MENU

Black Sails [Season 01] Complete

ඔන්න එහෙනම් මම කියපු විදිහට පොරොන්දු වූ පරිදි ස්පාටකස් කතා මාලා තුනට පසු Starz නාලිකාවෙන් ගෙනෙන අලුත්ම රූපවාහිනී කතා මාලාවේ පළමු රුවල මෙලෙසින් දිග හරිනවා. මම මේ ගැන තරමක විස්තරයක් මීට කලින් බයිස්කෝප් මංසල තුලින් ඔබට ඉදිරිපත් කලා. එහිදී කිව්වා වගේම මෙහි එක් විධායක අධ්‍යක්ෂක වරයෙක් තමයි මයිකල් බේ. කතාව ගැන කියනවා නම් මේ මුහුදු මංකොල්ලකාරයෝ පිරිසක් වටා ගෙතුන කතාව පාදක කරගෙන තියෙන්නේ 1883 මැයි 23 ප්‍රකාශිත Robert Louis Stevenson විසින් රචිත ස්කොට්ලන්ත පොතක් වන Treasure Island නමැති කෘතියයි. පාදක උන කෘතිය මේක උනත් මම අදසිට ඔබට සතිපතා ගෙනෙන මේ කතා මාලාව ඊට හාත්පසින්ම වෙනස් බවයි ආරංචිය. එනම් කෘතියේ දැක්වෙන කතාව යම් යම් වෙනස් කම් කර අලුත්ම ආකාරයකට ඔබ වෙත ගෙනවිත් තිබෙනවා. පළමු කොටස නිල විදිහට විකාශනය වෙන්න නියමිත ජනාවාරි 25 සෙනසුරාදා. නමුත් ඊට කලින් එහි පළමු කොටස අන්තර්ජාලය හරහා බලන්න Starz නාලිකාව අවස්ථාව ලබා දී තිබුනා. ඒ වගේම මෙහි දැනට ආරංචි විදිහට කොටස් අටක් පමණයි විකාශනය වෙන්නේ. අනෙක් ආරංචිය තමයි මෙහි දෙවන කතා මාලාව සඳහා වැඩ කටයුතු දැනටමත් ආරම්භ කරලා අවසානයි.

ඉතින් මෙන්න මෙහෙමයි ආරම්භය සිද්ධ වෙන්නේ. ෆ්ලින්ට් කියන්නේ මුහුදු කොල්ලකරුවන් රැගත් නැවක කපිතාන්වරයෙක්. මුලින්ම දකින්න ලැබෙන්නේ කැප්ටන් ෆ්ලින්ට් තවත් එංගලන්ත නැවක් මංකොල්ල කන ආකාරය. නමුත් ෆ්ලින්ට්ගේ අරමුණ හුදෙක්ම නැවක් කොල්ල කෑම පමණක්ම නෙමෙයි. ඔහු යමක් ලුහු බඳිනවා. ඒ වගේම මේ මංකොල්ලකරුවන්ගේ නවා තැනක් තියෙනවා. කොල්ලකන සියලුම වස්තුව මෙයාලට මුදල් නොකර කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔවුන් ඒවා රැගෙන යනවා දූපතක් වෙතට. එහිදී මේ කොල්ලකන වස්තුව මිලට ගන්න තැරව්කරුවෙක් ඉන්නවා. ඔහු නමින් රිචඩ් ගෝත්‍රි. මෙයා නිකන් අර අපේ ලංකාවේ වී ගොවියන්ගේ අස්වැන්න කොල්ල කන වී මෝල් කාරයෙක් වගේ. අඩුවට අරන් වැඩියෙන් විකුණලා රජසැප විඳිනවා. ඉතින් කොල්ලකරුවෝ හැමෝම සෙට් වෙන තැන තමයි මේ දූපත. මේ රිචඩ් උන්නැහේට දුවෙක් එහෙමත් ඉන්නවා පොඩ්ඩයි කට සැර ?

ඒ වගේම කියන්න ඕනේ මේ කතාවත් ස්පාටක්ස්ට නොදෙවෙනි නැහැ ඔන්න. 18+ හොඳේ. ඒ කිව්වේ මේ දූපත හරියට නිකන් මුහුදු මංකොල්ලකරුවන්ගේ රාත්‍රී සමාජ ශාලාවක් වගේ. මම කලින් කිව්වනේ කැප්ටන් ෆ්ලින්ට් ගැන. මෙයා කැප්ටන් උනාට මාස ගානකින් හරිහමන් කොල්ලයක් කන්න බැරි වෙලා. වැලේ වැල් නැති නැව් ටිකක් තමා අහුවෙලා තියෙන්නේ. ඉතින් නැවේ ඉන්න සේවකයෝ උනත් වැඩි හිත හොඳකින් නෙමෙයි ඉන්නේ කැප්ටන්ගේ වැඩ ගැන. කැප්ටන් කමට ඇහැ ගහගෙන ඉන්න තවත් කෙනෙක් මේ නැවේම ඉන්නවා. ඒ කියන්නේ කැප්ටන් කමට ලාවට වගේ කණකොකා අඬාගෙන එන්නේ. ඉතින් මේ අභියෝග එක්ක කැප්ටන් ෆ්ලින්ට් හොයන්නේ මොනවද? ඔහුට කැප්ටන් කම තව දුරටත් රඳවා ගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඔන්න පළමු රුවලේ ඇද ඇරගන්න මාත් එක්ක එකතු වෙමු කියලා අලුත් මුහුදු කොල්ලකරුවන්ට අරාධනා කරනවා. එහෙනම් ඊළඟ කොටසත් එක්ක එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 1.1GB | {Complete S01}

9EDC71CB6BABFDC7674FAD3D0CB86D1DC60E7705

Direct Download

| HDTV | x264 | 480p |  140MB

Episode 01     |   Episode 01

Episode 02       |     Episode 02

Episode 03      |     Episode 03

Episode 04     |     Episode 04

Episode 05     |     Episode 05 

 

Episode 06     |     Episode 06

  

Episode 07     |     Episode 07

   

Episode 08     |     Episode 08

    

Complete S01 | 1.1GB | 480P

    
        ප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Black Sails [Season 01] Complete

  • ishara samarakoon

    complete eke link eka wada na

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *