MENU

Arrow [S08 : E06] | නැවත නැවතත් එකම දේ!

කොහොමද හැමෝටම…මේ අරගෙන ආවේ Arrow අටවෙනි කතා සමයේ 6 වෙනි කොටස. මෙච්චර කාලයක් මේ කතාමාලාව ඇදගෙන ආවේ අපේ නිලපුල් අයියා. ඒත් ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇතුළු වෙනත් කාර්‍යබහුලත්වය නිසා ඔහුට මාස කිහිපයක් උපසිරසිකරණයෙන් ඈත් වෙන්න වෙනවා. ඒ නිසා මගෙන් මේ එන්න තියෙන කොටස් පහ කරලා දෙන්න කියලා හසන්ත අයියයි, නිලපුල් අයියයි ඉල්ලපු නිසා බෑ කියන්න බැරි නිසා භාරගත්තා. තවත් හුගක් වැඩ තියෙද්දි තමා මේක භාරගත්තේ කොටස් පහක් පමණක් තියෙන නිසා. අනික තමා මම මේ කතාව සීසන් තුනෙන් පස්සෙ බලලත් නෑ, ඒ නිසා වචන වල හරි වෙන මොකක් හරි වරදක් තිබ්බොත් ඒ ගැන සමාවෙන්න කියලත් කියන්න ඕන, අනික මට එන දවසෙම උපසිරසිය ගේන්න පුළුවන් කමක් තියේද කියන්න බෑ, උපරිම උත්සහ ගන්නම්, ඒත් පරක්කු වුනොත් ටිකක් ඉවසා වදාරන්න වේවි. මට කරන්න දෙයකුත් නෑ මොකද තව වැඩ ගොඩක් තියෙද්දි මේක කරන්න ගත්තේ. එහෙනම් වැඩි කතා ඕන නෑ හැරෙමු කතාව පැත්තට.

පෙරකොටසින්…

කලින් කොටසෙදි ඔලිවර් එයාගේ පුතාගේ උදව්වෙන් හොයාගන්නවා මොනිටර්ව පරද්දන්න පුළුවන් ආයුධයක් හදන්න පුළුවන් විදිහේ සැලසුමක් තියෙනවා කියලා බරෝව් කියන ජෙනරාල් වරයා ගාව. ඒ නිසා ඔලිවර්, ලෝරල්, මියා සහ විලියම් යනවා රුසියාවට ඒ සැලසුම් අරගෙන එන්න, රුසියාවේ ඉන්න ඔලිවර්ගේ මිත්‍රයා ඔවුනට එහෙදි හුගක් උදව් කරනවා, ඒ වගේම එහේදි ඔලිවර්ගේ පරන සංගමයෙන් කරදර වලටත් අහුවෙන්න උනා කට්ටියට, කොහොමහරි අවසානේ සැලසුම් ගන්න පුළුවන් වෙනවා. ඒ අතරේ ජෝන් යනවා රෝයිව හම්බුවෙන්න, ගිහිල්ලා එක අවසාන මෙහෙයුමකට උදව් ඉල්ලගන්නවා. මෙහෙයුම අවසානේ රෝයි කැමති වෙනවා ටික කාලයක් කණ්ඩායම සමග ඉන්න. ඒ අතරේ ලෝරල්ට මොනිටර් කිව්වා වගේ ඔලිවර්ට පිටුපාන්න ලෝරල් කැමති වෙන්නෙ නෑ. ඒ නිසා ලයිරා මොනිටර්ගේ පැත්තේ කියලා ඔප්පු කරනවා ඔලිවර් සහ ජොන්ව එක්කගෙන යනවා ලයිලව හම්බුවෙන්න, එතනදි ඒ තුන්දෙනාවම සිහි නැති කරනවා.

අද කොටසින්…

අද කොටසින් බලාගන්න පුළුවන් ජෝන්,ලෝරල් සහ ඔලිවර්ට සිහි නැති වීමෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා, අද අපිට ලාන්ස්ව දැකගන්නත් පුළුවන්, ඒ කොහොමද කියලා බලන්නකෝ, ඒ වගේම මොනිටර් කියන්නේ ඔලිවර් හිතාගෙන ඉන්න කෙනා නෙමෙයි කියලත් අද දැනගන්න ලැබෙනවා. එහෙනම් වැඩි කතා ඕන නෑ අරගෙන බලන්න. හෙට SEE තුලින් හමු වෙන තුරු ජය වේවා…!!!

___ ____

අද කතාවේ නම “Reset “
අධ්‍යක්ෂණය: David Ramsey
ලිව්වේ: Greg Berlanti
විකාශනය වුනේ: 2019 නොවැම්බර් 26
මීලග කොටසින්: Purgatory | 2019 දෙසැම්බර් 03

 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SD | 234MB |  

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDTV | x264 | SD | 234MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 177MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Arrow [S08 : E06] | නැවත නැවතත් එකම දේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *