MENU

BBC Bodyguard 2018 [S01 : E03] | අවසන් ප්‍රයන්තය

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? අදත් කැලඹුන දේශපාලන මඩ ගොහොරුවක කිමිදෙන්න සූදානම් ඇති කියලා හිතනවා හැමෝම. ඔන්න එහෙනම් එක හැල්මේ දුවන්න යන මේ ගමනේ වරක කූඹියෝ කතාවද, තවත් විටක සිරි ලංකාවේ දේශපාලනය ද මතක් වේවි ඔබට. එතරම් මේ කතාව ඔබට සමීප වෙයි කියලා උපසිරැසි කරන්න හිතනකොටවත් අපි හිතුවේ නැති දෙයක්. කොහොමෙන් හරි වර්තමාන දේශපාලන තත්වයත් කතාවට ගැලපෙන කොට මෙහෙම කතා මාලවක් ඔබට තිලිණ නොකර කොහොමද කියලා හිතුන වාර අපමනයි. ?

පසුගිය සතියේ කියූ පරිදිම වෙරළට පළමු රැල්ල ගසනු ලැබුවා. පළමු රැල්ල ඩේවිඩ් ගේ දරුවන්ගේ පාසලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස ආවා ඔබට මතක ඇති. යන්තම් බුද්ධි අංශවලට සැකයක් මතුවුන හෙයින් ඒ ව්‍යසනයෙන් දරුවන්ගේ ජිවිත බේරාගන්නට පොලීසියට හැකියාව ලැබුනා. එලෙස පළමු රැල්ල නිමාවනවා සමඟම අනිත් රැල්ල ආපසු පැමිණෙනවා ඔබට සිහිපත් වනවා ඇත. එනම් සියල්ලන් අපේක්ෂාවෙන් සිටි ජූලියාව ඝාතනය කිරීමේ තැතක් පසු ගිය කොටසින් සිදුවුවා ඔබට මතක ඇති. ඩේවිඩ් තම හැකියාවන් උපයෝගි කරගෙන ජූලියාව ආරක්ෂා කරන්නට සමත් වූවා.

අප සැම මවිත කරමින්, එම උත්සහයේ යෙදුනේ ඩේවිඩ්ගේ මිතුරකු වීම ඔබ මෙන්ම මා ද කතාවේ අතරමං කරන්නට වූ කරුනක් බව පවසන්නට වෙනවා. අපි බලමු ඉදිරියේදී මේ සියලුම ගැට ලිහා ගන්න පුලුවන් වේවිද? නැතිනම් තවත් ගැට වල පැටලෙන්නට වේවිද කියා. එමෙන්ම පසුගිය කොටසෙන් ඩේවිඩ් හා ජූලියාගේ පලහිලව්වෙ පරතෙර දැනගන්නටත් ඔබට හැකියාව ලැබෙන්න ඇති.? ඒ අතර තුර දේශපාලකයන්ගේ අනිසි පලවිපාක වල ප්‍රතිඵල විදින්න ඩේවිඩ්ට සිදුවූවා. දැන් ඔහු ඒ ජරා මඩ ගොහුරුවේ ඉත්තෙක් වි හමාරයි. ජූලියාගේ වගතුග ආරක්ෂක සේවයට වාර්තා කිරීම භාර වන්නේ මේ අතර තුරයි.

පසුගිය කොටසේ සිදුවූ දේවල් පුංචි මුහුදු මුහුදු රැලි කීවොත් ඔබ විටක පුදුම වේවි නේද ? ඔව් , එය එලෙසමයි. එය මෙවර අති බිහිසුණු සුනාමිය රැල්ලක් වන්නට නියමිතයි. එවිට කතාව කෙලෙස වේවිද කියා ඔබට මවාගන්නට ඉඩ අරින්නේ, කොටස් 6කින් පමනක් සමන්විත මේ කතා මාලාව අකු‍රක් නෑර බලන්න අවශ්‍ය බව මතක් කරමිනුයි. මෙවර සුනාමියක පෙර නිමිත්තක් වත් නැතුව පැමිණෙන්නට තිබෙන සුනාමිය ගැන ඔබ කුතුහලයෙන් ඇති. ඔව්, එය එසේ. ඒගැන කුතුහලය එලෙසම පවතිද්දී.මෙවර කතාව රස විඳින්න අරාධනා කරමින් සමුගන්නවා. අදහස් වලට තුති කියමින්. ගිහින් එන්නම්. ? ජය..!!!?✌

 

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | 720p | x265  | 1.7GB | Complete S01 |

Direct Download

| Bluray| x265 | 720p |250MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “BBC Bodyguard 2018 [S01 : E03] | අවසන් ප්‍රයන්තය

  • susil mahesh chathuranga

    එල

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *