MENU

Deception [S01 : E02]| දෘශ්ඨිකෝණය…

කියපු විදියටම පොඩ්ඩක් පරක්කු වෙලා හරි මේ උපසිරැසිය දෙන්න තමා මේ සූදානම. ඉතිං පරක්කු වුනු නිසා බොහෝම කෙටියෙන් ලිපිය අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය සතියේදී කැමරන් බ්ලැක් මැජික් එකක් සාර්ථකව අවසන් කලත්, වෙනම සැඟවුනු ප්‍රතිවාදියෙක් මෙයාලගෙන් පලි ගන්නවා. ඒ කැමරන් බ්ලැක්‘ගේ නිවුන් සහෝදරයා වුනු ජොනතන් බ්ලැක් ව මිනීමැරුමකට අහු කරලා. ඒ වුනත් ජොනතන් ගැන ලෝකේ ඉන්න අයගෙන් දැනගෙන හිටියේ බොහෝම කීප දෙනෙක් නිසාම ජොනතන්‘ගේ අදහස වෙන්නේ මේක කැමරන්‘ගෙන් පලිගන්න කරපු වැඩක් කියලා.

කැමරන් වගේම ජොනතන් හොදින්ම දන්නවා මේක තමුන්ව අහු කරන්න තරඟකාරී මායාකාරයෙක් විසින් කරපු වැඩක් කියලා. ඒත් රජයෙන් වැරදි කාරයා අල්ලන්නේ ලැබිලා තියෙන සාක්ශි අනුව පමණයි. මේ නිසා දැනට අනතුරෙන් මිය ගියපු ගෑණු කෙනාගේ මරණයට වග කියන්න වෙන්නේ ජොනතන්ට. ඉතිං මේ නිසා දෙන්නගේ මැජික් කණ්ඩායමේ තිරය පිටුපස උදව් කාරයෝ වෙච්චි ඩීනා, ගන්ටර් සහ ජෝර්ඩ්න් හවුල් කරගෙන FBI වලට උදව් කරලා ඒ අස්සේ එයාලගේ උදව්වෙන් අභිරහස් ගෑණු කෙනත් හොයාගෙන ජොනතන් හිරෙන් නිදහස් කරගන්න තමයි කැමරන් උත්සාහා කරන්නේ.

ඉතිං අද කතාවේදී මැජික් වලදී මායාකාරයාට දෘශ්ඨිකෝණය කොයි තරම් වටින මෙවලමක්ද කියන එක පාදක කරගෙන තමයි අපරාධයක් විසදන්න යන්නේ. බලාගෙන ගියාම නම් The Mentalist එකේ පැට්‍රික් ජේන් වගේම හොරු රවට්ටලා කටින් උත්තර ගන්න විදියේ උප්පරවැට්ටියක් තමා කැමරන් පාවිච්චි කරන්නෙත්. මෙන්ටලිස්ට් බලපු අයට මේ කතාවත් තරමක් අල්ලලා යාවි කියලා හිතනවා. මැජික් වලට කැමති අයට නම් මේ කතාව ඉහටත් උඩින් අල්ලලා යාවි. එහෙනං මං ලබන සතියේ කතාවත් කෝමහරි පුළුවන් ඉක්මනට ගේන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

 Torrents Download

| HDTV | x264 | LOL | 331MB |

11B3E1073F6687321366705C5A3988DBECE2074C

Direct Download

| HDTV | x264 | 480pp | 200MB |

 

| HDTV | x265 | 720p | 236MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Deception [S01 : E02]| දෘශ්ඨිකෝණය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *