MENU

Breathe (2018) [Season 01] Complete

කෝ මේකේ ගැටගහලා තිබ්බ හෙල්මට් එක?
රාහුල් හතර වටේම බැලුවත් හෙල්මට් එක නම් හොයාගන්න බැරිවුණා.
උස්සපු එකාට සාප කර කර රාහුල් බයික් එක ස්ටාට් කරගත්තා.
මහ වැස්ස.. රෑ හතට විතර ඇති.
වැඩි දුරක් යන්න උනේ නෑ. කොහෙන්දෝ ආපු කාර් එකක් බයික් එකේ වැදුනා.
බයික් එකත් පෙරලගෙන රාහුල් මීටර 10ක් විතර දුරට පාරේ ඇදීගෙන ගියා.
ඉහින් කනින් ලේ බේරීගෙන එද්දී, නැගිටගන්න හැදුවත්
බැහැ, කකුලක් බයික් එකට යට වෙලා.
කාර් එකෙන් බැහැපු මිනිහෙක් අඬාගෙන වගේ දුවන් ආවා.
අතේ මොකක්දෝ දෙයක් තිබ්බත් එක්ක.
මිනිහා කෑ ගහගෙන රාහුල්ගේ ෆෝන් එක ගත්තා
අරන් ඉස්පිරිතාලේ නොම්බරේ ඔබලා රාහුල්ගේ කනෙන් තිබ්බා.
“ඇම්බියුලන්ස් එකක්, වාලවල්කර් පාරට” රාහුල් ෆෝන් එකට මිමිණුවා.
වේදනාව යටපත් කරගෙන රාහුල්ට සහනයක් දැනුනා.
හැමදේම හරිය කියල හිතෙන්නැති.
ඒත් ඒ පොඩි වෙලාවකට විතරයි.
අර මිනිහා බිමට නැමිලා තඩි ගලක් දෝතින්ම ගත්තා
රාහුල්ගේ මුණට අතාරින්න තප්පර දෙකක් තියෙද්දී,
ඈතින් ඇම්බියුලන්ස් සද්දෙකුත් ඇහුනද කොහේදෝ.
“මට සමාවෙන්න, රාහුල්”

හැමෝටම ලැබුවාවූ සිංහල හින්දු අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියන ගමන් ලෑස්ති වෙන්නේ අලුත් අවුරුද්දට අලුත්ම තෑග්ගක් අරන් එන්නයි. ඔව්, හින්දි වෙබ් සීරිස් එකක්. පට්ට පතුරු වෙබ් සීරීස් එකක්. හින්දි කියපු ගමන් දුවන්න හදන්නෙපා අර මහගෙදර, ප්‍රවීනා වගේ කතන්දර වගේ වෙන්නැති කියලා හිතාගෙන. අනිත් අතට ඉතින් දැන් හින්දි වෙබ්සීරීස් ගැන අමුතුවෙන් කියන්නත් ඕන නෑ. අපේ සමීර සහෝ අරන් ආපු Inside Edge බැලුවා නම් අනිවා ඔයා මේවයේ තියෙන රහ හොඳ හැටි අඳුරනවා. Inside Edge අරන් ආපු ඇමසන් සමාගමේම ඊළඟ නිර්මාණය මේක කියලා කිව්වොත්?? ආයේ වෙන ගැරන්ටි මුකුත්ම ඕන නෑ නේද? මේ වෙද්දීත් ඩවුන්ලෝඩ් කරන්න දාන්න ඇති. නොදන්නා අය ඔහොමම ඉන්ඩකෝ එහෙනම්, තව ටිකක් මේ ගැන කියන්නම්.

2018 වසරේ කවුරුත් කම්පනයට පත් කරපු ඉන්දියන් නිර්මාණය මේකයි කිව්වොත් මම හරි මම හිතන්නේ. ට්‍රේලරේ දැකපු ගමන් මේක ගැන කවුරු කවුරුත් බලාපොරොත්තු පොදී බැඳගත්තා. ජනවාරි මාසේ 26 විකාශය ආරම්භ කරපු කොටස් 8කින් විතරක් තියෙන මේ වෙබ් සීරීස් එක කාගේත් ඇඟ සීතල කරලා මේ වෙද්දී IMDb 8.9ක සුපිරිම අගයක් වාර්තා කරලත් තියෙනවා. මනාප සංඛ්‍යාව 5000ඉක්මවලා. දැනෙන කම්පනය නම් උපරිමයි. පලවෙනි එපියේ පලවෙනි විනාඩි 2ම ඇති ඔයාලව මුළු සීරීස් එකට ඇඳ බැඳ තියාගන්න. රංගනයෙන් දැකලා නුපුරුදු අය නම් නෙමේ එකතු වෙන්නේ. කවුරුත් දන්න මාධවන්,අමිත් සාධ්, සප්නා පබ්බි සහ ශ්‍රීස්වරා ප්‍රධාන චරිත වලට පණ පොවනවා. මම ආයෙත් කියනවා, ට්‍රේලරේ බලන්න, සැකයක් නෑ ඊළඟට ඔයාගේ අත යන්නේ ඩවුන්ලෝඩ් බට්න් එකටයි. ඉන්දියන් සීරීස් එකක් කියලා දෙපාරක් හිතන්න දෙයක් නෑ. පලවෙනි එපිය විතරක් බලන්න.

පොඩ්ඩකට යමු IMDb පැත්තට, බලපු අයගේ අදහස් දැනගන්න.

Chirag Jain මෙහෙම කියනවා,

” මේක මාර ෂෝ එකක්. ඇමසන් සමාගමටයි Baby (2016) චිත්‍රපටියේ නිෂ්පාදකයන්ටයි ස්තුතී වෙන්න ඕන මේකට ජීවය දුන්නට. මේක මම එදා මෙදා තුර බලපු සුපිරිම ඉන්දියන් ෂෝ එකක්. හැගීම් දැනීම් සහ අපරාධමය පසුබිමක් එක්ක මුහු වෙච්ච නියම සංයුතියක්. මාධවන් ඇත්තටම දක්ෂ නළුවෙක්, තමන්ගේ චරිතය නියමෙටම කරනවා. සාමාන්‍ය හින්දි චිත්‍රපට හෝ ටෙලිකතා වගේ නෙමේ මෝඩ පසුබිම් වාදන ගීත සහ ඕනවට වඩා වැඩි දර්ශන ඇත්තෙම නෑ. කතාව උපරිමයි. රචකයා කොටසින් කොටස බොහොම පරිස්සමට ලියලා. බලන්නම වටිනා කතාවක්.” (ලකුණු ප්‍රමාණය 10/10)

doshiniravp මෙහෙම කියනවා,

මගේ ජීවිතේට මම බලපු හොඳම ටීවී ෂෝ එකක්. අනිවාර්යෙන්ම සමහර US ටීවී සීරිස් වලට තරඟයක් දෙන්න පුළුවන් නිර්මාණයක්. සමහර වෙලාවට Breaking Bad එකත් මතක් වෙනවා. ඉන්දියාවට තවත් මේ වගේ ෂෝ අවශ්‍යමයි. සුපිරි ලිවීමක්, ඊට නොදෙවැනි රංගනයක්, නොහිතන වෙලාවට සිද්ධ වෙන නොහිතපු දේවල්. අමිත් සාධ්ගේ රංගනය මාව පුදුම කරා. වචන දෙකක් නා. මුළු කතාවම ලියවිලා තිබුණේ මාධවන්ගේ චරිතය මත. ඔහුත් සුවිශේෂියි. අනිවාර්යෙන්ම ඔබ බැලිය යුතුම එකක්.” (ලකුණු ප්‍රමාණය 10/10)

deojitsinghමෙහෙම කියනවා,

පුදුම කතාවක්නේ. හැම කොටසෙම “අම්මටහුඩු” කියලා කියවෙන මොකක්හරි කෑල්ලක් තියෙනවා. එක කොටසක් ඉවර වෙච්ච ගමන් ඊළඟ කොටසට අත යන්නේ ඉබේටමයි. අවසන් කොටස තමා මේ කතා සමයට දෙන්න පුළුවන් නියමම අවසානය. ත්‍රාසය, බලාපොරොත්තුව, කම්පනය, හැගීම් එක්ක මුළු කතාවම සමබර වෙලා තිබ්බා. හොඳ වෙලාවට මේක තවත් එක පළිගැනීමේ කතාවක් වුණේ නැත්තේ. ඉන්දියන් කතාවක මම බලපු සමබරම කොටස් 8 තමා මේ. හැම කෙනාම තමන්ගේ චරිතය හොඳටම කරා, A+ එකක් දෙනවා. ලකුණු 10ක් දෙනවා, හැබැයි ඒකත් මදි මේ ෂෝ එකට නම්. තාමත් මේ ගැනමයි කල්පනාව”

එහෙනම් තව මුකුත් කියන්න අවශ්‍ය නෑ කියලා හිතෙනවා. තවත් දැනගන්න ඕන නම් යන්න IMDb පිටුවට. මේ වගේ ප්‍රේක්ෂක විචාර 90ක් විතර කියවගන්න පුළුවන්.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x265 | 720p | 1.5GB | (Complete S01)

6C8196BC525AC5D1BBFDB767FF6D07B6981DBC40

Direct Download

| WEBRIP | 720p | x265 |

Episode 01     |   200MB

Episode 02      |     190MB

Episode 03      |    200MB 

Episode 04      |    180MB 

Episode 05     |     180MB

 

Episode 06     |     200MB

  

Episode 07     |     180MB

  

Episode 08     |     170MB

  

| WEBRIP | 720p | x265 | 1.5GB | Complete

        අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Breathe (2018) [Season 01] Complete

  • Waruna Gayan

    Breathe sinhala subtitle nogalape…

    Reply
  • rangika

    sub galapen ba poddak chek karanwada thank u!

    Reply
  • Subtitles not working well

    Reply
  • eranga jayalath

    Me download link walin download wenne nahane . Mokadda karanna ona kiyala poddak kiyanawada

    Reply
  • meke sampurna episodes tikai subtitle ekai denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *