MENU

Deception [S01 : E01] | ටා…..ඩා……

ඔන්න ඉතිං ලාස්ට් ශිප් වලට පස්සේ ටීවි සීරියස් වලින් සමුගන්න හිටපු මම තවත් කතාවක් පටන් ගත්තා. මේ වගේ වෙලාවට තමයි අර උපමාත්මක කොටි වලිගය ආපහු මතුවෙන්නේ. තව කොටියෙක් ඇහැරුණු එකේ දැන් ඌගේ වලිගෙත් අල්ලගෙන ඌ නිදාගන්නකං හෝ මේ වලිගේ කාටහරි අල්ලගන්න දෙන්න අවස්ථාවක් ලැබෙනකං, මෑත කාලය තුල හොලිවුඩයේ තවත් ජනප්‍රිය වුනු රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ.

කාටත් මතක ඇති Now You See Me 2013, Now You See Me II 2016, සිනමා සිත්තම් දෙක. මෑත කාලයේ චිත්‍රපට වලට පාදක කරගත් අති සාර්ථක සිනමා සංකල්පයක් තමයි මේ මැජික් කියන්නේ. මැජික් කියන වචනයත් එක්ක තවත් වචනයන් ගොඩක් හිතට එනවා. මැජික් කියන වචනය ආවේ ඉංග්‍රීසි බාශාවෙන් කියලා හැමෝම වගේ දන්නවා. සිංහල බාශාවත් එක්ක යද්දී මැජික් වෙනුවට, මායාව, ඉන්ද්‍රජාල, ඇස්බැන්දුම්, කියන වචන පාවිච්චි වෙනවා. ඉතිං අවස්ථානුකූලව මේ වචන යොද්දී, ඒ ඒ වචනයන් ගෙන් වෙන වෙන අර්ථයන් ගම්‍ය වෙන්න පුළුවන්. නමුත් මැජික් කියන්නේ පොදුවේ විද්‍යාවට හෝ බුද්ධිගෝචර සාමාන්‍ය මනසකට තේරුම් ගන්න බැරි දෙයක් විදියට තමයි අර්ථ දක්වන්නේ. මෙතනදී ඒ අනුව ඇස්බැන්දුම් කියන දේත් පාවිච්චි වෙනවා. මෙතනදී මම කතා කරන්නේ හදි හූනියම් ගැන නම් නෙමෙයි. කල නොහැකි දේවල් මිනිස්සුන්ව විශ්මය පත් කරමින් සිදු කිරීම තමයි මෙතනදී මැජික් කියලා සමහර අවස්ථාවන් වලදී හදුන් වන්නේ. මේ කොහොම වුනත්, මම මොනවා කිව්වත්, කතාව ආරම්භයේදී මේ කතාවේ කතා නායකයා වෙන කැමරන් බ්ලැක් මැජික් කියන්නේ මුලාවක් කියලා තර්කානුකූලව ඉදිරිපත් කරනවා.

අපි කවුද මැජික් වලට අකමැති නේද? අපි කවුරුත් කැමති මේ මැජික් සම්බන්ධ කතාව පටන් ගන්නේ මැජික් සංදර්ශණයකින්ම තමයි. නමුත් මේ කැමරන් බ්ලැක් මැජික් එක කරද්දී තැනකදී මෙයාට වරදිනවා. ඒකෙන් මෙයාගේ මැජික් ලෝකයේ ලොකු රහසක් හෙලිදරව් වෙනවා. ඉතිං මේ හෙලිදරව්වත් එක්ක මෙයාගේ තිබුනු ජනප්‍රියතාව බිද වැටෙනවා. ඒ වගේම තමයි මෙයාගේ හොදම සමීපතමයෙකුට හිරේ යන්නත් වෙනවා. හැබැයි මේ හිරේ යන කෙනා නොකරපු වරදකටයි පැටලෙන්නේ. ඒ වෙනම මායාකාරයෙක් එයාව අහු කරපු නිසා. මේ නිසා අවුරුද්දක් විතර සංදර්ශණයක් වත් නැතුව කැමරන් එක තැනම පල් වෙවී ඉදලා, අන්තිමට තමුන් නිසා හිරේ ගියපු ඒ සමීපතමයා ගොඩ දාගන්න පොටක් පාද ගන්නවා. පාද ගන්නවා නෙමෙයි පොටක් පෑදෙනවා. ඒ හිරේ ගියපු කෙනා අහුකරපු මායාකාරයාම ප්‍රවෘත්ති වල ප්‍රසිද්ධ වෙන විදියේ එක්තරා තවත් මැජික් එකක් කරන නිසා. මේ මැජික් එකේ සැර වැඩි කමට FBI එකත් කතාවට ගෑවෙනවා. ඉතිං කතාවට ගෑවුනු මේ FBI එකයි කැමරන් බ්ලැක් කියන පාර්ශවයන් දෙක එකතු වෙලා තමයි අද ඉදන් මේ කතාව ඉදිරියට ගෙනියන්න සූදානම් වෙන්නේ.

මම හිතනවා මේ කතාව හොද හිට් සීරියස් එකක් වේවි කියලා. ශීල්ඩ් එපියකද කොහේදෝ අග තත්පර කීපෙක ඇඩ් කට්ටක් දැකලා තමයි මේ ටීවි සීරියස් එක බලන්න සෙට් වුනේ. ඉතිං ඊලඟ කොටසට ඉක්මනින් උපසිරැසි දෙන්න බැරි වුනත්, අනිවාර්යෙන් දෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

 Torrents Download

| HDTV | x264 | LOL | 337MB |

C218410EFD0BCCC44E5A267F59BA63B84E7E8ABE

Direct Download

| HDTV | x264 | 480pp | 220MB |

 

| HDTV | x265 | 720p | 290MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Deception [S01 : E01] | ටා…..ඩා……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *