MENU

Baiju Bawra (1952) | බයිජු බව්රා

පැරණි හින්දි සිනමා රසිකයින් නම් නම දුටු සැණින්ම හඳුනා ගන්නා චිත්‍රපටයක්. ඉතාම මියුරු ගීත රැසකින් සමන්විත සංගීතමය චිත්‍රපටයක් ලෙස බයිජු බව්රා හඳුන්වා දිය හැකියි. එසේම ඉතාමත්ම සංවේදී ආදර කතාවක්ද චිත්‍රපටය තුළ ගලා යයි. මෙය ශ්‍රී ලංකාවේද අතිශය ජනප්‍රිය වූ අතර සංගීතයේ මිහිරි බව හේතුවෙන් මෙහි ඇතැම් ගී තනු ඇසුරෙන් සිංහල ගීතද නිර්මාණය කොට තිබේ. ලතා මංගේෂ්කාර්, මොහොමඩ් රෆි සහ ශම්ෂාඩ් බෙගම් ගීත ගායනය සඳහා දායක වී තිබෙන අතර මොහොමඩ් රෆි චිත්‍රපට පසුබිම් ගායනය තුළ සිය ස්ථාවරත්වය සකසා ගත්තේ මෙම සිනමාපටය තුළින් වීමද වැදගත් කරුණකි. මෙහි බයිජු ලෙස භාරත් භූෂාන් ද, ගෞරි ලෙස මීනා කුමාරිද රංගනයේ යෙදේ. බයිජු බව්රා චිත්‍රපටයේ මීනා කුමාරිගේ අති දක්ෂ රංගනය හේතුවෙන් ඇයට එම වසරේ හොඳම නිලිය සම්මානයද හිමිවිය. IMDB දර්ශකයෙහි 7.4 ක ඉහළ අගයක් ලබාගැනීමටද මෙම චිත්‍රපටය සමත්ව තිබේ.එසේ නම් යුගයක වෙනසක් ඇතිකළ මෙම සිනමාපටයෙහි කතා සාරාංශය පිළිබඳව මඳක් අවධානය යොමු කොට බලමු.

මෙම කතා පුවත දිව යන්නේ ඉන්දියාවේ මහා අක්බාර් අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමය තුළයි. මේ කාලයේදී රජුගේ රාජ සභාවෙහි එවක භාරතයේ විසූ දක්ෂතම සංගීතඥයන් නව දෙනෙකු සිටි අතර ඔවුන් “නවරත්න” යන නාමයෙන් හැඳින්වුවා. මේ නවරත්නයන් අතර සිටි අති දක්ෂයා ලෙස තාන්සෙන් නම් සංගීතඥයා නම් දරා සිටියා. ඔහු වාසය කරන මන්දිරය තුළ ඔහු හැර කිසිවෙකුට ගීත ගායනා කිරීම තහනම් කොට තිබුණා. එහෙත් එක් දිනෙක බැතිමත් මුනිවර සංගීතඥයින් පිරිසක් විසින් අනවසරයෙන් මෙම මන්දිරයට බැති ගී ගායනය කරමින් පැමිණේ. තාන්සෙන්ගේ ආරක්ෂකයන් විසින් ඔවුන්ට ගායනය නතර කරන ලෙස දැන්වූවත් ඔවුන් එය ගණන් නොගනී.මේ හේතුවෙන් ආරක්ෂකයින් සහ මුනිවරුන් අතර ගැටුමක් ඇතිවන අතර මේ ගැටුමේදී මුනිවරුන් අතර සිටි අයෙකුව ආරක්ෂකයක භටයෙකු විසින් තල්ලු කිරීම හේතුවෙන් ඔහුගෙ හිස බිම වැදී හිසට දරුණු තුවාල සිදුවේ. ඒ අතර සිටි ඔහුගේ පුතු වන කුඩා බයිජ්නාත් තමා පියා අසලට ගොස් මරණාසන්න පියා අසල හඬමින් සිටී. කුඩා බයිජ්නාත්ද ගායනයෙහි දක්ෂයෙකි. මියයාමට ප්‍රථම ඔහු සිය පුතුට පවසනුයේ කිනම් හෝ දිනයකදී තමාව මැරූ පළිය තාන්සෙන්ගෙන් ලබාගන්නා ලෙසයි. කුඩා බයිජ්නාත් එය තදින්ම සිතෙහි තබා ගනියි. පසුව පියා නොමැතිව අනාථ වන මේ කුඩා බයිජ්නාත් පිළිබඳව පැහැදුණු එක් කරුණාවන්ත පුද්ගලයෙකු බයිජ්නාත්ව හදා වඩා ගනී.එම තැනැත්තාගේ ගමට යා යුත්තේ යමුනා ගඟින් එතෙරවයි. කුඩා බයිජ්නාත් සමඟ ගමට යාමට යමුනා ගඟ තරණය කිරීමට ගං ඉවුරට ආ එම තැනැත්තාව සහ බයිජ්නාත්ව එකී ගමේ තොටියාගේ කුඩා දියණිය වන ගෞරි විසින් ඔරුවෙන් ගම වෙත රැගෙන යයි. ඇයද බයිජ්නාත් හා සමවයසේ පසුවන කුඩා දැරියකි. ඇය බයිජ්නාත්ව බයිජු යන නාමයෙන් හඳුන්වනු ලබන අතර බයිජ්නාත්ව ඉන්පසු ගමේ කොයි කවුරුත් බයිජු යන නමින් හඳුන්වනු ලැබූහ.

කාලයාගේ ඇවෑමෙන් බයිජු සහ ගෞරි නව යොවුන් වියට එළඹෙන අතර ඔවුන් ආදරවන්තයින් බවට පත්වේ. ඇගේ ආදරය හේතුවෙන් බයිජුට තමාගේ පළිගැනීම පිළිබඳව අමතක වේ. දිනක් එම ගමට කොල්ලකරුවන් පිරිසක් පැමිණේ. ඔවුන් ගම්මානය කොල්ලකන අතරතුර බයිජු ගායන කළ ගීතයට වසඟ වූ එම කොල්ලකල්ලියේ නායිකාව ඔහු පිළිබඳව ආලයෙන් ගම බේරාගැනීමට නම් බයිජු තමා සමඟ පැමිණිය යුතුයැයි යෝජනා කරයි. එයට එකඟ වන බයිජු ඇයත් සමඟ පිටත්ව යයි. ඇගේ නවාතැන වෙත ගිය බයිජුට යම් සිදුවීමක් නිසා නැවතත් යටපත්ව තිබූ පළිගැනීම ඉස්මතු වේ. තාන්සෙන්ගෙන් පළිගැනීමට නම් ඔහුව සංගීතයෙන් පරාජය කළ යුතුය. එය රාජ්‍ය නීතියකි. තාන්සෙන් පරාජය වුවහොත් ඔහුට මරණ දණ්ඩනය හිමිවේ. එසේ නැතිව තාන්සෙන් හා තරඟ වදින්නා පරාජය වුවහොත් ඔහුට මරණ දණ්ඩනය හිමිවේ. මෙය සිහි වූ බයිජු එකී මංකොල්ලකාරියගේ නවාතැනෙන් පැන ගොස් ගමක පූසාරි කෙනෙකු යටතේ තාන්සෙන්ගෙන් පළිගැනීමේ අටියෙන් සංගීතය මනා කොට උගනියි. මේ අතර ගමෙන් පිටවූ බයිජු පිළිබඳව ආරංචියක් නොමැති නිසා ගම් සභාව විසින් ගෞරිව ඇයට කලින් තීන්දු කොට තිබූ නර්පත් නම් එම ගමේ සිටි ධනවත් පුරුෂයාට විවාහ කරදීමට කටයුතු සූදානම් කරයි. ඉන්පසුව කුමක් වේවිද? බයිජු තාන්සෙන් සමඟ තරඟ කර තාන්සෙන්ව පරාජය කර තමාගේ පළිය ගනියිද? බයිජුට ගෞරිව යළි ලබාගත හැකිවේවිද?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

| BluRay | x264 | 1CD| 954MB |                           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *