2000 වසරේ නිර්මාණය වුන අතිවිශිෂ්ටම සිනමා පටයක් වන Crouching Tiger, Hidden Dragon තමයි ඒ වසරේ හොඳම විදෙස් චිත්‍රපටය ඇතුළු ඔස්කා සම්මාන 4ක් දිනාගන්න සමත් වුනේ. ඉතින් වසර 16 ක් ඇවෑමෙන් සෘජු නෙට්ෆ්ලික්ස් ඉදිරිපත් කිරීමක් ලෙස තමයි මේ එම කතාන්තරයේ දෙවැනි දිගහැරුම අපි වෙත එන්නේ. මෙවර අධ්‍යක්ෂණය Woo-Ping Yuen අතින්, කලින් වතාවේ වගේම මෙවරත් Du Lu Wang අතින් රචිත ග්‍රන්ථය ථංඅයිඑ මේ සඳහා පාදක කරගෙන තියෙන්නේ.
මේ වනකොට IMDB දර්ශකයේ 6.3 ක අගයක් ලබාගෙන තියන මේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටය ඊට අමතරව වික්‍රමාන්විත, ෆැන්ටසි හා නාට්‍යමය කියන කාණ්ඩයන් නියෝජනය කරනවා. කලින් වතාවේ උණගස් උඩ ඇවිදිමින්, පියාඹමින් කල සරඹ මෙවරත් ඕනවට වඩා බලාගන්න හැකි ඔබට. කොහොමත් ඉතින් මෙවැනි චිත්‍රපටිවැල ක්රියාමද අඩුවක් නැහැ නෙව.
මෙවර ගිය වතාවේ නළු නිළියන්ගෙන් නැවත එන්නේ Michelle Yeoh පමණයි ඒ ඇය කලින් රංගනයේ යෙදුන යූ ෂූ ලියන් චරිතය වෙනුවෙන්මයි. මෙවර ඊට අමතරව Donnie Yen (IP Man සිනමා පට පෙලේ වීරයා), Harry Shum Jr., Natasha Liu Bordizzo වගේම තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. ධානව කාලය වෙන්නේ පැය 1 මිනිත්තු 40ක්. දැන් හැරෙමු කතාව පැත්තට.
කලින් චිත්‍රපටයෙන් කලක් ගත වෙලා දැන්, මේ වෙනකොට ලී මූ බායි මියගිහින්, ඒ වගේමයි ටියා උතුමාණනුත්, ඔහුගේ අවමංගල්‍ය වෙනුවෙන් සහභාගී වෙන්න දැන් හුදෙකලා ජිවිතයක් ගෙවන ෂූ ලියන් එනවා නැවතත් ටියා නිවස වෙත. නමුත් අතර මග දී ඇයට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඇය ලේසියෙන්ම ඒ පිරිසට තනියම පහර දෙනවා විතරක් නෙමෙයි දිනනවා, මේ ප්‍රහාරයෙන් එක චරිතයක් කැපී පේනවා. කොහොම හරි ඇය සමත් වෙනවා ටියා නිවස වෙත යන්න එතකොට තමයි මේ ප්‍රදේශය හොල්ලන් ඉන්න ලෝටස් නම් සංවිධානයක් ගැන දැනගන්න ලැබෙන්නේ ඇයට. ඔවුන් ඇයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වෙන විට නැති වෙලා යි ප්‍රසිද්ධ ලී මූ බායිගේ අසිපත හොරාගන්න ඔවුන් උත්සහ කරනකම්.
පලාවන් දෛවය හැටියට නම් ලද ඒ අසිපත යොදාගෙන සටන් කල කිසිවෙන් මෙතෙක් සටනකින් පරාජය වෙලා නැහැ, ඒක නිර්මාණය කරලා තියෙන්නේ පුරාණයේ නැතිවී ගිය ශිල්ප ක්‍රමයක් භාවිතා කරලා. ලෝටස් නායකටා වෙන ඩයි මේක ලබාගන්න තමයි උත්සාහය. ඉතින් මේ එක්කම ලියන් හට තවත් සිත් ගන්නා චිතයක් ඇදුනා ගන්න ලැබෙනවා. ඒ චරිතය තනිකරම නිදාන කතාවක්. ඒ වගේම මෙතෙක් මිය ගියා යැයි හිතන කෙනෙක් එනවා කතාවට.
ඒ එන්නේ කවුද ? අවසානයේ අසිපතට මොකක් වේවි ද? ලෝටස්වරුන් සටනින් ජය ගනීවි ද? මේ ඔක්කොම බලාගන්න ඔබට බාරයි දැන්. විශේෂයෙන් ස්තුතියිවන්ත වෙන්න ඕනේ විමාට මේක එයා වෙන්කරගත්ත චිත්‍රපටයක් මට 150 වෙනුවෙන් දෙන්න ලග පාත එකක් නොතිබ්බ නිසා ඉල්ලු පමාවෙන් මට මේක දුන්නට බොහොම ස්තුතියි එහෙනම්. එහෙනම් මේ සතියේ බෙවුල්ෆ් කොටසින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDRip | x264 | 720p | 750MB |
| HDRip | x264 | XviD | 1.4GB |
One thought on “Crouching Tiger, Hidden Dragon Sword of Destiny (2016) | දෛවයේ අසිපත….”
Me aiye me hidden dragon 2 film eka direct download karanne kohomada? Torrent eke aulak wage.