MENU

Ask Laftan Anlamaz [S01 : E10] | දිදෙම් කොටු වෙයිද?

පිරුනු කම්මුල් තියෙන, හැඩකාර, කටකාරි හයාත්.. මහමෙර ඔලුව උඩ තියාගෙන වගේ කොයි වෙලාවෙත් සීරියස් පිට ඉන්න, ආඩම්බරකාර හැන්ඩියා මුරාත්.. ඔන්න එහෙනම් මේ අපූරු යුවලගේ ආදර අන්දරයේ දසවෙනි කොටසටත් ඇවිත්. මතක ඇතිනේ කලින් කොටසේ මොකද වුනේ කියලා? අද මොනවද වෙන්න යන්නේ කියලා කියන්න කලින්, කෝකටත් එදා මොකද වුනේ කියලා මතක් කරගෙන ඉමු.

මුරාත්, හයාත්ට කිව්වා එයා කිව්වේ බොරුවක්, එයා ආදරේ කරන්නේ දිදෙම්ට කියලා. හයාත් ඒක විශ්වාස කරා. දුක දරා ගන්න බැරි වුන තැන හයාත් කෙරම්වත් අමතක කරලා පයින්ම ඇවිදගෙන ගියා. එහෙම යද්දී හයාත් වාහනේක හැපෙන්න යනවා. ඔන්න එතකොට තමයි ඩොක්ටර් වොට්සන්, ෂර්ලොක් එක්ක ඇවිත් හයාත්ව බේර ගන්නේ. කොහොමින් කොහොමහරි හයාත් ගෙදරට ගොඩ වුන පමාවට හයාත්ගේ අම්මට, එයාව අහු වෙනවා. මෙච්චර රෑ වෙලා කොහේ ගියාද කියලා අම්මා අහන ප්‍රශ්නෙට හයාත් ගාව උත්තරයක් තිබුනේ නැහැ. දුකයි, තරහවයි, අසරණකමයි එකට එකතු වෙලා හයාත්ගේ කටින් හයාත්වත් හිතන්නෙ නැති තරම් දරුණු වචන ගොඩාක් පිට වෙනවා. ඒ වචන වලින් හයාත්ගේ අම්මගේ හිත හොඳටම පෑරෙනවා. කොහොමටත් අම්මා කෙනෙක්ටයි, දුවෙකුටයි තරහා වෙලා ඉන්න බෑනේ, දෙන්නා ඊලඟ දවසෙම යාලු වෙන හැටි මතක ඇති.

හයාත්ට නම් දුක කියන්න අස්ලි, ඉපෙක් දෙන්නා ඉන්නවා. ඒත් අපේ ආඩම්බරකාර, හිතේ තියන දේ ලේසියකට පිට කරන්නේ නැති මුරාත් එයාගේ හිතේ තියන දුක කියන්නේ කාටද? එයාටත් දුක දැනෙනවා, එයාටත් හයාත්ට වගේම කෑ ගහලා අඩන්න ඕනේ. ඔන්න ඒ වෙලාවේ තමයි මුරාත්ගේ ආච්චි මුරාත් ගාවට එන්නේ. ආච්චි අම්මා, මුරාත්ගේ හිතේ තියන දුක තේරුම් ගන්නවා විතරක් නෙවෙයි පුලුවන් තරම් දිදෙම්ව, මුරාත්ගෙන් ඈත් කරලත් තියා ගන්නවා. ඒ උනාට මොකද, දිදෙම් නම් උත්සාහේ අතාරින පාටක් නෑ. එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා කියලා කියනවා වගේ දිදෙම්ටම හරියන නැන්දම්මා කෙනෙකුත් දිදෙම්ට ලැබුනනේ. ඩෙර්‍යායි, දිදෙමුයි එකතු වෙලා තමයි දැන් ප්ලෑන් ගහන්නේ. කපටි මොළ දෙකක් එකතු වුනාම මොනවයින් මොනවා වෙයිද?

ඒ අතරේ ඉපෙක් එයාගේ තාත්තගෙන් සල්ලි වගයක් ඉල්ලුවා. ඒත්, තාත්තා දැක්වුවේ නම් හොඳ ප්‍රතිචාරයක් නෙවේ. ඉපෙක්ගේ කම්මුලට පවා ගැහුවා දකින්න ඇතිනේ. එහෙව් මනුස්සයා මේන් ඉපෙක්ට කතා කරලා හරි ආදරෙන් සල්ලි දෙනවා. බැලින්නම්, ඒ සල්ලි ඉපෙක්ගේ තාත්තට දීලා, මේ සේරම රහසක් විදියට තියා ගන්න කියලා කියලා තියෙන්නේ කෙරම්! කෙරම්ගේ ආදරේ ගැන නම් ආයි කියලා වැඩක් නෑ. කෙරම් හිතේ තියන ආදරේ කිසිම පැකිලීමක් නැතුව පෙන්නද්දී, මුරාත් හිතේ තියන ආදරේ හංගගෙනම ඉන්නවා. කවදා නම් ඒ ගොළු හදවත කතා කරයිද?

ඔය අතරේ ෆාදික් – කමුරාක් ප්‍රේම කතාවත් අති සාර්ථක විදියට තිරගත වෙනවා. කමුරාක් ෆාදික්ගේ ගෙදර ඇවිත් කොයි තරම් දක්ෂ විදියට පයිප්පේ හැදුවද කියලා මතක ඇතිනේ.

කතාවේ අන්තිම වුනේ බොහොම හොඳ ආරංචියකින්. ඒ තමයි දිදෙම්ට ආව දුරකතන ඇමතුමක්. ඒකෙන් කියවුන හැටියට දිදෙම් තාම ගැබ් අරගෙන නෑ. හැබැයි දිදෙම් හදන්නේ ඉක්මනින්ම ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න. හැබැයි, ඇමතුමට කතා කරලා හැරිලා බලද්දී මුරාත් ඉන්නවා දැකලා දිදෙම් කොටු වුනාදෝ කියලත් හිතුනා නේද? මුරාත්ට සේරම ඇහුනද? දිදෙම්ගේ බොරුව අතටම අහු වෙයිද? ඔන්න අද බලාගන්න පුලුවන් දිදෙම්ගේ බොරුවේ සම්පූර්ණ විස්තරේ. දිදෙම්ගේ පැත්තට ඩෙර්‍යා ඉන්නවා වගේ හයාත්ගේ පැත්තට මුරාත්ගේ ආච්චි අම්මා ඉන්නවා. ඒ නිසාම හයාත් – මුරාත් දෙන්නා ආයිත් එයාලගේ ලස්සන ආදරේ විඳින්න ගන්නවා. හැබැයි ඒ සතුටටත් වැඩි ආයුෂ නැති පාටයි. අවසානයේ සේරම විසඳීගෙන එද්දී ඩෙර්‍යාගේ කපටි මොළෙන් හිතා ගන්නවත් බැරි ප්ලෑනක් ගහනවා. එහෙමනම්, දිදෙම් කොටු වෙයිද? ඩෙර්‍යා ගහන ප්ලෑන මොකක්ද? කියලා අද කොටස බලලම හොයා ගන්නකෝ.

ගිහින් එන්නම්. හයාත් – මුරාත් සුන්දර ආදර අන්දරය වෙනුවෙන් දිගටම අපිත් එක්ක ආදරයෙන් රැඳී ඉන්න.

ලිපිය- හෙළිලි හේමමාලි

Direct Download

| WEB-DL | x264 | 720p  | 790MB |

 

| WEB-DL | x264 | 540p | 590MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Ask Laftan Anlamaz [S01 : E10] | දිදෙම් කොටු වෙයිද?

  • Chamal Bandara

    Ayyo sub aka ona tug gala akawara 2kwath danna barida

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *