MENU

BBC Prehistoric Park [2006: E01] | රෙක්ස් ආයිත් ඇවිත්!

ඩයිනෝසරයන්! කාලයේ වැලි තලාවෙන් යට ගිය අරුම පුදුම දැවැන්තයන්! අප කිසිවෙකුත් ජීවමාන ඩයිනෝසරයන් දැක ගන්නට තරම් වාසනාවන්ත වී නැහැ. නමුත් අපට වරමක් ලැබුනෝතින්, ඈත අතීතයේ ඩයිනෝසරයන් මේ පොළොව මත ආධිපත්‍ය පැතිරූ කාල සීමාවට පිය මැන ඔවුන්ව නෂ්ට වීමෙන් බේරා ගන්නට? එය ඔබත්, මාත් ලැබූ අසමසම අවස්ථාවක් බව කිසිදු සැකයක් නැහැ. නයිජල් මාවන් මේ සූදානම් වන්නේත් එවැනි ක්‍රියාන්විතයකටයි. අතීතයට ගොස් නෂ්ට වීමේ දැඩි අවදානමක සිටින සතුන් 21 වන සියවසේ සුරක්ෂිත වටපිටාවට ගෙනැවිත් ප්‍රාග් ඓතිහාසික උද්‍යානයක් පිළියෙල කිරීම. විශ්වාස කරන්නත් අමාරුයි නේද?

එහෙමනම්, ඒ මහා පුදුම කිරීමට දෑස් දෙකන් විවර කරන් සූදානම් වෙන්න. මෙතැන් සිට මේ ක්‍රියාන්විතය ඔබ වෙතට ගෙන එන්නේ සුප්‍රසිද්ධ රූපවාහිනි වනජීවි වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, පක්ෂීන්ගේ චර්‍යා රටාවන් නිරීක්ෂණය කරන්නෙක් සහ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වන නයිජල් මාවන්. එහෙත් මේ හැමදේටම වඩා ඔහු සතුන්ට, පරිසරයට දැඩි සේ ආදරය කරන්නෙක්. Bristol හි BBC ප්‍රාණී විද්‍යා ඒකකයේ වනජීවි වාර්තාමය වැඩසටහන් ගවේෂකයෙකු ලෙස The First Eden සහ My Family and Other Animals යන වැඩසටහන් වලට දායක වෙමින් වෘත්තීය ගමන් මඟ ආරම්භ කළ ඔහු මේ වන විට බාල මහලු භේදයක් නැතිව ලෝකයේම ආදරයට පාත්‍ර වී සිටිනවා. අවදානම් දරමින්, දරුණු සතුන් අසලටම යමින්, ඔවුන් පිළිබඳ හරි අපූරු තතු විත්ති ඉදිරිපත් කරන ඔහුගේ කතා විලාශය, ඉදිරිපත් කිරීමේ රටාව සහ සත්ත්ව ලෝකය පිළිබඳ දැනුම අතිශයෙන්ම විස්මයජනකයි. Shark Week (2000–02), Chased by Dinosaurs (2002), Sea Monsters: A Walking with Dinosaurs Trilogy or Chased by Sea Monsters (2003), King of the Jungle (2003), Prehistoric Park (2006), Killer Whale Islands (2007), Invasion of the Giant Pythons: Florida with Nigel Marven (2009), Untamed China with Nigel Marven (2011), Ten Deadliest Snakes with Nigel Marven (2014) ආදි නිර්මාණ රාශියක් ඔහුගේ හැකියාවෙන් අපට සමීප වුනා. එපමණක් නොවේ දැනට මිහිමතින් වඳ වී යෑමේ අධි අවදානමක් ඇති සහ අවදානමක් ඇති සත්ත්වයන් සංරක්ෂණය කිරීමටත් ඔහු කරන මෙහෙය ප්‍රශංසනීයයි. යුරෝපීය ජලාශ වල තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් ආරක්ෂා කිරීම සඳහා  ORCA සංවිධානයේ අනුශාසකයෙක් ලෙසත්, චීනයේ Chengdu පැන්ඩා පදනමේ පැන්ඩාවන් සුරැකීම ප්‍රවර්ධනය කිරීමේ තානාපතිවරයෙක් ලෙසත් තවත් මෙවැනි සංරක්ෂණ ව්‍යාපෘති බොහොමයකටත් ඔහුගේ දායකත්වය ලබා දෙමින් සිටිනවා.

ඉතින්, මේ සුප්‍රසිද්ධ සත්ත්වවේදියා – නයිජල් මාවන් සහ ඔහුගේ කණ්ඩායමේ සගයන්ගේ ක්‍රියාන්විතයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් වීමේ භාග්‍යය ලබා ගන්න ඔබ සූදානම් නම් මෙතැන් පටන් කොටස් හයක් පුරාවට අපිත් එක්ක රැඳී සිටින්න. පළමු මෙහෙයුම විදියට ටයිරනෝසෝරස් රෙක්ස් (Tyrannosaurus Rex) නැත්නම් T Rex අතීතයෙන් ගලවා ගෙන වර්තමානයට ගෙන එන හැටි ඔබට බලාගන්න පුලුවන්.

”T- Rex කියන්නේ රාක්ෂයෙක්. දිගින් අඩි 43 කුත්, ටොන් පහක බරකුත් එක්ක, ඉන් එකෙක් ගිය පාර හොයා ගන්නෙක ඒ තරම් අමාරු වෙන එකක් නෑ.”
නයිජල් සිතන්නේ නම් ඒ විදියටයි. නමුත්, මේ රාක්ෂයා අල්ලා ගැනීම ඔහු සිතන තරම් පහසු වෙන්නේ නෑ. නයිජල්ගේ බලාපොරොත්තුව ඉටු වෙයිද? නයිජල්ට පොර බදන්න සිදු වන්නේ T- Rex සමඟ විතරක් ම නෙවෙයි, ඔහුගේ දැවැන්තම අභියෝගය කාලයයි. උල්කාෂ්ම කැබලි පොළොව මතට පතිත වී ඩයිනෝසරයන් නෂ්ට වී යාමට මත්තෙන් ඔවුන්ව 21 වන සියවසට රැගෙන ඒමට ඔහුට හැකි වෙයිද?

Prehistoric Park -2006 රූපවාහිනි කතා මාලාව IMDb දර්ශකයේ 7.5 ක විශාල අගයක් දිනා ගන්නට සමත් වුන බොහොම අපූරු කතා මාලාවක්. වන සතුන්ට, පරිසරයට ආදරය කරන ඔබට මෙය වටිනා කියන අත්දැකීමක් වෙයි කියලා හිතනවා.

සමුගන්නම්, ආයිත් හමුවෙන බලාපොරොත්තුවෙන්. ආයුබෝවන්!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | XviD | 700MB |

D1F5D6290E8CECE4669AD022A227D00998433867

Direct Download    

| HDRip | XviD | x264 |  700MB |    

      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “BBC Prehistoric Park [2006: E01] | රෙක්ස් ආයිත් ඇවිත්!

  • jeewantha

    මේකෙ වැඩ කරන ලින්ක් එකක් දෙන්නකො

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *