MENU

Avatharam (2014)| අද්‍යශ්‍යමාන පළිගැනීම…

සුභම සුභ දවසක සුභාසිරි වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි එසෙනම් අද දිනත් මා ඔබ හමුවට පැමිණියේ තවත් එක් සුන්දරතම Thriller හා Drama වර්ගීකරණයට අයත් 2014 වසරේ තිරගතවු මලයාලම් චිත්‍රපටයක් සමඟිනි.චිත්‍රපටය පරණ නිසා අත්නොහරින ලෙසට ඔබගෙන් ඉල්ලා සිටිමින් මා සුපුරුදු ලෙසින් අප වෙබ් අඩවියේ මාහට කවදත් උදව් කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිිය පිරිනමන අතරම මාගේ විශේෂ ස්තුතිය මා සමඟින් රාජකාරි කරනා ප්‍රියන්ජිත් විජේසිංහ සොයුරා හටද ස්තුතිය පිරිනමමින් කතාව දෙසට යොමු වීමට කැමතියි.

මුලින්ම පැවසිය යුතු කරුණක් නම් මලයාලම් සිනමාව ඇත්තෙන්ම කිවහොත් මලයාලම් චිත්‍රපට බහුතරයක් ඉන්දියාවේ තිබෙන අනිකුත් චිත්‍රපට වලට සම කරිමට නොහැකියි. කිමද මලයාලම් සිනමා නිර්මාණ ඉතාමත් තියුනුයි කිවහොත් නිවැරදි විය යුතුයි ඉතාමත් වෙනස්ම මාවතක ගමන් කරනා මෙම සිනමා නිර්මාණ අතිශය ස්භාවිකයි මෙන්ම ඉතාමත් තාත්වික ලෙස නිර්මාණය කර තිබීමද විශේෂත්වයක් එයට හේතුව වී ඇත්තේ මා සිතනා ආකාරයට මලයාලම් සිනමාවේ පියා වන J. C. Daniel නම් වූ නිර්මාණ කරුවා ගෙන් පැවැතෙන ආභාෂය විය හැකියි එනම් අතීතයේ සිනමාව කියන දේ ජනතාව අතරට පැමිනි විටදි ඉන්දියාවේ මුලින්ම හිංදි සිනමාව . දමිළ සිනමාව වැනි ක්ෂෙත්‍රයන් ආරම්භයේදීම මොවුන් සිදුකරීමේදි දේව කතා නිර්මාණය කල අතර පසු කලෙක පටන් ගත් මලයාලම් සිනමාව අනිකුත් සිනමා ක්ෂේත්‍රයන් අනුගමනය නොකරමින් මුල්ම චිත්‍රපටයවු වර්ෂයේ නිපැයුනු Vigathakumaran 1930 හි කතා වස්තුව ලෙසින් මොහු යොදාගෙන ඇත්තේ කුඩා දරුවකු පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධ කතාවක්ය. එසෙනම් ඔබ හට දැන් අනුමාන කල හැකියි මලයාලම් සිනමාවේ පවතින මේ වෙනස අතීතයේ සිටම පැමිණි එකක් බවට. ඒ වගේම කිව යුතු දෙයක් තමයි මෑතකදී තිරගතවු අප අතරද ඉතාමත් ජනප්‍රිය වූ හිංදි සහා දමිළ සිනමා නිර්මාණ දෙපලක් වන Drishyam 2015 හා Papanasam 2015 යන දැවැත්ත සිනමා නිර්මාණ ද්විත්වය Drishyam 2013 මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයන් බව. මේ හා සමාන තවත් චිත්‍රපට බොහොමයක් මලයාලම් සිනමාවේ ඇති චිත්‍රපට අනෙකුත් ඉන්දීය සිනමා ක්ෂේත්‍රයන් හට අභියෝග කරමින් ඔවුන් හටද එම මලයාලම් චිත්‍රපට ඔවුනගේ භාෂා වලින් ප්‍රතිනිර්මාණය කිරීමට පවා නිර්මාණශීලිවී ඇත. මලයාලම් සිනමාව ගැන මා සිදුකල හැදින්වීම අද දිනට ප්‍රමාණවත් යැයි මා කල්පනා කරමින් කාල වේලා නොමැති නිසා කතාව දෙසට යොමු වීමට කැමැතියි. තවද මෙම චිත්‍රපටය ඔබගේ බාගත කිරීමේ පහසුව උදෙසා baiscopedownloads හි ටොරන්ට් හා ඩිරෙක්ට් ලින්ක් ලබා දී තිබෙනවා.

මාධවන් මහාදේවන් කියන්නේ සුදාකරන්ගේ බාල සොයුරා සුදාකරන් කියන්නේ බොහෝම අවංක රේගු නිළධාරියෙක් ඉතින් මෙලෙසින් කාලය ගතවිගෙන යන අතරතුර සුදාකරන් හදිසි අනතුරකින් මිය යනවා ඔහුගේ අවසන් කටයුතු සිදුකිරිමෙන් පසුව මාධවන් සුදාකරන්ගේ බිරිඳ හා කුඩා දියණිය සමඟින් සුදාකරන් හා ඔහුගේ පවුල පදිංචිවී සිටි නඟරයේ නිවසට පැමිණෙනවා පසුව මාධවන් තම සොයුරාගේ පවුලට හිමි රක්ෂණ මුදල් හිමිගන්වා දීමට අවශ්‍යය කටයුතු සිදුකරන අතර මෙහිදි මාධවන්ට සුන්දර යුවතියක් මුන ගැසෙනවා ඇයගේ නම (මනි මේඛලා) ඇසු පමණින් පුදුමයට පත්වන මාධවන් ඇය හා හිතමිතුරුවී කාලය ගත කරනවා මෙසේ කාලය ගතවන විට රක්ෂණ සමාගම විසින් මාධවන්ගේ අයියා වන සුදාකරන්ගේ මිය යෑම වෙනුවෙන් ගෙවන රක්ෂණ වන්දි මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. එතැන් පටන් සිදුවන සිදුවීම් දාමය එසේ මෙසේ යැයි කියා පැවසිය නොහැකියි. ඒවායෙන් බිඳක් නම් මාධවන්ට නොසිතු විරු හිරිහැර වලට මුහුණ දීමට සිදුවනවා. තම සොයුරාගේ බිරිඳ සිය දියණියද රැගෙන ඇයගේ මව්පියන් වෙතටද යනවා එසේනම් ඒ සියල්ල සිදුවන්නේ කෙසේදැයි කියා දැන ගැනීමට මෙම සිනමා පටය නරඹාම සිටින ලෙසට ඔබ සැමට මා ආරාධනා කරමින් අදට මා නවතිනවා ස්තුතියි. (කමෙන්ටුවක් පහලින් සඳහන් කර යන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා) ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම  ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 1CD | 720MB |    

343CB03BE1B22B56407BEF864CEB729FFE437942

Direct Download

| DVDRip | x264 | 1CD | 720MB | 

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Avatharam (2014)| අද්‍යශ්‍යමාන පළිගැනීම…

  • me film eketh link ekai sub ekai dekama naha.puluwannam apahu danna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *