුත් මෙය නරඹන විට ඔබට ඇරෝ පළමු කතාමාලාවේ ඒ මතකයන් අලුත් වේවි. හොදයි එහෙමනම් මෙච්චරයි කියන්න තියෙන්නෙ.
ඔබ සැමට ජයෙන් ජය!
Torrents Download
Direct Download
| WEB | x264 | 480p | 160MB |
| WEB | x264 | 720p | 300MB |
5 thoughts on “Arrow [S08 : E01] | වීරයෝ…”
Ben 10 tv series eka denna berida???
Ow dennko
machan ubala arrow/ flash eke sinhala sub damma unata direct link dana eka nawaththapan bn… dan arrow flash dekama man gaththa dekema sub set wen ne….
sub ekata oyala deepu link eke copy eka set na.
Batwoman sub dennako aiye……