MENU

Ascension (TV Mini-Series 2014) [S01 : E04] | ක්‍රිස්ටා

කට්ටිය හොදින් ඉන්නවද? ඔන්න එහෙනම් ඇසෙන්ෂන් එකේ හතරවෙනි කොටසත් අරගෙන ආව. මේ කලින් කොටස් දිහා හැරිලා බැලුවොත් අපි දැක්ක ascension එක ඇතුලේ මිනීමැරුමක් වෙනව. කැප්ටන් යානාවේ දෙවනියට බාරදෙනවා මිනීමැරුම ගැන පරීක්ෂණය කරන්න.ඔය අතරේදී අපිට දැනගන්න පුළුවන් වෙනවා නේ ascension කවදාවත් ගුවන් ගත කරලා නෑ කියල. මේ දක්වා බලපු කතාවේ මුලික හරය මේ ටික නේ, එහෙනම් පහුගිය කොටස ගැන කතාකරල ඉමු. ගල්ට් තමන් කරපු විමර්ශනය ගැන විශ්වාසෙකින් නෙමෙයි ඉන්නේ, එයා ඔෆිලියාට කියනවා නේ වා අගුලේදී වුන සිදුවීම එක්ක ස්ට්‍රොක්ස් ගැන තිබ්බ සැකය නැතිවෙලා යනව කියල මොකද ස්ට්‍රොක්ස් කවදාවත් වෙඩි තියන්න දැනගෙන ඉදල නෑ. කතාව පටන්ගන්නෙම බෝම්බයක් පුපුරලා නේ පස්සේ ඒ බොම්බේ තිබුන කාමරේ බිත්තියේ ලියල තියනව “No Future” කියල වාක්‍යක්, මතක ඇති මේකට සම්බන්ද දෙයක් තිබ්බ දෙවැනි කොටසේදී. ගල්ට් තුයි වැන්ඩහාස් තුයි ලෝරලයිව මරල දාපු උමග හොයාගත්ත වෙලාවේ එතනත් ලියල තියනව NF (No Future) කියල, කොහොම හරි පස්සේ නෝරා ජේම්ස් ගෙන් දැනගන්නව නේ No Future කියන්නේ පහල තට්ටුව්වල භාවිතා වෙන ඉගියක් කියල. ඔය අතරේ නෝරගෙයි ජෙම්ස්ගෙයි අතර සම්බන්දෙ ටික ටික වැඩෙනව දකින්නත් පුළුවන්. ඒක නිසාම තමයි ජේම්ස් නිලදාරීන් පුහුණු කිරීමේ පාසලට බැදෙන්නේ ගල්ට් ගේ මාර්ගයෙන් නේ එකට එයා ලෝරලයි හංගගෙන හිටිය ටේප් ඒක පාවිච්චි කරා මතක ඇති. කොහොම හරි පිපිරිම ගැන හොයන්නෙත් ගල්ට් පස්සේ මේ පිපිරිම වලට සම්බන්ද කෙනා ඩ්වයිට් කියල හොයාගන්නව නේ. ඩ්වයිට් කියන්නේ ස්ට්‍රොක්ස් ගේ හිමිකම් නොකිව දරුවා , එයා ස්ට්‍රොක්ස් ගේ මරණේ පලිය ගන්න හදන්නේ යානාවේ තැනින් තැන බෝම්බ පුපුරුවල. කොහොම හරි අන්තිමට ගල්ට් එයාවත් නවත්තනව. පහුගිය කොටසේදී අපිට පැහැදිලි විස්තරයක් බලාගන්න පුළුවන් වුනා අවුරුදු විස්සකට කලින් යානාවේ වුනා කියන පිපිරිම ගැනත් ගල්ට් ගේ අතීතය ගැනත්. යානාවේ ඇතුලේ මේ සිද්දි ටික වෙනකොට යානාවෙන් එලියේත් හොද හොද සිද්දි සිද්ද වුනා නේ. වෝරන් ට ඩොක්ටර් එන්ස්මන් ගැන සැක හිතිල එයාව අදීක්ෂණය කරන්න වෙනම කෙනෙක් එවනවා, හැබැයි මේ එවන කෙනයි (කෘගර්) ඩොක්ටර් එන්ස්මන්තුයි අතරේ ලොකු හිත හොද කමක් ඇතිවෙන්නේ නම් නෑ. කෘගර් ටිකෙන් ටික ඩොක්ටර් එන්ස්මන් බොරු කරනව කියල හොයාගන්නව නේ, ඒත් අපිට දැනගන්න හම්බවෙනවා වෝරන් ගේ ඇත්ත වුවමනාව ඩොක්ටර් එන්ස්මන් ගැන හොයනවට වඩා ascension ඒක ඇතුලට තමන්ගේ කෙනෙක් ව දාගන්න එක කියල. ඔය ඔක්කොම විස්තර අතරතුර ascension එකේ ඇත්ත අරමුණත් අපිට දැනගන්න පුළුවන් වුනා නේ අවසානයටම තව අපුරු දෙයක් සිද්ද වුනා ජුලියට් ගේ නැතිවුන මාලේ ඩොක්ටර් එන්ස්මන් අරන් ගිහින් එයාගේ නෝනට දෙනව දකින්න ඇති නේ. ඒ කියන්නේ යානාව ඇතුලේ එන්ස්මන්ගේ මිනිහෙක් ඉන්නවා කියන එක. පහුගිය කොටසේ ප්‍රධානවම වුනේ මේ ටික නේ.

අද කොටසෙදි ලොකු අවධානයක් දීල තියෙන්නේ ක්‍රිස්ටාට (ලෝරලයි මැරිලා ඉන්න කොට හොයාගත්තු ගෑනු ළමය). ඔයාල දැනටමත් දන්නව නේ එයා ටිකක් අමුතු කෙනෙක් කියල. මේ කොටසෙන් ක්‍රිස්ට ගැන තියන ප්‍රශ්න වලට ගොඩක් උත්තර ලැබේවි. යානාව ඇතුලේ ඉන්න එන්ස්මන් ගේ හවුල්කාරය ගැනත් දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් කතාව බලන්නකෝ අනිත් කොටසෙන් හමුවෙමු.

 

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HD | x264 | 720p | 3.3GB | Complete |

  B734CB9AA9985B7298E495E5A62F2669987244B1

Direct Download    

| HD | 720p | x264 |  527MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *