ඔන්න අද හැමෝටම අරගෙන ආවෙ කොලනි කතා මාලාවෙ අවසාන කොටසයි. නමුත් මේකට සාර්ථක අවසානයක් කියලා කියන්න නම් බැහැ මොකද මෙහි ඊළඟ කතා සමයට ඉඟියක් තිබුනත් USA Network විසින් කොලනි තුන් කතා මාලාවේ විව්ස් අඩු වීම හේතු කොටගෙන මෙම කතා මාලාව නැවත්වීමට තීරණය කොට තිබෙනවා. ඉතින් ඒ නිසා ටිකක් විතර කළකිරීමකුත් ඇති වෙනවා කතාවට සාධාරණ අවසානයක් නොලැබීම නිසා. කොහොම හරි ඒ කතා වලින් ඉතින් දැන් වැඩක් නැහැ.
කලින් කතාව පොඩ්ඩක් මතක් කලොතින්, ඇලන් සියෑටල් පාලක වු පසු කයින්ස් විරුද්ධවාදීන් සමඟ සැඟවී සිටිනවා. පසුව මෙයාලා බෙල්වීවල තියන කයින්ස්ගේ ආරක්ෂිත බංකරයට ගමන් කරනවා. යන ගමනේදී IGA එකෙන් මෙයාලට ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා. මෙතන්දි කයින්ස් සහ ඔහුගේ ආරක්ෂකයා ප්‍රාදේශීය මුර සංචාරක රථයක් අරගෙන බොන්සෝ වලට තාවකාලිකව පැනයනවා. මෙහි සිට කයින්ස් බැහැර කරන්නන්ට ඔහුව බේරාගැනීමට පණිවිඩයක් යවනවා. ඉන් පසු කයින්ස්ව බේරාගැනීමට බැහැර කරන්නන් කණ්ඩායමක් පැමිණෙනවා. බේරාගැනීමේ මෙහෙයුම අතරතුර කයින්ස්ට වෙඩි වැදෙනවා. මේ අතරතුර බ්‍රෑම් ඇයගේ බංගිවත් රැගෙන තම පෙම්වතියගේ නිවසට ආරක්ෂිත ස්ථානයට යාමේ බලාපොරොත්තුවෙන් යනවා.
ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ. අද කොටසේ ආරම්භයේ IGA එකේ ප්‍රධාන ශාඛාවට තමන්ගේ වැඩ වලට පල විපාක ලැබෙන හැටි බලාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මේ එන ධාරකයින්ගේ සහ මිනිසුන් අතර යුද්ධයේ මනුෂ්‍ය වර්ගයා දිවි ගළවා ගැනීමට කුමන පියවරකට එළඹෙනවද කියලත් බලාගන්න පුළුවන්.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.