MENU

DCs Legends of Tomorrow [S04 : E04] | වගුරු රාක්ෂයා …

හරි එහෙනම් ඔන්න Legends of Tomorrow කතා මාලවෙ 4 වෙනි කතා සමයේ 4වෙනි එපිය අරගෙන මං ඔයාල හමුවට ආවා ආයෙමත්. ටිකක් පරක්කු වුණා සමාවෙන්න ඕන. හරි එනං අපි කෙලින්ම කතාවට බහිමු.

කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ කණ්ඩායම තවත් ඉන්ද්‍රජාලික පලායන්නෙක්ව හොයාගෙන ලන්ඩන් වලට යනව. ඇත්තටම මේ කියන පලා යන්නා “The Smell” කියල මෙලෝ රහක් නැති රොක් බෑන්ඩ් එකකට මුවාවෙලයි තමයි හිටියෙ. කන්ස්ටේන්ටිංගෙ අනුමානය වුණේ මෙයා අයර්ලන්ත ජනප්‍රවාදවල සඳහන් වෙන දෙවඟනක්ය කියලයි. ඒවගේම කන්ස්ටේන්ටිං හිතුව මෙයා අර කීව බෑන්ඩ් එකේ සාමාජිකයෙක් විදිහට ඉන්නවයි කියල. ඉතිං කණ්ඩායම හැදුවේ බෑන්ඩ් එකට ලං වෙලා ඒ කවුද කියල හොයාගන්නයි. ඔයාල දකින්න ඇතිනෙ රේ ඒක හොඳටම කරපු හැටි සෑහෙන මිල අධික බල්ලෙක්ව හොරකම් කරල ගෙනත් දීල එයාලගෙ විශ්වාසෙ දිනාගෙන. කොහොමවුණත් රේගෙ වෑයම සාර්ථක වුණානෙ එයා හොයාගත්තා පලායන්නා ඒ බෑන්ඩ් එකේ ඉන්න ප්‍රධාන ගායකයා චාර්ලි කියල..හැබැයි ඉතිං මෙයා කන්ස්ටේන්ටිං හිතුව විදිහේ අයර්ලන්ත දෙවඟනක් වුණේ නෑ බැලින් නං බුවා ශේප් ශිෆ්ටර් කෙනෙක්. චාර්ලි රේව සිහිනැති කරල රේගෙ A.T.O.M එක පාවිච්චි කරලා එයා පස්සෙන් එන කණ්ඩායමේ අනික් අයව මරන්න උත්සහ දරපු විදිහ ඔයාලට මතක ඇති කියල හිතනව. කොහොමවුණත් පස්සෙ රේට සිහිය ඇවිල්ල කණ්ඩායමේ අයව ආපහු බේරගෙන චාර්ලිව අල්ලගත්තනෙ.  කොහොමවුණත් කන්ස්ටේන්ටිං මෙතනදි හැදුවෙ එයාව අපායට තුරං කරල දාන්නයි..ඉතිං චාර්ලි කණ්ඩායමේ ඉන්න හැම කෙනෙක්ගෙම හැඩරුව අරගෙන අනුකම්පාව අයැද්දා. අන්තිමේදි ඒක කෙලවර වුණේ චාර්ලි අමායගෙ රූපෙ අරගෙනයි..අනික් අයගෙ විරුද්ධතාවය මැද කන්ස්ටේන්ටිං එතනදි මන්තරයක් ජප කරනව චාර්ලිට ආය කවදාවත් හැඩරුව වෙනස් කරගන්න බැරිවෙන විදිහට. අන්තිමේදි කණ්ඩායම තීරණය කරනව චාර්ලිව හිරකාරියක් විදිහට තියාගන්න..ඔන්න ඔහොම තමයි කලින් එපිය කතාව ගෙවී ගියෙ.

අද කතාවෙදි කණ්ඩායම 1995 ගිම්හාන කඳවුරක සිදුවෙන ළමයින් අතුරුදන් වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න යනව. ඉතිං මුලු කතාවම මේ කඳවුර වටා තමයි ගෙතිල තියෙන්නෙ. අද එපිය පොඩ්ඩක් විනෝදයට බරයි වගේම වෙනස්ම අත්දැකීමක් ඔයාලට එක් කරයි කියල හිතනව. ඔයාලම බලාගන්න මං කියන්නෙ නෑ මොකුත්..හරි එහෙනං මේ කතාමාලාවෙ මගේ දායකත්වය මෙතනින් අහවරයි. සිද්ධ වෙච්ච පරක්කුවට මං ආයෙමත් ඔයාලගෙන් සමාව ගන්නව. මං ගියා. .ජය වේවා..

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 320MB |  

Direct Download  

| HDTV | x265 | 720p | 220MB |       

    | HDTV | x264 | SVA | 320MB |  

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “DCs Legends of Tomorrow [S04 : E04] | වගුරු රාක්ෂයා …

  • Sanduni

    Thnks
    Ada Rama download krnwa
    Enkn bln hitiye

    Reply
  • Hodaa supiri kathawak.anakam unnama downlod karaganna thanks.Robin hood tv show akath danna.all epi

    Reply
  • charith ihalavithana

    me se 4 nemei 5.. mama deparak download kara.. sub match wenne ne.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *