මම ආසාවෙන් බලපු කතා මාලා වලින් එකක් තමයි Blindspot. ඉතින් මාත් ලැබුන ඉල්ලීමක් අනුව බාරගත්තේ 15 වෙනි කොටසට උපසිරැසි ගන්වන්න. කොහොම උනත් මේ සීසන් එක නම් තවමත් බලන්න උනේ නෑ. ඒ නිසා මේ සබ් එක කරන්න උනේ කලින් එපිසෝඩ්ස් එකක් වත් නොබලා. ඉතින් පහුගිය කොටස් ගැන මතක් කිරීමක් දෙන්න අමාරුයි. සබ් එකෙත් පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕනි. අද කතාව මම කෙටියෙන් නම් කලේ කතාවේ අන්තර්ගතයට අනුව “අන්තරාය අවියක්” කියලා.
හැමදාමත් වගේ අද කතන්දරෙත් එක අතකින් ජේන් ගේ පච්චයකට සම්බන්ධයි. ඒ වගේම කණ්ඩායමට අද දිවි පරදුවට තියලා පන්නන්න වෙන්නේ ඉතාමත් භයානක වගේම මරණීය ආයුධයක් පස්සේ. මුලින්ම කතාව පටන්ගන්නේ එක්තරා ආරක්ෂක සමාගමකින් ප්‍රවාහනය කරන අධි ආරක්‍ෂිත ආයුධ ට්‍රක් රථයක් මංකොල්ල කන සිද්ධියකින්. ට්‍රක් එක පුරවලා ආයුධ කන්දරාවක් තිබුනා වුනත් මේ මංකොල්ලකරුවෝ අරගෙන යන්නේ එකම ඒක දෙයක් විතරයි. අන්න ඒ දේ වටේ තමයි අද කොටසේ ප්‍රධානම කතන්දරේ විහිදෙන්නේ. මේ අස්සේ රිච් කණ්ඩායමට හඳුන්වලා දෙනවා අපූරු සෙල්ලමක්. හරියට අපි කැට පෙරලලා කරන බෝඩ් සෙල්ලම් වගේ. දන්නවනේ රිච් ගේ හැටි. වයර් ෂෝට් උනත් හොඳට වැඩ කරන ඩයල් එක. අනික අද කණ්ඩායමට විශේෂ දවසක්. ජේන් තමන්ගේ අවුල් හරි ගස්සලා ඉස්සර හිටියා වගේ කණ්ඩායමට වැඩ කරන්න පටන් අරන්. ඒ වගේම ටාෂා ආයෙමත් කට්ටිය එක්ක වැඩ. එයා මුලදී මොන වගේ චරිතයක් රඟපෑවත් එයා ඇත්තටම මොන පැත්තේද කියලා. කීටන් ගැන කිව්වොත් සිහියක් පතක් නැතුව ඉස්පිරිතාලෙක දපලා ඉන්න මනුස්සයා මෙච්චර කාලයක් පෙනී හිටපු ආත්මාර්ථකාමී සහ වෘත්තීයමය හැසිරීමට යටින් මනුස්සයෙකුත් ඉන්න බව පෙන්නලා දෙයි.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB | x264 | TBS | 595MB |
Direct Download
| WEB | x264 | TBS | 595MB
| WEB | x265 | 720p | 213MB
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)