MENU

Constantine City of Demons (2018-) [S01 : E01-E05] | යක්ෂයින්ගෙන් පිරුණු නගරයක

ජෝන් කොන්ස්ටන්ටින් කියන්නේ කවුද කියලා අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැනෙ. මොකද අපිට ලස්සන සජීවිකරණ කතාමාලාවක් දකින්න ලැබුණාNBC නාලිකාවෙන්. අවාසනාවට ඒ කතාමාලාව නැවතුනා. පස්සේ කාලෙක අපිට Arrow, DC’s Legends of Tomorrowවගේ කතාමාලා වලින් පවා කොන්ස්ටන්ටීන්ව දැකගන්න ලැබුණා. ඊටත් පස්සෙ Justice League Dark (2017)ඇනිමේෂන් චිත්‍රපටයෙන් පවා හොද කතාවක් දැකගන්න ලැබුණා. හේතුවක් නැතුවම සුපිරි වීරයින්ටත් වඩා පස්සෙ කාලෙක මේ චරිතෙට අපි හුගක් ආදරේ කරන්න ගත්තා. මොකද එයාගෙන් අපි දැක්කෙ අමුතුම වෙනසක්. ඒ වෙනස නිසාම ප්‍රේක්ෂකයින් තවත් කතාසමයක් ඉල්ලලත් තිබුනා. ඒත් ලැබුණේ නම් නැහැ. මොකද කීයටවත් NBC නාලිකාවෙන් නම් එහෙම දෙයක් වෙන්නෙ නැහැ.

ඕක CW ලා කලා නම් අනිවාර්යෙන්ම නෑමක් මිස ගොඩ යෑමක් නැහැ. ඒත් නිතරම වගෙ CW නාලිකාවේ කතාමාලා අතරට මැට් රයන්ව ජෝන් හැටියට ගෙන්නන නිසාම මේ අය තීරණය කලා කොන්ස්ටන්ටීන්ව දම්මලා කෙටි ඇනිමේෂන් කතාමාලාවක් නිර්මාණය කරන්න. මේ නිවේදන පවා අපි මංසල හරහා දැනුවත් කලා. Vixen පළමු හාදෙවන කතාසමය කියලා කෙටි ඇනිමේෂන් කතාමාලාවක් අරගෙන ආවා මතක ඇති කියලා හිතනවා. අන්න ඒ විදිහටම තමයි මේ කතාමාලාව විකාශය වුණේ. CW ලගේ ඒකාබද්ධ තැනක් තමයි CW seed කියන්නේ. මේක හරහා කතාමලාවන් විකාශය වෙන්නේ අන්තර්ජාලය හරහායි.  කතාමාලාව නම් කරලා තියෙන්නේ“Constantine City of Demons” කියලයි.වෝනර් බ්‍රදර්ස් වගේම බලු රිබන්එක්කාසුවෙන් තමයි මෙදාපාර නිෂ්පාදන කටයුතු වෙන්නෙ. Justice League: Gods and Monsters (2015)Batman: The Killing Joke (2016) වගේ එදාමෙදා කාලයේදී නිකුත් වුනු DC කොමික් පදනම් වෙලා නිර්මාණය වුනු චිත්‍රපට වගේම වගේ කතාමාලා නිර්මාණය කරන්නට දායක වුණු “Sam Register” තමයි මෙහි විධායක අධ්‍යක්ෂකවරයාගේ කරතව්‍ය සිදු කරලා තියෙන්නේ. ඒවගේම මෑතකදී ආරම්භ වුණු Krypton කතාමාලාව නිර්මාණය කල David S. Goyer වගේම තව ඇමරිකානු චිත්‍රපට රචකයෙක් වගේම DCTV වල ඇතැම් කතාමාලාවන් නිර්මාණය කරන්නට දායක වුණු “Greg Berlanti”වගේම “Sarah Schechter” නම් කාන්තා පාර්ශවයේ කෙනෙකුත් මේ කතාමාලාව නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා.IMDb දර්ශකය තුල මේ වෙද්දී 9.3/10 ක අගයක් ලබාගෙන තියෙනවා. ඒවගේම තමයි ජෝන් කොන්ස්ටන්ටීන්ගේ චරිතය වෙනුවෙන් “Matt Ryan” හඩකැවීමෙන් දායක වීමක් වෙලා තියෙනවා. අනික තමයි මේකේ හරියටම කොටස් ගණන කියන්න නම් දන්නේ නැහැ. කෙටි වෙබ් කතාමාලා සාමාන්‍යයෙන් ගොඩක් ඇදගෙන යන්නේ නැහැ. බොහෝදුරට කොටස් දහයකින් නිමාවෙන්න ඉඩතියෙනවා. මොකද අද අරගෙන ආව කොටස් පහම එකවර විකාශය වෙලා තියෙනවා. කොටස් පහකින් නම් කොහොමටවත් ඉවර වෙන්න විදිහක් නැහැ. Animation, Fantasy, Horror කියන කැටගරි වලට අයත් වෙන මේ කතාමාලාවවිනාඩි 5-6 අතර කාලසීමාවකට අයත් වෙනවා. මාර්තු 24 වැනිදා ඒ කියන්නේ ඊයේ දවසෙදි තමයි විකාශය වෙලා තිබුණේ.

මම කලිනුත් කිව්වනේ කොන්ස්ටන්ටින් ගැන අමුතුවෙන් කියාදෙන්න ඕන නැහැ කියලා. මේ කොටස් පහ ඇතුලෙ තියෙන්නේ ජෝන් පොඩි කාලෙ ඉදලා එකට හැදුනු වැඩුණු එකම යාලුවා චැස් ජෝන් ඉන්න දිහාවට එනවා එයාගෙන් උදව් ඉල්ලගෙන. එයාගෙ දුවට පොඩි අකරතැබ්බයක් වෙලා. එයා විශ්වාස කරනවා එයාගේ දුවට වෙලා තියෙන දේ සාමාන්‍ය දෙයකට එහා ගියපු දෙයක් නිසා ඇතිවුණු දෙයක් වෙන්න ඇති කියලා. අවුරුදු ගාණකට පස්සෙයි චැස් මේ විදිහට ජෝන්ව හොයාගෙන ඇවිත් තියෙන්නෙත්. අනික මේ දෙන්නා අතර ලොකු ඉතිහාසයක් තිබිලත් තියෙනවා. චැස්ගෙ දුවට මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්. ජෝන් ගැන මතක නැත්තම් කොන්ස්ටන්ටීන් කලින් විකාශය වුණු කතාමාලාවේ මුල්ම කොටසට ලබා දුන්නු ලිපියත් කියවලාම ඉන්නකො.

එහෙනම් ඉතින් මං අදට සමුගන්නවා. ලබන්නා වූ සතියෙ සුපර්නැචුරල් තුලින් ආයෙමත් මුණගැහෙමු. ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | 480p | 141MB | Complete  |

1123CDDFA607AB4DB25E7448A0520F8B38C20A19

| WEBRIP | x264 | 720p | 380MB | Complete  |

E98DF4F087AF232721209426C04DAA13C48C4337

Direct Download

| WEBRIP | x264 | 480p | 141MB |

| WEBRIP | x264 | 720p | 380MB |

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Constantine City of Demons (2018-) [S01 : E01-E05] | යක්ෂයින්ගෙන් පිරුණු නගරයක

  • Lahiru dilanka

    Mata constantin tv serious eka download kara ganna one, eth direct download dunnama download wenne nane,, ekata mokada karanne kiyanwada loku uduwak

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *