MENU

Death Race | Movie Collection

1.Death Race (2008) | මරුවා සමග වාසේ…

මේ පාර ‍ගෙනාවෙ 2008 වසරේ තිරගත වෙච්ච සුපිරි Action ෆිල්ම් එකක්. Universal සමාගමේ බෙදාහැරීමක් වන මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස්  6.4 ක් ලැබිල තියෙනවා.

හරි ආයෙත් ෆිල්ම් එක දිහාට හැරෙමු. මිනිත්තු 110 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Paul W.S. Anderson නම් අධ්‍යක්ෂවරයා. Transporter, Expendables, Mechanic, Parker වගේ චිත්‍රපටිවල රඟපාපු Jason Statham තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ.

තමුන්ගෙ බිරිඳව මරපු චෝදනාවට Jensen Ames (Jason Statham) ට හිරේට යන්න වෙනවා. ඒ කාලෙ වෙනකොට ඇමරිකාවෙ හිරගෙවල් පාලනය ක‍රන්නෙ පුද්ගලික සමාගම් විසිනුයි. ඔවුන් පවත්වනවා Death Race නම් කාර් රේස් එකක්. ඒත් සාමාන්‍ය කාර් රේස්වලට වඩා නම් වෙනස්. කොහොම හරි මේකෙන් 5 වතාවක් දිනන කෙනාට හිරෙන් නිදහස් වෙන්න පුළුවන්. Jensen Ames ට තියෙන්නෙ තව එක වතාවක් මේ රේස් එක දිනන්න විතරයි. ඉතිං ඔහුට ඒක දිනන්න පුළුවන් වෙයිද?.  මේ කාර් රේස් එකේ තියෙන වෙනස මොකක්ද? ඒව දැනගන්න නම් ෆිල්ම් එක ඔයාලටම බලන්න වෙනවා. 

2.Death Race 2 (2010) | නිදහස උදෙසා තරග කරමි….

මේ ෆිල්ම් එක නම් රිලීස් කළේ 2010 ජනවාරි 18 වෙනිදා.. Roel Reine අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක විනාඩි 100 ක් පුරා දිවෙන පට්ට ෆිල්ම් එකක්…

Luke Goss (Carl Lucas)
Tanit Phoenix (Katrina Banks)
Ving Rhames (Weyland)
Lauren Cohan (September Jones)
Sean Bean (Markus Kane)

වගේ සුපිරි සෙට් එකක් තමයි මෙකට රංගනයෙන් දායකත්වය වෙලා තියෙන්නේ….

ඉතින්….ෆිල්ම් එක ගැන කිව්වොත්….මෙහෙමයි. කාල් ලූකස්ගෙ බොසා එවසක් බැංකුවක් මංකොල්ල කන්න කියලා මෙයාට කියෙනවා…ඕක අතඓ පොඩි අවුලක් වෙලා කාල් ලූකස් ව පොලීසියට මාට්ටු වෙනවා…. මෙයා ගිහින් දාන් හිර ගෙදර තියෙනවා තරගයක් (ඔයාල ම ෆිල්ම් එක බලන්නකො ඒ තරගෙ මොකක්ද කියල දැන ගන්න) ඒක මෙයාල කොහොම හරි කාර් රේස් එකක් කර ගන්නවා……තව කිව්වොත් ඔයාලට මේකෙ රහක් නැති වෙනවා……කොහොම හරි මේ රේස් එක නම් පට්ටම තමා….

3.Death Race 3: Inferno (2012) | දිනුවොත් මරණය..පැරදුනොත් ජීවිතය..

මගේ නම ෆ්‍රැන්කන්ස්ටයින්. මම කවදහරි මගේ පලිය ගන්නවා.. ෆ්‍රැන්කන්ස්ටයින් ට කවදාවත් මියයන්න බැහැ. ඔහුට වෙඩි වදින්න පුළුවන්, පිලිස්සෙන්න පුළුවන්, පුපුරන්න පුළුවන්.ඒත් ෆ්‍රැන්කන්ස්ටයින් හැමවෙලාවෙම දිවි ගලවාගන්නවා. “ෆ්‍රැන්කන්ස්ටයින්“ ඔහු තමයි “මරණයේ තරඟය“.

ඔයාලා මේ චිත්‍රපටි මාලාවේ පලමුවැන්න සහ දෙවැන්න බැලුවනම් දැනටමත් දන්නවා ඇති කවුද මේ ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නෙ කියලා.. මංකොල්ලයකට සහභාගී වන කාර්ල් ලූකස් නම් පුද්ගලයව යැවෙන්නේ අමුතුම ආකාරයේ සිරගෙදරකටයි. එය පිහිටා තිබෙන්නේ ටර්මිනල් නම් දිවයිනකයි. එහිදී ඔහුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න ලැබෙනවා. ඒ තමයි එකිනෙකාව මරාගන්නා මෝටර් රථ ධාවන තරඟ මාලාවකට සහභාගී වෙන්න සිදු වීම. මේ තරඟ මාලාවේ තරඟ පහක් එක දිගට ජයග්‍රහණය කරන ක්‍රීඩකයට අසහාය ත්‍යාගයක් හිමි වෙනවා. ඒ තමයි හිරගෙදරින් නිදහස් වීමේ වරම.. දෙවෙනි චිත්‍රපටිය අවසානයේ පෙන්නන්නේ කාර්ල් රිය අනතුරකට මුහුන පාලා දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබලා යන්තමින් පණ බේරගන්නා අන්දමයි. ඉතින් මේ තුන්වෙනි චිත්‍රපටිය පටන් ගන්නේ ඔහුගේ විරූපී බව ප්ලාස්ටික් සැත්කම් මගින් සුව කරලා නැවතත් ඔහුව අර ධාවන තරඟ මාලාවට යොමු කරන සිද්ධියකිනුයි. මේ පාර තරඟය තියන්නේ අප්‍රිකාවේ කලහාරි නම් කාන්තාර ප්‍රදේශයක් තුලයි.. මේ වතාවේ තරඟය මෙහෙයවන්නේ නයිල්ස් යෝර්ක් නම් ධනපතියෙක් විසිනුයි. ඒ වගේම තරඟයේ එක් ප්‍රධාන නීතියක වෙනසකුත් මේ පාර තියෙනවා. කාර්ල් ලූකස් හෙවත් ෆ්‍රැන්කන්ස්ටයින්ව මේ තරඟයට යොමු කරන්නේ “දිනුවොත් මරණය.. පැරදුනොත් ජීවිතය“ යන කොන්දේසිය මතයි..

මේ වසරේ මීට දින කිහිපයකට කලින් නිකුත් උන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 65 වෙනි ස්ථානය ලබා ගත් සුපිරි චිත්‍රපටියක්. කාර්ල් ලූකස්ගේ චරිතය නිරූපනය කරන්නේ මේ චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටියේ කාර්ල් ලූකස් ට රඟපෑ Luke Goss නම් සුපිරි නළුවායි..ඒ වගේම Danny Trejo ගෝල්ඩ්බර්ග් ගේ චරිතයට පණ පොවමින් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් මේ සුපිරි නිර්මාණය යුනිවර්සල් සමාගමේ තවත් අති සාර්ථක නිමැවුමක් කියලා කියන්නත් ඕන. IMDb දර්ශකයේ 5.8/10ක් ලබා ඇති මේ චිත්‍රපටියේ නිකුත් වෙන දිනය ලෙස සඳහන් වෙලා තියෙන්නේ 2013 ජනවාරි 22වැනිදායි.

ඉතින් යාළුවනේ.. කාර්ල් ලූකස්ට ඔහුගේ පස් වෙනි තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන් වේවිද? ඔහුට නිදහස ලබා ගන්න පුළුවන් වේවිද? මේ පාර වෙනස් කරලා තියෙන ප්‍රධාන නීතිය මොකක්ද? කවුද මේ පාර තරඟය මෙහෙයවන්නේ? මේ පාර මොන වගේ මෝටර් රථයක් ද ලූකස්ට ලැබෙන්නේ? ඔහුට මේ තරඟයේදි හමුවන අභියෝග මොනවද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.

4.Death Race 2050 (2017)  | මැරෙනකන් තරග බිමේ

එහෙමනම් ඉතින් තවම නිල වශයෙන් විකාශය පටන් ගත්තේවත් නැති කතාවක උප සිරැසි අරගෙන එන්න තමා මේ සුදානම් වෙන්නේ. ඇත්තටම මම මේක කරන්න ඇහුවේ මොකද ඒ දවස් වල 2008 විතර මම ගොඩක් මේකේ පලවෙනි චිත්‍රපටියට ආස හිතුනා. එක මම බලපු චිත්‍රපටි වල මතක හිටින නමක්. ඇත්තම මට බලපු චිත්‍රපටි මතක හිතිනවා අඩුයි. එහෙම වෙලා මතක හිටිනවා කියන්නේ ලොකු වැදගත් එකක් වෙන්න ඕනා මට. මට මතක විදිහට මේකේ අනිත් සමගාමී චිත්‍රපටි වලට  බයිස්කෝප් එකෙන් උපසිරසි දීලා තියනවා. දීලා නොතිබුනොත් බලමු ඉස්සරහට ඒවා අරගෙන එන්න. පහුගිය කොටස් එක්ක මේකේ කිසිම සම්බන්දයක් නැ ඒ නිසා ඒවා නොබැලුවා කියලා නම් ප්‍රශ්නයක් නැ.

ඇත්තටම මේක නිකුත් වෙන්න තියෙන්නේ මේ මාසේ 17 වෙනිදා. හැබැයි ටොරන්ට් එකක් එලියට ආව නිසා අනිත් වැඩ අස්සේ මේක කරන්න උනේ.පොඩි පොඩි අඩු පාඩු ඇති. මොකද මේක ටිකක් වැඩිහිටියන්ට පමණයි පොඩි පොඩි දර්ශන වගේම වචන භාවිතා වෙනවා, අහ්හ් 18 ට පහල ඇය නොබැලුවත් කමක් නැ. (:P) තවම විකාශය නොවුන නිසා imdb එකේ ලොකු අගයක් තවම අරගෙන නැ එත් මම හිතනවා ඉස්සරහට එක වැඩි වෙයි කියලා.

DEATH RACE 2050 මේක අනාගතේ ඇමරිකා වල වෙන වැඩක්. කලින් ඒවගේ වගේම මේකත් තියෙන්නේ මිනිස්සු මරන්න තමා. මරණ තරමට තමා දිනන්න පුළුවන් එහෙම කිවා කියලා හොරර් ෆිල්ම් එකක් නම් වෙන්නේ නැ පොඩ්ඩක් හිනා වෙලා බලන්න පුළුවන් මට්ටමේ එකක්.

G.J. Echternkamp අධක්‍ෂණය කරන මේ චිත්‍රපටියේ පිටපත  G.J. Echternkamp හේ හා Matt Yamashita  ගේ , ප්‍රධාන චරිතය Manu Bennett  ඇරෝ බලනවානම් ස්ලෙඩ් විල්සන්  නිරුපනය කරනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Death Race (2008)

Torrent Download

| Bluray | x264 | 720p | 750MB | YIFY |

CB6344944D215616B83BDAAD4C9A90E97B4E9BD4

 Direct Download

| Bluray  | YIFY | 720p | 750MB |

2.Death Race 2 (2010)

Torrent Download

| Bluray | x264 | 720p | 750MB | YIFY |

 9A1119BA6AED81D6213FEF3CCDD5DD1A0C68827F

Direct Download

| Bluray  | x264 | 720p | 750MB | YIFY |

3.Death Race : Inferno (2012)

Torrent Download

| Bluray | x264 | 720p | 700MB | YIFY |

480E26E1620F42DCECDE3A03A93F7CC92A38913F 

Direct Download

| Bluray  | x264 | 720p | 700MB | YIFY |

4.Death Race 2050 (2017)

Torrent Download

| Bluray | x264 | YIFY | 680MB |

074935E48D91F121AA899658FB18D5B43C981C30

Direct Download

| Bluray | x264 | YIFY | 680MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Death Race | Movie Collection

  • Download link weda neee

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *