MENU

Black Panther (2010) EP01-EP04 | වකන්ඩාවේ රජු හා ආරක්ෂකයා, බ්ලැක් පැන්තර්

හොඳයි එහෙමනම් මේ මුණගැහෙන්නේ මගේ පළවෙනි රූපවාහිණී කතා මාලා උපසිරසත් එක්ක. ගොඩක් කාලයක් ආසාවෙන් හිටියත් අවස්ථාවක් ලැබුනෙම නෑ හරියට රූපවාහිණී කතා මාලාවක උපසිරසක් කරන්න. ඔන්න එහෙනම් ඒකත් හරි.

මේ ගෙනාවේ 2010 අවුරුද්දේ නිකුත් වුණු Marvel Knights Animation ලාගේ නිෂ්පාදනයක් වූ  Motion comic ඇනිමේටඩ් වර්ගයේ කෙටි කතා මාලාවක්. නම අහපු ගමන් නොදන්නවා වෙන්න විදිහක්නම් නෑ මේ චරිතය ගැන. මේ තමයි වකන්ඩාවේ රජ හා ආරක්ෂකයාගේ කොටස් 12කිං සමන්විත කතා මාලාව Black Panther (2010). හැම කොටසක්ම විනාඩි 10ක් 12ක් වගේ තමයි දිවෙන්නේ. මේක මුලින්ම  විකාශනය වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ  ABC3 කියන නාලිකාවේ. ඊළඟට 2011දී ඇමෙරිකා එක්සත් ජනපදයේ BET නාලිකාවෙ විකාශනය වුණා.
හොඳයි තව කිසිම විස්තරයක් චරිතය ගැන පැහැදිලි කරන්න යන්නේ නෑ, මම ඒ ගැන බයිස්කෝප් මංසලේ සවිස්තරාත්මක ලිපියක් පල කරලා තියෙන නිසා. 
අපි කතාව පැත්තට හැරෙමු. අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ ඇමෙරිකාවේ ධවල මන්දිරයේ අප්‍රිකාවේ වකන්ඩාව කියන රට ගැන සාකච්ඡාවක් සිද්ද වෙන අවස්ථාවක්. කතාව විස්තර කරන්නේ එව්රට් රොස්. අපිට මේ කතාවෙන් දැනගන්න පුළුවන් කවුද හරියටම මේ බ්ලැක් පැන්තර් කියන්නේ කියලා. මේ මුල් කොටස් හතරෙන්, අතීතයේ පටන් විවිධ කාලයන්වල බ්ලැක් පැන්තර්වරුන් මුණ දුන් අභියෝග, ටි’චල්ලා රජකමට පත් වීම ආදිය අපිට දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි පළමු කොටසේ අවසානයේදී කැප්ටන් ඇමෙරිකාව දැකගන්න පුළුවන් ඒ ඇයි කියලත් ඔයාලට දැනගන්න පුළුවන් කතාව බලද්දී. ඒ වගේම අපි හොඳින් දන්න හඳුනන ලෝගන්, ස්ටෝම් ඇතුළු X-Men කණ්ඩායමත් දැකගන්න පුළුවන් මේ කොටස්වල. එහෙමනම් අපි කතාවෙන්ම බලමු බ්ලැක් පැන්තර් සහ වකන්ඩාවට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද කියලා.
 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRIP | x264 | 480p | 785MB |  

 824FB26398D039C94A4B095B38598CEDEA861373

Direct Download

| E01  |  BRrip | x264 | 480p | 67MB |      

           

| E02  |  BRrip | x264 | 480p | 63MB |      

           

| E03  |  BRrip | x264 | 480p | 62MB |      

           

| E04  |  BRrip | x264 | 480p | 62MB |      

           

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Black Panther (2010) EP01-EP04 | වකන්ඩාවේ රජු හා ආරක්ෂකයා, බ්ලැක් පැන්තර්

  • ela machan…..sub file eka naha neda

    Reply
    • Dilan Ranga

      Subtitles baiscopelk.com eken ganna

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *