අයුබෝවන් කියල කියනව හැමෝටම. හරියටම අවුරුදු හයකින් පස්සේ වගේ තමයි බයිස්කෝප් එකට උපසිරැසියක් අරගෙන ආවේ. මේ සලරුව කලින් බලල තිබ්බත්, සිංහල උපසිරැසියක් නැති නිසා මට හිතුන මේකට උපසිරැසි දාන්න ඕන කියල. 2002 වසරේ නිෂ්පාදනය වෙච්ච ස්පාඥ්ඥ සලරුවක් තමයි මේක. IMDB ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 6.8 ක අගයක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ක්‍රියාධාම, අපරාධ, කුතුහලය හා නාට්‍ය යන කාණ්ඩ වලට තමයි මේක අයත් වෙන්නේ.
මුල සිට අගට යනකම් කම්මැලි නැතිව බලන්න පුළුවන් කුතුහලයෙන් යුතු කතාවක් තමයි ගලාගෙන යන්නේ. කතාව ගැන සඳහනක් කරනවනම්,
බැංකු කළමණාකරුවකු වන මොඩෙස්ටෝ පර්ඩෝගේ දියණිය කඳවුරු බැඳගෙන සිටියදී ලැව් ගින්නකින් මිය යනවා. අවුරුදු 7 කට පසු පර්ඩෝගේ බැංකුව කොල්ලකෑමට ලක් වන අතර, මංකොල්ලකරුවන් විසින් ආරක්ෂිත තැන්පතු පෙට්ටි රාශියක් මංකොල්ල කනවා. මංකොල්ලයෙන් පසුව, පර්ඩෝ වැරදීමකින් තැන්පතු පෙට්ටියක් දෙස බලා තම දියණියගේ මරණය හදිසි අනතුරක් නොව මිනීමැරුමක් බව සනාථ කරන අමුතු ලියකියවිලි කිහිපයක් හොයා ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ මොනාද සිද්ද වෙන්නේ කියල බලන්න ඔයාලටම ආරාධනා කරනවා 😁
හරි එහෙනම් බලලම කියන්නකෝ හොඳ නරක. ගිහිල්ල එන්නම්. ජය වේවා හැමෝටම 🙏!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| DVDRip | x264 | SD | 700MB |
| DVDRip | x264 | 720p | 1.8GB |