MENU

Captain America Movie Collection

1.Captain America: The First Avenger (2011)

2011 ජූලි වල නිශ්පාදනය කරපු මේ චිත්‍රපටිය Joe Johnstonගේ අධ්‍යක්ෂනයක්.මේක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 7.1 වගේ ඉහළ සංඛ්‍යාවක් ලබා ගෙන තියනවා. Chris Evans, Hayley Atwell, Sebastian Stan, Tommy Lee Jones ඇතුළු නළු නිළියෝ රැසක් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා.

මම එහෙනම් කථාව පොඩ්ඩක් කියන්නම්.ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය ආසන්නයේ හිම මිදෙන මුහුදක ගවේශන කණ්ඩායමක් යමක් හොයනවා.ඒ කණ්ඩායමට අවසානයේ පැරණි ගුවන් යානයක් වගේ එකක් හම්බ වෙනවා.ඉතින් මේ ගුවන් යානය මොකක්ද?මේ පැරණි යානය ඇතුලේ තියෙන්නේ මොනවද?මේ ගුවන් යානයත් එක්ක බැඳුන අතීත කථාව මොකක්ද?ප්‍රශ්න ගොඩක් නේද?ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු මේ චිත්‍රපටිය බැලුවහම ඔයාලට හොයා ගන්න පුළුවන් වේවි.

2.Captain America: The Winter Soldier (2014)

කතාව ගැන කියනවනම් මෙහෙමයි.. “කැප්ටන් ඇමරිකා ගැන දැනගෙන හිටියත් එයාගේ අතීතය ගැන අපි ඒ හැටි දන්නේ නැහැනේ. ඒ වගේම එයා මුල් වතාවට හයිඩ්‍රා බලය පරාද කලාට පස්සේ මොනාද උනේ කියලා අපි දන්නේ නැහැනේ. මේ සිනමපටයේදී වෙන්නේ ඊට පස්සේ සිදුවුණ සිදුවීම් සමග වර්තමාන සිදුවීම් ගලපාගෙන කතාව ඉදිරියට අරන් යාමක්.. ඒජන්ට් ඔෆ් ශිල්ඩ් නැරඹුවානම් දැනටමත් ඔයාලා දන්නවා ශිල්ඩ් අභ්‍යන්තරයෙම තමයි හයිඩ්‍රා පිලලය වැඩිලා තිබුනේ කියල. ඒ සිදුවීම් ආරම්භ වෙන්නේ කොහොමද කියලා මේකෙදි බලාගන්න පුළුවන්. කැප්ටන් ඇමෙරිකා එහෙම නැත්තම් ස්ටීව් රොජර්ස්ව මරන්නයි ශිල්ඩ් එකේ ඉදපු ඒත් හයිඩ්‍රා පාක්ෂිකයින් ඔට්ටුවෙන්නේ. අහ් ඊට කලින් අධ්‍යක්ෂ නික් ෆියුරිට වෙඩි තියනවා අන්තිම මොහොතේදී නික් ෆියුරි විසින් කැප්ටන්ට යමක් අන්තර්ගත පෙන් ඩ්‍රයිව් එකක් දෙනවා. ඒ වගේම කිසිම කෙනෙක්ව විස්වාස කරන්න එපා කියනවා. සිද්දිය පටන් ගන්නේ අන්න එහෙමයි. ඔය අතරෙදි මෙතෙක් ඔබ නොදන්නා චරිතයක්ද කතාවට පැමිණෙනවා. පියාබන්න පුළුවන් උපකරණයක් පැලදගත්තු කෙනෙක් එයාගේ නම ෆැල්කෝන්…

ඒ වගේම අමතක කරන්නම බැහැ නතාෂා රමනොව්ෆ්. ඔව් එයත් ඉන්නවා. ඇය වෙනුවෙන් ඉදිරියේදී වෙනම සිනමාපටයක් නිර්මාණය කරන්න මාවල් ආයතනය තීරණය කරලා තියනවා කියල ආරංචියකුත් තියනවා. ඉතින් එයා කැප්ටන් ඇමෙරිකා එක්ක මොනාද මේ කරන්නේ…? ඔයාලට මතක ඇති පළමු සිනමපටයේදී කැප්ටන්ගේ හිත ගත්තු යුවතිය පෙගී, එදා යානය කඩන් වැටුනට පස්සේ පෙගීට මොකද උනේ.. ඒ වගේම කැප්ටන් අමෙරිකාගේ පැරණි මිතුරෙක්, මියගියා කියලා හිතන් හිටපු කෙනෙක්. ප්‍රධානම හතුරෙක් විදියට මේකෙදි එලියට එනවා.. ඇයි එයා හතුරෙක් වෙලා තියෙන්නේ…? අහ් ඒ වගේම ඉහල අහසේ සිට අපේ පුංචි ශ්‍රී ලංකාව ඉතාම කදිමට පෙන්නුම් කරන දර්ශනයකුත් තියනවා. විස්තර ටිකක් උඩින් උඩින් කිවුවට හැම දේම කියන්න හිත නැහැ.

හේමන්ත සමයේ සොල්දාදු උන්නැහේ කවුරුන්ද කියල බාගත කරගෙනම බලන්නකෝ එහෙනම්. පෑ දෙකහාමාරකට අසන්න කාලයක් ගෙවිලා යනවා දැනෙන්නේවත් නැතිවෙයි. මුල් වතාවට බලද්දී මටනම් එහෙම උනා. ඒ වගේම පළමු සිනමාපටය නරඹා නොමැතිනම් මේකට කලින් ඒක බලන්න. එතකොට අපැහැදිලි තැන් මතුවෙන එකක් නැහැ. උපසිරස කරද්දී මමත් වරහන් ඇතුලේ ඉඟි පලකරලා තියනවා ඒ කියන දේවල් තේරුම් ගන්න උදව්වක් වෙන්න. ෆිල්ම් එක ධාවනය වෙනකොට ඒක කියවන්න වෙලාව මදි වෙයි සමහර තැන් වලදී ඉතින් අමනාප නැතිව ෆිල්ම් එක ධාවනය වීම නවත්වලා ඒක කියවන්න. ඒ වගේම මාවල් සිනමාපට පෙලම අපේ අඩවියේ සිංහල උපසිරසි සමගම තියනවා. ඒ හැම එකක්ම බලන්න. එහෙම උනොත් මේ සිද්දවෙන ගොඩක් දේවල් තේරුම් ගන්න ඉතාමත් පහසු වේවි ඔයාලට. මොකද මාවල් පිටපත් රචකයෝ සමහර තැන් වලදී එක පොඩි වචනයකින් ලොකු තේරුමක් දෙනවා. උදාහරණයක් විදියට මාවල් අවෙන්ජ්ර්ස් ෆිල්ම් එකේදී කොල්සන් මිය ගියහම යම් මෑන් කැප්ටන් අමරිකාට කියනවා කොල්සන්ගේ පෙම්වතිය චෙලෝ වාදනය ශිල්පිනියක් කියල. අන්න ඒ වචනේ ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කතා මාලාවේදී එක කතාංගයක් සදහා වෙන් වෙනවා. ඒක බලපු අයට මතක ඇති කොල්සන් එයාව බේරගන්න විදිය ගැන. ඉතින් ඒවගේම ඉතාම රසවත් සිනේ කතා පෙළක් අතර ඇති සම්බන්ධය දැනගන්න පුළුවන් වේවි ඒ හැම ෆිල්ම් එකක්ම නැරඹුවොතින්. එහෙමනම් හිතවතුනේ අදට නවතින්නම් කියවනවා වැඩියි වගේ හිතෙනවා ?

3.Captain America: Civil War (2016)

අවසන් අවේන්ජර්ස් සිනමා පටය අවසාන වෙනකොට සකොවියා කෙදවාච්කය අවසානයි… අවේන්ජර්ස් කණ්ඩායම බොහොම සතුටෙන් තමුන්ගේ ගම් රට බලා පැමිණ අවසානයි, නමුත් සකොවියාවේ ජනතාව ඉන් පස්සේ අපි දකින්නේ නැහැ, අපේ වීරයන් බොහොම පිරිසක් බේරා ගන්නවා නමුත්… මහා ගොඩනැගිලි කඩා වැටෙන තැනක, යකඩ යක්කු, දුවන කෝච්චි, සුපිරි මිනිසුන් අණ කොටාගන්නා තැනක සාමාන්‍ය මිනිසුන්ගේ ජිවිත ගැන කතා වෙන්නේ නැහැ නෙව. ඉතින් එහෙනම් දැන් ඒ කතාවටයි මේ අපි සුදානම් වෙන්නේ….

මම මගේ පුතා ගැන බොහොම ආඩම්බරයි… ඔයා ඔහුව ඝාතනය කළා. නමුත් ඒක ඔයාට බලපානවා ද? ඔයාලා කිසිම කෙනෙක්ට බලපානවා ද? ඔහෙලා හිතන්නේ ඔහෙලා සටන් කරන්නේ අපි වෙනුවෙන් කියලා… නමුත්… ඔහෙලා සටන් කරන්නේ තමුන් වෙනුවෙන්…කවුද මගේ පුතා මැරුව කෙනාගෙන් පලි ගන්න යන්නේ ? එයා මැරුණා… මම ඔහෙටයි ඒ වරද පටවන්නේ….

ලෝකයම මේ වගේ ගිනි ගන්නවා, රටවල් එක්කාසු වෙනවා මෙතෙක් කාගේවත් අණක් පිලි නොපන් සුපිරි වීරයන් ලෝකයේ ජනතාව වෙත අරගෙන එන්න, සුපිරි වීරයන් හුදෙක් ඔවුන්ගේ දෙවි වරුන් නොකර ඔවුන්ගේ සේවකයන් කරන්න… මේ කතා කරන්නේ විනාඩි දෙකක් උසාවියට අරගෙන එනවා වගේ වැඩකට නැති වැඩක් ගැන එහෙම නෙමෙයි… හරි ආකාර පනතක් සම්මත කරලා අලි කෝටි මෙල්ල කිරීමක් ගැන… නමුත් දැන් පිරිසක් මේකට කැමති පිරිසක් අකමැති… කැමති අකමැති….!

මෙතෙක් ලොවක් වෙනුවෙන් හැප්පුන වීරයන් තමුන් වෙනුවෙන් හැප්පෙන් හැටි තමයි එහෙනම් දැන් මේ උපසිරැස එකක් ඔබට බලාගන්න තියෙන්නේ. කතාවේ පළමු විනාඩි කිහිපය වගේ තමයි අර මුලින් කිව්වේ, ඉතුරු කිසිවක් කියන්න බලාපොරොත්තු නැහැ, මෙතෙක් කලක් ඉවසන් උන්න එකේ සබ් එකක් බලාගන්න. මොකද එහෙම කතාව කියලා නාස්ති කරන්න වටිනා දෙයක් නෙමෙයි මේ…

මේ වතාවෙත් Anthony Russo, Joe Russo දෙන්නා තමයි අධ්‍යක්ෂකවරුන් හැටියට මේ අගනා සිනමා නිර්මාණය අපි වෙත අරගෙන එන්නේ… තිඅරයේ දකින මුහුණ ගැන කතා කරනවා නම් Chris Evans, Robert Downey Jr., Scarlett Johansson, Sebastian Stan, Anthony Mackie, Don Cheadle, Jeremy Renner, Chadwick Boseman, Paul Bettany, Elizabeth Olsen, Paul Rudd, Tom Holland, Emily VanCamp, Daniel Brühl, Frank Grillo හා තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. ධාවන කාලය පැය 2 යි මිනිත්තු 27 යි.

ලබාගෙන තියන IMDB අගය 8.3 යි ලේසි නැහැ IMDB 250 ඇතුලේ 129 වැන්න වෙන්නත් මේ සුළු කාලයට මේ සුපිරි සිනමා නිර්මාය සමත් වෙලා තියනවා. විචාරක පැසසුම ගැන කතා කරනවා නම්රෝටන් රෝමටෝ 90% වගේ ඇති විශාල අගයක්… ආදායම මේ වෙනකොටත් බිලියන 1 පන්නලා අවසානයි… හැබැයි කියන්න ඕනේ මේ වෙනකොට ඇවිත් ගත වෙලා තියෙන්නේ දවස් 17 යි සමාවෙන්න ඕනේ හිතුව තරම් ආදායමක් නැති වුන එක ගැන ? .

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Captain America: The First Avenger (2011)

Torrent Download

| Bluray | x264 | 720p | 750MB | YIFY |

907C44FABBB0A57A169B6FF465579ED69EEC71FF

Direct Download

| Bluray  | x264 | 720p | 750MB | YIFY |

2.Captain America: The Winter Soldier (2014)

Torrent Download

| Bluray | x264 | 720p | 931MB | YIFY |

FC49A628946FAD524E99E1DCC0082842D8695DAE

Direct Download

| Bluray  | x264 | 720p | 931MB | YIFY |

3.Captain America: Civil War (2016)

Torrent Download

| Bluray | x264 | 720p | 1.06GB | YIFY |

 EB2D1EDF90C35F7BEFCAB92D064B608E8EC5F571

Direct Download

| Bluray  | x264 | 720p | 1.06GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Captain America Movie Collection

  • Thank you so much. Me web eka nm patta a. Thanks. !

    Reply
  • Civil war eke sub ganna bane

    Reply
  • Openload links are not working.need help.

    Reply
  • captain america civil war ganna bane

    Reply
  • sandeepa

    captain america civi war is not found please help me bro!

    Reply
  • AnjanaDulan

    mata ekakwath download karaganna bane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *