ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නේ.ඕන්න මේ පාර වේලාසන වගේ අරගෙන එන්න හැකියාවක් ලැබුණා. ඒවගේම කියන්න ඕන තුන්වන කොටසේදී කෙනෙක් පවසලා තිබ්බා ”කරන්න බැරි නම් වෙන එකෙකුට දියන්” කියලා. ඒ කෙනාට මේක කියන්නේ.මේකට උපසිරැස සපයන එක නවත්තන්න හිටියෙ. නමුත් කට්ටිය කතාවෙලා තමයි මේක මෙහෙම අදින්නේ.ඉතින් ඒ කෙනාට ටිකක් කියන්න කලින් ”බයිස්කෝප් කන්ටැක්” මෙයිල් එකට දාලා අහන්න තිබුණා පරක්කු මොකද කියලා. කලින් පරක්කු වෙච්ච අවස්ථා වලදී මම රිප්ලයි පවා කරලා තිබ්බා. නමුත් මේ වතාවේ මට කරගන්න බැරි උනා මළගෙයක් තිබිච්ච නිසාවෙන්. ඕන්න ඔය හේතුව නිසා තමයි ඒ කොටස වෙන කෙනෙකුට ලබාදුන්නේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. මං කියන්නේ ආයෙ එහෙම කියන්න කලින් මෙයිල් එකක් දාලා නැත්තම් බුකිය හරහා පණිවිඩයක් හරි දාලා අහන්න තිබ්බ කියලයි. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමුකො.
කලින් කොටසේදී දකින්න ඇතිනේ ජෝන් කෑම්ප් එකේ හිටිය ළමයි ටිකක්ව බේරගන්න ගිහින් අමාරුවේ වැටුණා. ඉතින් මෙයා එවැනි මායාවක් පාවිච්චි කිරීම නිසා ක්ෂණ වෙන්න අරගත්තා.හරියට බැටරියක් බැහැල යනවා වගේ දෙයක්.ඉතින් මෙයාට උදව් කරන්න රේ නෝරා ඩාක්ව හොයාගෙන යනවා.ඉතින් සාරා එක්ක එකතු වෙලා මෙයාලා නෝරාව හොයාගන්නවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ නෝරා 2018 වර්ෂයේම කාල කාර්යාංශය අසල ජිවත් වෙනවයි කියලා.ඔය අතරේ තවත් පලායන්නෙක් ගැන ආරංචියක් ලැබෙනවා.ඒ තමයි ටෝකියෝ මුහුදු බොක්ක ආශ්‍රයේ ගැවසෙන විශාල බුවල්ලෙක් වගේ සතෙක් පිළිබදව. ඉතින් මේ පාර කණ්ඩායම දෙකකට බෙදිලා මේ බුවල්ලව අල්ලගන්න යනවා.එතකොට තමයි දැනගන්නේ මේ බූවල්ලා කෙනෙක්ගෙ පරිකල්පනය මගින් පණ ආපු එකෙක් කියලා. ඔයාලට කතාව බැලුවහම සම්පුර්ණයෙන්ම වගේ තේරුම් යයි ලෙජන්ඩ්ලා මොන වගේ දෙයක් එක්කද හැප්පෙන්නේ කියලා. ඒවගේම තමයි අද කොටසේදී දැකබලාගන්න පුළුවන් වෙයි නේට්ගෙ තාත්තාගෙ අමුතු හැසිරීමක්. කොහොමහරි ඒ ගැන හරිහමන් විස්තරයක් කියවෙන්නේ නැහැ.ඔහු යම් ආකාරය ව්‍යාපෘතියක් ගැන. කෙනෙකු සමග සංවාදයට යෙදෙනවා. එහෙනම් ඉතින් ඔයාලම බලාගන්නකෝ.
මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Torrents Download
Direct Download
| HDTV | x264 | SVA | 304MB |
| HDTV | x264 | 720p | 1.1GB |
| HDTV | x265 | 720p | 247MB |