MENU

Deception [S01 : E10] | අදිසි සංගම්…

ජොනතන් තාමත් හිරේ තමයි ඉන්නේ. ඒ වගේම කැමරත් තාමත් එලියේ. කැමරන් කොහොම හරි ජොනතන්ව එලියට ගන්න FBI වල ප්‍රශ්ණ විසදන අතරේ එලියේ ප්‍රශ්ණ ජොනතන්ට වැඩිය බලපාන්නේ නැති වුනත් හිර ගෙදර ඇතුලේ ජොනන්ට කියලා වෙනම ප්‍රශ්ණ තියෙනවා විසදගන්න. හිරගෙදර ඇතුලේ ජොනතන්ට එරෙහිව පැතිරිලා තියෙන කටකතාවක් තමයි FBI වලට ජොනතන් උදව් කරනවා කියන එක. මේක නිසා හිරකාරයෝ ජොනතන් එක්ක ලොකු තරහකින් තමයි ඉන්නේ. මේ නිසා ජොනතන්ට හිර ගෙදර ඇතුලෙත් මරණ බයෙන් තමයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. තමුන්ගේ හිර කූඩුවට යාබද හිරකූඩුවේ ඉන්න කෙනෙක් ගිනි තියලා මරපු එකට ජොනතන්ව වැරදි කාරයා වෙන්නයි යන්නේ. මේ ගැන කැමරන්ට විස්තර කිව්වත්, කැමරන් කියන්නේ කුමන්ත්‍රණ අදහස් විසදලාම ජොනතන්ගේ ඔලුව විකාර වෙලා වෙන්න ඇති කියලා.

මේ ප්‍රශ්ණ අතරේ මෙදා පාරත් සුපුරුදු විදියටම FBI වලට කේස් එකක් සෙට් වෙනවා. ඒ පුපුරලා ගියපු කාර් බෝම්බයක්. කතාව ආරම්භයේදීම කුමන්ත්‍රණ අහදහස් වලින්ම ඔලුව පුරවගෙන ජීවත් වෙන මිනිහෙක් තමුන්ගේම කියලා අන්තර්ජාල වීඩියෝ චැනල් එකක් කරනවා පෙන්නනවා. මේ වීඩියෝ චැනල් එකේ තියෙන්නේ මේ මිනිහගේ ඔලුව පුරවගෙන ඉන්න කුමන්ත්‍රණ අදහස් අන්තර්ජාලයට මුදා හැරීමක්. මේ කුමන්ත්‍රණ අදහස් තියෙන ඔල්මාදකාරයා කොහොමහරි තමුන්ගේ කුමන්ත්‍රණ අදහස් හෙලිදරව් කිරීමක් නිසා කලින් කියපු කාර් බෝම්බයෙන් මරණයට පත් වෙනවා. මෙන්න මේක තමයි අද කට්ටියටම විසදන්න සිද්ධ වෙන්නේ. හැබැයි මේ කේස් එ‍ෙ කොහෙත්ම ඩිසෙප්ශන් වල උදව් අවශ්‍ය වෙන කේස් එකක් නෙමෙයි කියලා තමයි FBI වල ඉන්න කවුරුත් වගේ කියන්නේ. ඒ වුනත් කාටත් හොයාගන්න ඕනේ වෙලා තියෙන්නේ ඇයි මේ වගේ කුමන්ත්‍රණ අදහස් වලින් ඔලුව පුරවගත්තු පිස්සෙක්ව කාටවත් මරන්න ඕනේ වෙන්නේ කියන එක.

අන්තිමේදී ඩිසෙප්ශන් කණ්ඩායමේ උදව් මේ කේස් එක විසදන්න අවශ්‍ය නෑ කිව්වත් කැමරන් ප්‍රමුඛ ඩිසෙප්ශන් කණ්ඩායම සුපිරිම උගුලක් අටවලා තමයි වැරදිකාරයා නීතිය හමුවට ඉදිරිපත් කරන්නේ. අපි බලමුකෝ ඒක වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි මේ කතාව අතරතුර අභිරහස් කාන්තාව පස්සෙන් එලවන නිධානය මොකක්ද කියන එක තාමත් කවුරුවත් දන්නේ නැති වුනත්, කලින් කතාංග වල හොයාගත්තු කැමරන්ගේ මී මුත්තා, ඒ කියන්නේ ඇලිස්ටෙයර් බ්ලැක් එක්ක අභිරහස් කාන්තාව පස්සෙන් එලවන මේ නිධානයත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා හෙලිදරව් වෙලා හමාරයි. මේ හෙලිදරව්වෙන් පස්සේ අද කතාවේදී කේස් එක විසදන්න යන අතරමගදී ඉතා ඈත අතීතයක් තියෙන රහස් සංවිධානයක් එක්ක ඇලිස්ටෙයර් බ්ලැක්‘ගේ ලොකු සම්බන්ධයක් කැමරන්ට හෙලිදරව් කරගන්න පුළුවන් වෙනවා.

ඉතිං අපි බලමු අද කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

Torrents Download

| HDTV | x264 | KILLERS | 290MB |

16535402E8EE3253583F6156FF5970A89BAC8E33

Direct Download 

| HDTV | x264 | SVA | 290MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *