MENU

Deception [S01 : E05]| ප්‍රතිවාදියෙක්…

 

හැමදාමත් වගේ ප්‍රමාද වෙලා මේ ගේන්නේ සුපුරුදු වුනත් කට්ටියට දැනටමත් තිබුණද කියලත් අමතක වීගෙන යන කතාව. ? සතියකටත් වැඩිය පමා වෙලා මේ උපසිරැසිය දෙන්නේ සතියක කතාවක් විකාශය වුනෙත් නැති නිසා. ඒක නිසා මේ සතියත් නිවාඩු අරගෙන තමයි මේ උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ. අද 5 වෙනි කතාව දෙන අතරේ අද තමයි 6 වෙනි කතාව විකාශය වෙන්න නියමිත වෙලා තියෙන්නෙත්. ඒක නම් ප්‍රමාද නොකරම දෙන්නම්.

ඉතිං මේ කතාංගය මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් බලලා ඇති කියලා හිතුනා වුනත්, සුපුරුදු විදියට කතාව ගැන පොඩි සාරාංශයක් ලබා දෙන්නම්. මෙච්චර දවසක් ජොනතන් හිරේ හිර වෙලා ඉන්න අතරේ කැමරන් FBI වලට උදව් කරන්නේ අභිරහස් කාන්තාව කෝමහරි ඒ අතරේ අල්ල ගන්න පුළුවන් වේවි කියන බලාපොරොත්තුවෙන්. ඒත් ඇත්තටම ඇයි මේ අභිරහස් කාන්තාව මේ වගේ දෙයක් කරන්නේ කියන එක නම් කැමරන්ට තාමත් හිතා ගන්න අමාරුයි. අනිත් ප්‍රශ්ණ වගේ නොවුනත් මෙතනදී මෙයාලා අභිරහස් කාන්තාවගේ මූණ දැකලා තිබුනා වුනත් මෙයාලට එයා ගැන විස්තරයක් හොයාගන්න තාමත් අමාරු වෙලා තියෙන එක නිසා, මේ ගෑණු කෙනා එසේ මෙසේ ගෑණු කෙනෙක් නොවෙන වග තමයි කාටත්ම පැහැදිලි වෙන්නේ. ඒත් දවස් ගානක් ගිහිල්ලත් අභිරහස් ගෑණු කෙනා ගැන කිසිම හෝඩුවාවක් නැතිව තියෙන එක නිසා කැමරන් තරමක් නොඉවසිලිවන්ත තත්වයට පත් කරන්න සමත් වෙලා තියෙනවා. මේ අතරේ ජොනතන් හිර ගෙදර ඉන්න මිනිස්සු එක්ක ප්‍රියමනාප කම් තියාගෙන ප්‍රශ්ණ ඇතිකරගන්න බවත් කැමරන්ට දැනගන්න ලැබුණු නිසා ඒක ගැනත් කැමරන් හිතෙන් වද වෙන ගමන් තමයි ඉන්නේ. හිර ගෙදර හිටපු ඩොලර් කියන හිරකාරයාට පැනගන්න උදව් කරපු එකට හරියටම කාටවත් සාක්ශි නැති වුනත්, කවුරුත් වගේ දන්නවා ජොනතන් මේකට උදව් කරන්න ඇති කියලා.

මෙදා සැරේ ලෝක ප්‍රසිද්ධ, නමුන් කවුද කියලා හරිහැටි නොදන්න බිශොප් කියන වීදි කලාකාරයෙක් වටේ තමා මේ කතාව ගොඩනැගෙන්නේ. මෙතනදී බිශොප් ඉස්සර කලාවට විතරක් තිබුනු ලැදියාව තවත් දේකට යොමු කරපු නිසා තමයි FBI එකත් සමග කැමරන් බ්ලැක් මේකට සම්බන්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි බිශොප් තාප්ප වල චිත්‍ර අදින අතරේ එතන ලඟපාතින්ම මංකොල්ලයක් සිද්ධ වෙන එක. ඒ වගේම බිශොප් මිනීමැරුම් පවා සිද්ධ කරපු බවක් FBI වලට පස්සේ දැනගන්න ලැබෙනවා. ඒ වගේම කැමරන් ඇතුලු මායා කණ්ඩායමත් මේ බිශොප් කියන වීදි කලාකාරයාගේ රසිකයෙක්.

ඉතිං කතාව බලලාම දැනගනිමු කොහොමද කැමරන් ඇතුලු කණ්ඩායම බිශොප්ව අල්ල ගන්නේ කියලා. මීලඟ කතාවෙන් වැඩිය පමා නොවී හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

 Torrents Download

| HDTV | x264 | KILLERS | 290MB |

E60D50536196DA02421A0C5B1C2B3CF77760F017

Direct Download

| HDTV | x264 | 480p | 160MB |

 

| HDTV | x264 | KILLERS | 290MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *