MENU

Dark [S01 : E04] | තුන් කල් ඔස්සේ විසඳුම් සොයමින්…!!

~~පෙර කොටසින්~~

කලින් කොටසෙදි අපිට මුල් කොටස් දෙකේදි දැනගන්න බැරිවුණු දේවල් ගොඩක් දැනගන්න පුළුවන් වුණා. 1986 වසරේ සිද්දවුණු දේවල් වලට වර්තමානයේ වින්ඩන් වල ඉන්න කට්ටිය ළමයින් විදිහට මුහුණ දීපු විදිහ අපිට දකින්න ලැබුණා.1986 අවුරුද්දට ගිහින් ඉන්න මිකල්ට අල්රිච්ගේ අම්මත් හම්බවෙනවා. ඒ වෙද්දි අල්රිච්ගේ සහෝදරයත් මිකල් අතුරුදහන් වුණු විදිහටම අතුරුදහන්වෙලයි ඉන්නෙ.බාටොස්ගේ අම්මා රෙගීනා මතකයිනේ. රෙගීනගේ අම්මා වින්ඩන් න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රධාන තනතුරට පත්වෙන විදිහත්, එයා වින්ඩන් ගුහාවල තිබිල අල්රිච්ට හම්බවුණා වගෙම න්‍යෂ්ටික ද්‍රව්‍ය බැරල් තොගයක් හොයාගත්තු හැටිත් අපිට දකින්න ලැබුණා. වර්තමානයේදි වගෙම 1986 වසරෙදිත් අභිරහස් විදිහට කන් බෙර දෙකම පුපුරලා බැටළුවෝ වගෙම කුරුල්ලොත් මැරිල තියනවා කියල අපිට දැනගන්න පුළුවන් වුණා. 1986 අවුරුද්දෙ ඉන්න මිකල්ට නම් මේ හැමදෙයක්ම පටලැවිල්ලක් වෙලයි තියෙන්නෙ. එයා කියන දේවල් කිසිම කෙනෙක් විශ්වාස කරන හැඩක් නම් පේන්න තිබුණෙ නැහැනේ. අපිට 1986 අවුරුද්දෙදි පොඩි ළමයි විදිහට හිටපු අය දැන් මොන වගේද, කාගෙ කවුද කියන එක ගැන ඉඟියකුත් මේ කොටසෙදි දකින්න ලැබෙනවා. තුන්වෙනි කොටස අවසානයෙදි මිකල් 1986 ඉඳන් වර්තමානයට එන්න වින්ඩන් ගුහාව ඇතුළට යද්දි අල්රිච් තමන්ගෙ පුතාව හොයන්න වින්ඩන් ගුහාව ඇතුළට යන හැටිත් අපි දැක්කනේ.

~~අද කොටසින්~~

අද කොටසෙදි අපිට චාලට් ඩ්‍රොප්ලර්ගේ මහත්තයා ඒ කියන්නෙ පීටර් ඩ්‍රොප්ලර් මොනවගේ කෙනෙක්ද කියල දැනගන්න ලැබෙනවා. ඒ වගෙම තමයි පීටර්ගේ තාත්තා, හෙල්ග් ඩ්‍රොප්ලර් වින්ඩන් වල මේ සිද්දවෙන දේවල් ගැන මොකක්හරි දෙයක් දන්න බව අඟවනවා. මිකල්ගේ අතුරුදහන් වීම ගැන සොයා බලන චාලට් දිගින් දිගටම හෝඩුවාවන් හොයාගෙන යනවා. මේ හෝඩුවාවන් හොයාගෙන යද්දි චාලට්ට පීටර් ගැනත් සාධාරණ සැකයක් ඇතිවෙනවා. මේ වෙද්දි හැමෝම වගේ දන්නවා වින්ඩන් වල සිද්දවෙන සිදුවීම් වලට අතීත සිදුවීම් එක්ක සම්බන්ධකමක් තියන බව. මිකල්ව හොයන්න හිතාගෙන බලාගාරයට හොරෙන් ඇතුළුවෙන අල්රිච්ට නම් වැඩ වරදිනවා. චාලට්ගෙ පොඩි දුව ඒ කියන්නෙ එළිසෙබත්ට එයා වගෙම ළමා පෙම්වතෙකුත් ඉන්නවා. ඉකෝලෙ ඇරිල ගෙදර එන අතරෙදි එළිසෙබත්ට අපූරු හාදයෙක්වත් මුණගැහෙනවා. 
එහෙනම් බලලම ඉන්නකෝ…

~~Destiny Is All~~

~~සියල්ල දෛවයයි~~

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

WEB-DL | x264  | 480p | 275MB

7464D0CFEC16F4B5AC130927AEC934812CC51624

Direct Download

| WEB-DL | x264 | 480p | 177MB |  

   

| WEBRIP | x265 | 720p | 195MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Dark [S01 : E04] | තුන් කල් ඔස්සේ විසඳුම් සොයමින්…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *