MENU

Ask Laftan Anlamaz [S01 : E06] | යදම් දමා සිර කල හැකිද මේ ආදරය

පොඩ්ඩක් පරක්කු වුනා නේද.. මම හිතනව ඒකට ඔයාලගෙන් සමාව ලැබෙයි කියල. පස් වන කොටස ගැන මතක් කරන්න කලින් මාව දිරිමත් කරන සියළු දෙනාටම මම ස්තූතියි කියනව. ඒ අදහස් මට මහ මෙරක් තරම් විශාලයි. ටිකක් සංවේදී වුනාද මන්ද.

එහෙනම් අපි බලමු ජර මර ගොඩක් වුන පස් වෙනි කොටසෙ මොකද වුනේ කියල.. සතියකට වඩා කාලයක් ගිහිල්ල නිසා කට්ටියට අමතකත් වෙලා ඇතිනෙ.. මතකනෙ ගිය කොටස පටන් ගත්තෙ හයාත්ගෙ කදුළු වලින් කියල.. ඒ මුරාත් කරපු වැඩේ නිසයි. හයාත් දුවගෙන ආවෙ සෙන්ක්ගෙන් එයාට වුන කරදරය ගැන මුරාත්ට කියන්න. ඒත් දිදෙම්ගෙ අතේ එල්ලිලා ඉන්න මුරාත්ව දකින හයාත්ට එයාගෙ කදුළු පාලනය කර ගන්න නොහැකි වෙනව. කොහොමින් කොහොම හරි දොරුක්වත් ඇදගෙන ඉක්මනින්ම එතනින් පිටත් වෙන හයාත්ගෙන් එයාගෙ දුකට හේතුව දැන ගන්න දොරුක් සමත් වෙනව. ඒත් හයාත් දොරුක්ව පොරොන්දු කරගන්නව මේ රහස කාටවත් නොකියන ලෙස.. මතකද හයාත් මුරාත් ගැන දැක්ක හීනය.. එක මොහොතකට අපිත් හිතනවනෙ දැන්නම් ඔක්කොම කරදර ඉවර වෙයි කියල. මේ අතර දිදෙම්ගෙ උපන්දින පාටියේදි දිදෙම් නිකන් ඉදල නෑ.

සෙන්ක් එක්ක එකතුවෙලා දිදෙම් මුරාත් එකට ඉන්න ඡායාරූප කීපයක් මාධ්‍යයේ පළකරන්න දිදෙම් සමත් වෙනව. මුරාත්ගෙ අත්තම්මගෙ මාර්ගයෙන් මේ ගැන දැනගන්න මුරාත් හොදටම කලබල වෙනව. දිදෙම්ගෙන් ඒ ගැන ඇහුවත් දිදෙම් ඒකෙන් ලස්සනට ගැලවෙනව. ඒ වගේම දිදෙම් හයාත්ට එවන මල් පොකුර මතක ඇතිනෙ. ඒකෙ මූලික අරමුන වෙන්නෙ හයාත් හා සෙන්ක් අතර සම්බන්ධයක් තියෙනව කියල මුරාත්ට ඇගවීමයි. මේ අතර හයාත්ට හොද ස්වාමිපුරුෂයෙක් හොයන් යන ගමනෙදි හයාත්ගෙ අම්මට කෙරෙම්ව මුනගැහෙනව. මේකෙදි වැඩියෙන්ම අමාරුවේ වැටුනෙ අස්ලි කියල මතක ඇතිනෙ. මේ අතර දිදෙම් හා මුරාත් අතර සම්බන්ධයක් තියෙනව කියල දැනගන්න අසීමේ අත්තම්ම දිදෙම්ට එයාගෙ ගෙදරට එන්න කියනව. දිදෙම්ගෙ අපූරු තේ හැදිල්ලත් පෑන් කේක් හැදිල්ලත් කොහොමද. ඉපෙක්ගෙ ආදර කතාවෙදි ඉපෙක් හා කෙරෙම් අතර එකගතාවයක් ඇති කරගන්නව. ඒ මාසයක් දෙන්නගෙ සම්බන්ධය පවත්වගෙන යන්න. මේක සමරන්න කෙරෙම් බෝතලකුත් අරගෙන මුරාත්ගෙ ගෙදර යනව. එහිදි දොරුක් සම්බන්ධ වෙනව එයාලට.

මේ අතර මුරාත් දැනගන්නව මුරාත්ගෙ ඡායාරූප මාධ්‍යයට ප්‍රසිද්ධ කෙරුවෙ සෙන්ක් කියල. මේකෙන් කෝපයට පත්වෙන මුරාත් සෙන්ක්ව හොයාගෙන යනව. ඒකට කෙරෙම් දොරුක් පවා සහයෝගය පල කරනව. ඒ අතර මගදි දොරුක් හයාත්ට සිදුවුන කරදරය මුරාත්ට කියනව. මේකෙන් මුරාත්ගෙ කෝපය දෙගුන තෙගුණ වෙනව. මතක ඇතිනෙ මුරාත් සෙන්ක් අතර ඇතිවෙන කෝලාහලය. මේ කිසිවක් නොදන්න හයාත් අස්ලිව හමුවෙන්න එයා රාජකාරි කරන රෝහලට පැමිනෙනව. මේ අතර රෝහලට කඩා පාත්වෙන මුරාත්ව දකින හයාත් හොදටම කලබල වෙනව. පස් වෙනි කොටස අවසන් වෙන්නෙ හයාත් මුරාත් වෙන්වීමට තිතක් තියන බව පෙන්වමින්, හරිම ආදරණීය අවසානයකුත් එක්ක. අද කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි හොදටම ගුටි කාපු සෙන්ක් මුරාත්ට මොකද කරන්නෙ කියල.. ඒ වගේම දිදෙම්ගෙ තවත් සාහසික සැලැස්මක් අද ක්‍රීරියාත්මක වෙනව. ඒකෙන් හයාත් ගැලවෙයිද කියල දැනගන්න අද කොටස බලන්නම වෙනව. ඒ වගේම හයාත් මුරාත් අතර තවත් තරගයක් අද බලාගන්න පුළුවන් වෙයි. ඒක දිනන්නෙ කවුද? ඒක දිනල මොනවගේ දෙයක් ඉල්ලයිද කියල දැනගන්න අද කොටස බලන්න. එහෙනම් මේ ඔක්කොම දැන ගන්න අපිත් එක්ක එකතුවෙන්න කියල ආරාධනා කරන ගමන් මම සමුගන්නව. නැවත හමුවන තුරු ඔබ සැමට සුබ දවසක්

Direct Download

| WEB-DL | x264 | 240p  | 270MB |

 

| WEB-DL | x264 | 540p | 615MB |

 

| WEB-DL | x264 | 720p | 800MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Ask Laftan Anlamaz [S01 : E06] | යදම් දමා සිර කල හැකිද මේ ආදරය

  • ashan lankanath

    Thanks ………………good luck ……………………………………………..@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • aiiii machooo parakku unee…

    Reply
  • krishantha

    Thank You………………

    Reply
  • Mcn meke episode 31k tiyenawa. Ekmanata link diyanko machoooo

    Reply
    • Imesh lakshan

      link denna subtitls denna one saho

      Reply
  • Sithija Pradeepa

    meke 480p 720p link 2ma expire wela saho
    E05 eketh 720p link eka expire wela
    update karanna puluwannm loku deyak <3

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *