MENU

DCs Legends of Tomorrow [S03 : E18] | අපි තමා ලෙජන්ඩ්ලා…

අපිව මොන විදියට මතක තියේවිද? ලෝකය දෙපාරක්ම බේරගත්තු අය විදියටද?
නෑ, අපි තමයි ඉතිහාසය විනාශ කරපු කණ්ඩායම. 
අන්න හරි, ඉතිහාසය කෑලි කෑලිවලට කැඩිලා ගිහින් තියෙන්නේ. 
ඒ කියන්නේ අපිටම තමයි ඒක ආපහු කෑල්ලෙන් කෑල්ල එකතු කරලා හදන්නත් වෙන්නේ. 
මේ කාලෝචිත නොවූ දේවල් කියන ඒවා හරිගස්සන්න වෙනවා අපිව කෑලි කෑලි වලට කැඩිලා යන්න කලින්.
ඉතින් කරුණාකරලා, අපිට වීරයෝ කියලා කියන්න එපා. 
අපි ලෙජන්ඩ්ස්ලා.”
2017 ඔක්තෝම්බර් මස 10වන දින විකාශය ආරම්භ කරන්න යෙදුනාවූ  DCs.Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ අවසාන කොටසේ උපරිසයි මේ රැගෙන ආවේ. කාලෝචිත නොවූ දේවල් සකසමින් ඉතිහාසය ආරක්ෂා කිරීම තමා මෙවර කතා මාලාවේ ප්‍රධාන තේමාව වුනේ. සුපුරුදු පරිදිම මේ කාර්ය සිද්ධ කරන අතර වාරයේ ලෙජන්ඩ්වරුන්ගේ සතුරා ලෙස පැමිණියේ ඩේමියන් ඩාර්ක් හා නෝරා ඩාර්ක් යන දෙපලයි. එනමුත් ඔවුන් දෙදෙනාද වෙනත් කෙනෙකුගේ සහචරයන් දෙදෙනෙක් ලෙසයි මෙවර කතා මාලාවේ දී ක්‍රියාත්මක වුනේ. එනම් මලස් නමැති කාල යක්ෂයාගේ සහචරයන් දෙදෙනෙක් විදියටයි. ඔවුන්ගේ කාර්ය වුනේ කාලය ඡේදනය කරමින් මලස් නමැති යක්ෂයාව නිදහස් කර ගැනීමයි, මේ නිසාම ලෙජන්ඩ්වරුන් හා ඩාර්ක්ලා අතර නිතරම වගේ ගැටුම් ඇති වුනා. මෙසේ ගලා ගිය කොටස අද දිනයේ දී නිමාවන් දකින්නේ ප්‍රධාන සතුරා වන මලස් හා ලේජන්ඩ්වරුන් අතර බොස් ෆයිට් එකෙනුයි.
පසුගිය සතියෙන්…
කාල ඡේදනය ක්‍රමක් ක්‍රමයෙන් සිද්ධ වීම නිසා මලස් නිදහස් වීමේ අවසාන පියවරට ලඟා වෙනවා. එනමුත් තමන්ගේ දියණියන්ට වෙන්න යන දේ ගැන දැනගන්නා ඩේමියන් ලෙජන්ඩ්වරුන් සොයා එන්නේ ඇයව බේරා දෙන ලෙස ඉල්ලමින්. මුලින් මේ සඳහා අකමැත්තක් දැක්කුවත්, ඩේමියන් හා එක් වී මලස් හා සටන් කොට නෝරා බේරා ගැනීමට ලෙජන්ඩ්වරුන් එකඟ වුනා. මේ අතර වාරයේ තමන්ගේ ගම බේරා ගැනීම සඳහා ගිය අමායා නතර කිරීමට නතානියල් හා වොලී පිටත් කර හැරීමට සාරා කටයුතු කරනවා. ඒ අමායා යම් හෙයකින් ගම බේරාගෙන කාලෝචිත නොවූ දෙයක් කළහොත් මලස් නිදහස් වී පැමිණෙන නිසායි. එනමුත් මේ තීරණයට එකඟ නොවන අමායා සෘජුවම ප්‍රකාශ කර සිටින්නේ තමන් තමන්ගේ වර්ගයා බේරා ගැනීම උදෙසා සටන් කරන බවයි. කෙසේ මුත් අවසානයේ සාරා ද මෙම තීරණයට කැමැත්තක් දක්වන්නේ නොදන්නා සතුරාට වඩා දන්නා සතුරාට පහර දීමට ලේසි නිසාවෙනුයි. එනම් මලස් එලියට ගෙන පහර දී පරාජය කිරීමේ අදිටනෙන් යුක්තවයි. අවසානයේ සිතැඟි වූ පරිද්දෙන්ම මලස් තමන්ගේ කුඩුවෙන් නිදහස් වී නෝරාව යටපත් කරගනිමින් නැගී සිටියා.
මේ සතියෙන්…
කුඩුවෙන් නිදහස් වූ මලස් ලෙජන්ඩ්වරුන්ට අවස්ථා දෙකක් ලබා දෙනවා. එනම් ටෝටම් හය බාර දී පලා යෑම හා ලෝකය විනාශ දිහා බලාගෙන සිටීම යන අවස්ථා දෙක. එයින් මලස් හා සටන් කොට ලෝකය බේරාගන්නවා කියන තීරණය මත ලෙජන්ඩ්වරුන් උතුරු බටහිරට ටෝටම් රැගෙන පලා යන්නේ මලස්ගෙන් සැඟවීමටයි. එනමුත් කාල යක්ෂයෙක්ගෙන් එසේ සැඟවිය හැකිද? ටෝටම් හය භාර දී ලෙජන්ඩ්වරුන් යටත් වේවිද? නැතිනම් මලස් හා සටන් කරාවිද? සටනේ දී ඩාර්ක්ගේ සහය කෙබඳු වේවිද? කී දෙනෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වේවි ද? මේ ගැටළු විසඳාගෙන අවසාන කොටස රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කර සිටිනවා.
පසුගිය සතියේ සිද්ධ වුන අකරතැබ්බය නිසාවෙන් මට උපසිරස්කරණය සිද්ධ කරන්න බැරි වුනත් ඒ වෙනුවෙන් ජෙරොම් වැලස්කා (ඇත්ත නම අහන්න එපා) සහෝ ඒ කාර්ය කිසිම අඩුවක් නැතිව මටත් වඩා හොඳට සිද්ධ කළා. ඉතින් ඒ වෙනුවෙන් ඒ සහෝට ස්තුතිය පුදකරන අතරම DCලගේ කතාවකට උපසිරස් කරන්න ආසාවෙන් ඉන්න වෙලාවේ මාව මේ පඹ ගාලේ පටලපු  අශාන් විමුක්ති සහෝ ස්තුතිය පුදකරමින් එසේම වේවා කියලා ප්‍රර්ථනා කරනවා. බැඳගත බෙරේ ගහන්නත් එපැයි කියලා වැඩේ පටන් ගත්තට එහෙන් මෙහෙන් අඩු පාඩු එහෙම නොවුනාම නෙවෙයි. ඒ වගේ වෙලාවට හසන්ත අයියා තමා කෙවිටත් අරන් පස්සෙන් එලෙව්වේ. එහෙම නොවෙන්න මේ කතා මාලාව මඟ නතර වෙන්නත් තිබුනා. ඒ නිසා දිරි දීමනා සඳහා වූ ස්තුතිය යන්න හසන්ත අයියට. ඒ වගේම තමා මට බැරිවුණ වෙලාවට උපසිරස්කරණයෙන් සහය දක්වපු සහෝලා හැමෝටමත්,කමෙන්ට් එකකින් සහය දුන්නු ප්‍රේක්ෂක ඔබ සැමටත් ස්තුතිය පුදකර සිටිනවා. එහෙනම් මේ කතා මාලාවේ සිව්වන සමය මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මුල් සතියේ වගේ විකාශන ආරම්භය වේවි කියලා හිතනවා. ඉතින් ඒ වෙනකම් යහතින් හිටියොත් කලින් කිව්වා වගේම ඒ සමයෙත් උපසිරස ගෙන ඒම අනිවාර්යෙන් මම සිද්ධ කරනවා. එසේනම් හැමෝටම ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය,සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතමින් මම සමුගන්නවා.
~හැමෝටම ජය ශ්‍රී~

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 394MB |  

6FD7E789058D58E1BBD271EE6E2861E576896387

Direct Download  

| HDTV | x264 | 480p | 241MB |       

   

    | HDTV | x265 | 720p | 321MB |  

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “DCs Legends of Tomorrow [S03 : E18] | අපි තමා ලෙජන්ඩ්ලා…

  • machan. zipped folder eke Trojan ekak thiyenawa. virusguard eken detect karanawa.

    Reply
    • Dilan Ranga

      Guard eka mokakda machan

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *