MENU

Darling in the FranXX EP01 : EP02 (2018) | එකට එක්ව පියාඹන තනි තටුවේ කුරුල්ලෝ!

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා..

මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි…

පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර…

ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි…

සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්..

පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය..

කුමක් හෝ හේතුවකට…

මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන විලාසයක් ‌‌‌ලෙසයි…

විශාල පරිණාමයක් සිදුවීමෙන් පසු පෘථිවිය දැන් තිබෙන්නෙ අනාගතයේ කාලරාමුවකයි. ඉතිරිව සිටින පෘථිවි වාසීන් මතුපිට අත්හැර “ප්ලාන්ටේෂන්” ලෙස හඳුන්වන ජංගම යෝධ ජනපද වල වාසය කරයි.  මෙහි දරුවන් සහා වැඩිහිටියන් වාසය කරන්නේ වෙන් වෙන්වයි. වැඩිහිටියන් මෙම යෝධ ජනපද වල තාක්ෂණය අතින් ඉතාම ඉහළ නගර වල ජීවත් වන අතර ඔවුන් අමරණීයෝය. නමුත් අමරණියත්වය වෙනුවෙන් ඔවුන්ට අහිමි වී ඇත්තේ ප්‍රජනන හැකියාවයි. ඉතින් මේ කියනා දරුවන් මේ ලෝකයට බිහිවී ඇත්තේ කෘතිමව වන අතර ඔවුන්ගෙ ඉපදීම තීරණය වී ඇත්තේ පෘථිවිය මුහුණ පා ඇති විශාල තර්ජනයකට සටන් වැදීම වෙනුවෙනුයි.

මේ විදියට කෘතිමව නිර්මාණය කරන දරුවන් “පැරසයිට් වරු” ලෙස හඳුන්වනු ලබනවා. ඔවුන්ට දෛවයෙන් උරුම වී ඇති ඉරණම කුමක්ද?

21 වෙනි සියවසේදී කැණීම් තාක්ෂණයේ ප්‍රථිඵලයක් ලෙස පෘථිවියේ හරයේ ඇති මැග්මා මතුපිටට ගෙන බලශක්තිය ලබාගැනීමට මිනිසා සමත් වෙනවා. මේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වෙන පිරිස “ඒප්” නමින් සංවිධානයක් බිහි කර මුළු ලෝකයේම දේශපාලන භූ ගෝලිය බලය ඔවුන් යටතට ලබාගන්නවා. මැග්මා බලය යොදාගනිමින් අමරණිය වන මිනිසාට එහි අතුරු ප්‍රථිඵලයක් ලෙස දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වෙනවා. නමුත් මේ පොළව හැරීමේ ක්‍රියාවලිය හේතුවෙන් නොසිතූ පිරිසක් මතුපිටට පැමිණෙනවා. ඔවුන් තමයි “කියොරියු” නමින් හඳුන්වන යෝධ රාක්ෂයන්. මොවුන්ගේ තර්ජනයෙන් ගැලවීම සඳහායි ඔවුන් යෝධ ජංගම නිවාස වලට විතැන් වෙන්නෙ.

මෙතනදි දරුවන් කෘතිමව නිර්මාණය වීමට පිළිතුරු ලැබෙනවා.  ⁣අඩු වයසක සිටියත් ඔවුන්ට අත්වී ඇති ඉරණම ඇත්තටම ලෝකෙ කිසිම දරුවෙක්ට නොලැබිය යුතු, නොපැතිය යුතු ඉරණමක්.

මං කලින්  පොරොන්දු වුන විදියටම 2018 වසරෙ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් ඇනිමෙ එක අරන් ආවා. එම වසරේ සංගීතය, රූප, හැම අතින්ම ඉදිරියෙන් සිටීමට මේ ඇනිමේ එක සමත් වෙලා තියෙනවා. පළවෙනි කොටස අවසාන තත්පරය වෙනකන් නරඹන්න උත්සහයක් දෙන්න. එතනින් පස්සෙ දිගටම බලනවද නතර කරනවද කියන එක ඔබේ කැමැත්තක්. වැඩකට නැති ඇනිමෙ එකක් දෙන්නෙ නෑ කියලා දන්නවනෙ. කලින් දෙක වගේම මේකටත් ඔයාලා ආදරේ කරයි.

Sci-Fi, Mecha, Action, Drama, Romance මේ කාණ්ඩවලට වැටෙන මේ ඇනිමෙ එක CloverWorks ආයතනය මගින් නිශ්පාදනය කර ඇත. 2018 සහා 2019 පැවති ඇනිමෙ සම්මාන උළෙලවල් 4ක ලබාදුන් සම්මාන අතරින් සම්මාන 35ක් ලබාගැනීමට Darling in the FranXX සමත් වී තිබෙනවා. ඒ වගේම මේකෙ අන්තර්ගත ගීතත් ප්‍රේක්ෂයන් අතර ඉතා ජනප්‍රිය වුනා. ඉතින් මේ ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. පළවෙනි කොටස අන්තිම තත්පරේ වෙනකන් බලලම තීරණය කරන්න හොඳද නැද්ද කියලා. මං මුල් කොටස් 12 අරන් එනවා ඒත් එක්කම කවීෂ මල්ලි (Death Note උපසිරස් ලබාදුන්න මල්ලි) ඉතිරි කොටස් 12 අරන් එයි. එහෙනම් මේකත් රසවිඳින්න.

ඊළඟ කොටසින් මුණගැහෙමු.

16+ වැඩි පිරිස නරඹනවනම් හොඳයි සමහර තේරුම්, සිද්ධි නිසා. 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 1080p | 6.44GB | COMPLETE | S01

Direct Download

| HDTV | x264 | 480p | 148MB | E01 |

| HDTV | x264 | 480p | 149MB | E02 |

| HDTV | x264 | 720p | 326MB | E01 |

| HDTV | x264 | 720p | 327MB | E02 |

| HDTV | x264 | 1080p | 6.44GB | COMPLETE | S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *