MENU

Ask Laftan Anlamaz [S01 : E12] | තාමත් ආදරේ නැත්තම්!!

ලිපිය- හෙළිලි හේමමාලි

අම්මෝ… 12 දාලා කියලා දැක්ක ගමන් මූණට ආව හිනාව! ප්‍රතිචාර වලින්ම පේනවා කට්ටිය කොයි තරම් මේ ආදර කතාවට ආදරේ කරනවද කියලා. ආදරේ වචන වලින් කියන්න දඟලන මේ සුන්දර ආදරය වෙනුවෙන් හැමදාමත් ආදරයෙන් බලා ඉන්න ඔයගොල්ලෝ තමයි, බයිස්කෝප් අඩවියේ ඉන්න ආදරණීයම රසික රසිකාවියෝ. ඉතින්, වෙනදා වගේම පහුගිය කොටස මතක් කරලම අද කොටස ගැන අපේ ආදරණීය යාලුවොන්ට කියන්නයි මේ ලෑස්තිය. 12 බලන්න කලින් 11 මොකද වුනේ කියලා මතක් කරගෙනම හිටියොත් හොඳයිනේ?

කට්ටියට මතකද දන්නේ නෑ, මුරාත්ට කෝල් එකක් ආවා නේජාත්ගෙන්. ඒකෙන් කියවුනේ දිදෙම්ගේ දරුවා ගබ්සා වෙලා කියලා. ඉතින්, ආරංචිය දැන ගත්ත ගමන් මුරාත් ඉස්පිරිතාලෙට දුවන් යනවා. මුරාත් විතරක් නෙවෙයි, මුරාත්ගේ පවුලම එතන. දිදෙම් බොහොම දක්ෂ විදියට එතනදි රඟපානවා. ඒ රඟපෑම කොයි තරම්ද කියනවා නම් මුරාත් සෑහෙන දුකට පත් වෙනවා, ඩේර්‍යා ඒ කිව්වේ මුරාත්ගේ කුඩම්මත්, දිදෙම්ව ඒ වෙනුවෙන් වර්ණනා කරනවා. මොකද, මේ දෙන්නා එකතු වෙලානේ ඒ සැලැස්ම ගැහුවේ.

මේ අතරේ අස්ලියි, ඉපෙක්නුයි එකතු වෙලා හයාත්ට සේරම විස්තරේ කියනවා, දිදෙම්ට දරුවෙක් ලැබෙන්න නෑ ය, ඒ වගේම එයා දැන් දරුවා ගබ්සා වුනා කියලා රඟපානවය, දිදෙම්ගේ බොරුව ඔප්පු කරන්න සාක්ෂි නෑ ය, මුරාත් ඒ බොරුවලට රැවටිලා නැති වුන දරුවා ගැන දුක් වෙනවය කියල. මේවා අහුවම හයාත්ට හොඳටම කේන්ති යනවා. කේන්තියයි, දුකයි දෙකම නිසා හයාත් බෙරිහන් දීගෙන මුරාත්වයි, දිදෙම්වයි හමු වෙලා දිදෙම්ගේ බොරුව කියන්න දුවනවා. හැබැයි අස්ලි මැදිහත් වෙලා හයාත්ට තේරුම් කරනවා, හයාත් තවම මුරාත්ට ආදරෙයි කියලා නැති නිසා මුරාත් කොහොමද හයාත්ගේ හිතේ තියන දේ දන්නේ කියලා. කොහොමින් ඔහොම හරි දවස් දෙකක් තිස්සේ දිදෙම්ව කොටු කරන්න අස්ලි සාක්ෂි හොයනවා. ඒත් එයාට මොකුත්ම හොයා ගන්න ලැබෙන්නෙ නෑ. ඔහොම ඉද්දී තමා ටුවෙල්, මුරාත්ගේ ගෙදර යන්නේ. හේතුව තමා කුලුදුල් දරුවා ඉපදෙන්නත් කලින්ම නැති වුන නිසා ඇති වුන දුකට ලෝකේ කඩවසම් ම බොස් දවස් දෙකකින් ඔෆිස් ඇවිත් නෑවිත් ඉඳීම. ටුවෙල් ඇවිත් අඟර දඟර දාලා කොහොමහරි මුරාත්ව ඔෆිස් එක්කරගෙන යනවා. ඒ අතරේ හයාත්ට පණිවුඩයක් යවනවා, කුරුල්ලා කූඩුවට පියඹලා එන්න හදන්නේ, ඒ නිසා කිරිල්ලට ලෑස්ති වෙලා ඉන්න කියලා. හම්මෝ, ඉතින් මේක ඇහුවම හයාත් ඔෆිස් යන්න පිස්සුවෙන් වගේ ඇඳුම් හොයනවා. මෙදා සැරේ හයාත් ලෑස්ති වෙන්නේ වෙනම දෙයක් කරන්න. එයාගේ රූපෙන්, හැසිරීමෙන් මුරාත් කොලුව ව පිස්සු වට්ටලා, තමන් ආදරේ කරන්නේ මුරාත්ට නෙවේ කියලා හඟවන්න. එතකොට මුරාත් රුසියාවටත් වඩා වැඩියෙන් ඉරිසියාවෙන් පුපුරන්න ගන්නවනේ. එතකොටවත් එයා ආදරේ කරන්නේ තමන්ටයි කියලා පිලිගන්න තැනට ගේන්නයි හයාත්ට ඕනේ. අපරාදේ කියන්න බෑ, වැඩේට ටුවෙල් දෙන සහයෝගේ නම් කියලා වැඩක් නෑ. මතක ඇතිනේ, හයාත්ගේ ඇඳුම වර්ණනා කරලා, වටයක් කැරකැවෙන්න කියලා මුරාත්ගෙන් ලස්සනයි කියලා කියව ගත්තා, ලිෆ්ට් එකේදි මුරාත්ට හයාත්ගේ ගාවින් එන විලවුන් සුවඳ කියන්නත් වුනා.

ඔන්න ඊට පස්සේ තමා සෙල්ලමේ හොඳම හරිය පටන් ගන්නේ. හයාත්, මුරාත් එක්ක කතා කර කර ඉන්න වෙලාවේ ඉපෙක් හයාත්ට කෝල් කරනවා, ඒත් හයාත් රඟපාන්නේ ඒක ආවේ කොල්ලෙක්ගෙන් වගේ. කීප සැරයක්ම හයාත්, මුරාත් ඉන්න තැන මේ කෝල් සෙල්ලම කරනවා. හයාත් ඒකෙන් විනෝද වෙන්න වෙන්න, මුරාත් ගේ හිතේ මේ කෝල් කරන කොල්ලා කවුද කියලා දැනගන්න කුතුහලේ වැඩි වෙනවා විතරක් නෙවේ හයාත් ගැන කේන්ති එනවා. මුරාත්, හයාත් ගැන වද වෙවී ඉන්න අතරේ දොරුක් මුණ ගැහෙනවා. මුරාත්, දොරුක්ගෙන් අහනවා එකපාරටම ගෑනු කෙනෙක් වෙනස් වෙන්නේ මොකද කියලා, එතකොට දොරුක් කියනවා, ” එයාගේ හිතේ මොනවා හරි තියෙන්න පුලුවන්, නැත්නම් එයා කේන්තියෙන් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් එයාගේ ජීවිතේට වෙන කෙනෙක් ඇවිත් වෙන්න පුලුවන්” කියලා. දොරුක් ඒක අල්ල ගන්න උපායකුත් කියනවා, ඒ තමයි ඒ කෙල්ලට බෑ කියන්න බැරි දෙයකට කතා කරන්න කියලා. ඉතින්, මුරාත්, හායිත්ට කතා කරනවා කෑමට එලියට යන්න. ඒත් අපේ හයාත් කෙල්ල බොහොම විනීත විදියට ඒ යෝජනාවට බෑ කියනවා. එයා වෙන කෙනෙක් එක්ක කෑම ගන්න යොදා ගෙන තියනවා කියලා කියනවා. එයා ගැන හිතේ කැමැත්තක් තියනවා, ඒත් මුලින්ම එයා කරන්නෙ සෙල්ලමක්ද කියලා බලලා, ඊට පස්සේ ඒ කෙනාට එයාගේ ජීවිතේට එන්න අවස්ථාවක් දෙන්න හිතාගෙන ඉන්නේ කියලත් කියනවා. මේවා අහලා මුරාත්ට පිස්සු හැදෙන්න වගේ. පව් නේද අසරණයා!

ලොකුම කට්ටක් කන්නේ කෙරම් නේද? මාසයක් තිස්සේ ඉපෙක්ගේ වචනේ වෙනුවෙන් බලා ඉන්නවා. දකින්න ඇතිනේ, ලකුණු දාගෙන, දාගෙන ගිහින් අන්තිමේ කෙරම්, ඉපෙක්ගේ තාත්තගෙ ෆෝන් කෝල් එකට උත්තර දීලා වැඩේ අනා ගත්ත හැටි!

හයාත් කෙල්ල ගෙදර ගිහින්, ඉපෙක්ටයි, අස්ලිටයි එයාගේ මේ වීර ක්‍රියාව ගැන කියනවා. සැලැස්මේ ඉස්සරහට යන්න නම් හයාත්ගේ කොල්ලා විදියට රඟපාන්න කෙනෙක් හොයා ගන්නත් ඕනනේ. අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන නොගන්න, උගත්, බුද්ධිමත් තරුණයෙක් හොය හොයා ඉද්දී, හැමෝගෙම ඇස් යන්නේ ඉබෝ දිහාවට. අකමැත්තෙන් වුනත් ඉබෝ කොලුවා හයාත්ට උදව් කරන්න කැමති වෙනවා.ඒ වෙනුවෙන් මුලින්ම ඉබෝ ව හඳුන්වලා දෙන්නේ දොරුක්ට. ඉබෝ ප්‍රචාරණ නියොජිතයෙක් කියලා දැන ගත්තම දොරුක්ට ඕන වෙන්නෙ එයාව සාර්ටේ එකත් එක්ක සම්බන්ධ කරගන්න. ඉබෝ සාර්ටේ එකට ගෙන්න ගන්නවා කියන්නේ මුරාත්ට මුණ ගස්වන්න පුලුවන් කියනෙක, ඊටත් වඩා හයාත්වයි, ඉබෝවයි එකට දැක්කම මුරාත් ව ඉරිසියාවෙන් පුපුරවන්න පුලුවන්! හිතුවා වගේම ඉබෝ කියන්නේ හයාත් ෆෝන් එකෙන් මල්කඩන කොල්ලා කියලා දැන ගත්තම මුරාත් ට ඉබෝව නයාට, අදුකොල වගේ පේන්න ගන්නවා. මුරාත් ගේ හිතේ තියන ආදරේ එයාගේ කටින්ම ගන්න ටුවෙල් සැලැස්මක් ගහන්නේ ඔන්න එතකොටයි. ටුවෙල් මුරත්ටයි, හයාත්ටයි, දොරුක්ටයි ආරාධනා කරනවා එයාගේ ගෙදර සාදයක් තියනවා කියලා. ඒකට එන්න පුලුවන් ජෝඩු වලට විතරයි. දොරුක් – අස්ලි, හයාත්- ඉබෝ ඒ සාදෙට එනකොට මුරාත් එන්නේ තනියෙන්. මතක ඇතිනේ, මුරාත්, ඉබෝ එක්ක තරඟෙට කෑම හදපු හැටි එහෙම.

මේ අතරේ දිදෙම්ට ආපහු සාර්ටේ එකේ වැඩට එන්න කියලා මුරාත් කැමැත්ත දෙනවා. සාර්ටේ එකට එන දිදෙම්ට හයාත්ව මුණ ගැහුනම, හයාත් කිව්වනේ, දිදෙම්ගේ බොරුව එයා දන්නව කියලා. ඒක අහලා දිදෙම්ට හීන් දාඩිය දානවා. දිදෙම් කෙලින්ම යන්නේ ඩේර්යා ගාවට. හයාත් මේ සේරම මුරාත්ට කීවොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන නිසා ඩේර්‍යා හොඳ සැලැස්මක් ගහනවා. ඒකේ හැටියට ඩේර්‍යා, දිදෙම් එක්ක හයාත්ගේ ගෙදර යනවා. ඒ කිව්වේ සූනා පෙක්ටාස්ගෙ ගෙදර. එතනදි එයාල දැන ගන්නවා, සූනා මාසෙකින් ගෙදර ඇවිත් නෑ කියලා. ඔන්න එතනදි සාර්ටේ එකේ වැඩ කරන හයාත් ගැන සැක හිතෙන්න ගන්නවා.

හොඳම ටික ඒ එක සිද්ධියක්වත් නෙවේ, අවසාන වුන විදිහ නේද? මොකද කියන්නේ මුරාත්, හයාත්ට ආදරේ කියයිද? අද එතන ඉඳන් බලන්නකෝ එහෙනම්.

යන්න කලින් සමාව ඉල්ලන්න කැමතියි උපසිරැසිය පරක්කු වෙච්ච එකට. සති දෙකකට පස්සේ තමා මේ හම්බවෙන්නේ. අන්තර්ජාලයේ කිසිම විදිහක උපසිරසි ගොනුවක් තිබ්බේ නෑ මේ කොටසට. මින් ඉදිරි බොහෝ කොටස් වලත් එමමයි. ඉතින් පුද්ගලික වැඩ අස්සේ කාල රාමු හදාගෙන, වීඩියෝ දෙක තුනක් බල බල තමා මේකට උපසිරැසිය කරේ. බැරිම තැන උර්දු වලින් තියන කොටස් කීපයකුත් බලලා තමා මේක කොහොම හරි සම්පුර්ණ කරගත්තේ. ඒවා කිය කිය ඉන්න ඕන දේවලුත් නෙමේ උනාට, අද නම් කියන්නම හිතුනා. පුළුවන් ඉක්මනටම ඉදිරි කොටස් අරන් එන්න අපි උත්සහ කරන්නම්. එතෙක් ඉවසිල්ලෙන් ඉන්න කියන එක තමා ඉල්ලීම. අද ලිපියත් ලස්සනට ලියලා දුන්නු හෙළිලි නගාටත් ගොඩක් ස්තුතිවන්ත වෙන ගමන් සමුගන්නවා. ජයවේවා.

Direct Download

| WEB-DL | x264 | 720p  | 760MB |

 

| WEB-DL | x264 | 540p | 740MB |

 

| WEB-DL | x264 | 240p | 370MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Ask Laftan Anlamaz [S01 : E12] | තාමත් ආදරේ නැත්තම්!!

  • Bro meke english sub ganna thanak denna puluwamda??

    Reply
  • ado ilaga eketh sub eka ikmanata dapanko bro…

    Reply
  • malindu deshan

    episod 13 parakkui sahodaraya

    Reply
  • ai bn mekata sub karana nathara karala ado ikmanata dapan bro… naththan asaven balapu me kathavath epa venava

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *