MENU

DCs Legends of Tomorrow [S04 : E15] | කාර්යංශය යළි අත්පත්කර ගැනීම…

ඔන්න එහෙනම් DC’s Legend Of Tomorrow කතාමලාවේ අවසාන කොටසට කලින් කොටසයි මේ අරගෙන එන්නෙ. කරන්න හිටියෙ නම් මම නෙමේ වෙන කෙනෙක් නමුත් ඔහු කරගෙන ආපු උපසිරැසය කැපී ගොස් තිබෙනවා හාඩ් එකට වෙච්ච ඩැමේජ් එකක් හේතුවෙන්. ඊටපස්සෙ තමයි මට බාරවුණෙ. ඒ වෙනකොටත් බාරගත්තු කීපයක්ම වගේ එක දිගටම ඇවිත්. මුලින් ගත්තු එව්ව ඉවරයක් කරන්න එපැයි. ඔන්න ඕක තමයි පමාවට හේතුව. කොහොමහරි අවසාන කොටසත් හැකි ඉක්මනින් ලබාදෙන්න උත්සහ කරන්නම්.

කලින් කොටසේදී මතක ඇතිනෙ ජෝන්ට වෙන්නෙ අපායට යන්න සිද්ධ එකයි. ඒ මොකටද කියනවා නම් රේගෙ අතමය හොයාගෙන එන්න. ඉතින් ජෝන්ට මේ වැඩේ එච්චර හරි ලේසි වෙන්නෑ මොකද කියනවා නම් ජෝන් අපායට යවපු ගොඩක් කට්ටිය බලන් ඉන්නෙ පළිගන්න. ඒවගේම තමයි නිරෝන් කාර්යාංශය අත්පත් කරගන්නවා. ඒ කරල මෙහෙයුමක් දියත් කරනවාඅපායේ රජවෙන්න. හැබැයි ඒකට ආත්ම ඕන කරනවා. ඉතින් එයා කරන්නෙ රේගෙ ස්වරුපයෙන් එක්තරා ඇප් එකක් නිර්මාණය කරල ඒ වැඩේ කරගන්න. ඒවගේම තමයි ගැරි ෆෙයාරි ගෝඩ්මදර්ගෙ කීම අහල ලෙජන්ඩ්ලාට අනතුරක් කරන්න උත්සහ කරනවා. හැබැයි ගැරීගෙ වෙනසම අදහසක් තියෙන්නෙ. මොකද ගැරී කොච්චර එයාලට පිටුපෑවත් යහළුවෝ කියන විත්තිය අමතක කරල නැහැ. ඒ නිසා එයා වෙනස්ම දෙයක් කරනවා මෙයාලට. ඒ කොහොමෙන් හරි වෙන්නෙ කාර්යංශය අල්ලගන්න තියෙන වැඩේ කණපිට පෙරලෙන එකයි. ඔන්න ඔතින් කට්ටිය වෙන් වෙනවා. ඉතුරු වෙන්නෙ සී සහ සාරි විතරයි. මේ දෙන්නටම ඒ වැඩේ තනියෙම කරගන්න පුළුවන් වෙයිද කියලා හිතන්න අමාරුයි. දන්නවනෙ නිරෝන් ගොඩක්ම බලවත් කෙනෙක්. එහෙනම් ඉතින් බලමුකෝ මෙයාලට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 720p | 946MB |

Direct Download

| HDTV | x264 | 480p | 180MB |

| HDTV | x264 | 720p | 946MB |

| HDTV | x265 | 720p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *