MENU

Deception [S01 : E11] | පලිගැනීමක් උදෙසා

කතාව ගැන වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද කිව්වොත් දැනට කතා දෙකක් තව දෙන්න තියෙනවා ඩිසෙප්ශන් ඉවරයක් වෙන්න. ඉතිං කතාව කැන්සල් කියලා වැඩේ නතර කරන්න බෑනේ. කලින් උපසිරැසි දුන්නා වගේ ඉක්මනින් දෙන්නත් බැරිවුනා මේ කතාවට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවක් බලලා මේ උපසිරැසිය හදලා දෙන්නයි මේ හදන්නේ.පසුගිය කතාව ගැන මතක් කරන්න යන්නේ නෑ. ඒක නිසා මේ කතාව ගැන පොඩි පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නම්. මේ කතාවේ මාතෘකාවේ තියෙන විදියටම අද කතාව ගලාගෙන යන්නේ CIA විසින් සිදු කරපු මෙහෙයුමක් නිසා ඇතිවුනු බද්ධ වෛරයක් පිරිමසාගන්න ගැහැණු කෙනෙක් සිදු කරන මෙහෙුයමක් ගැන. CIA සම්බන්ධය නිසා කැමරන්ට ගොඩක් වෙලාවට මෙහෙයුමේ සමහර කටයුතු වලට සම්බන්ධ වෙන්න අවසර ලැබෙන්නෙත් නෑ. මොකද කිව්වොත් එයා නිකංම මැජික් කාරයෙක් නිසා. හැබැයි කැමරන් හැම වෙලාවකම වගේ අවශ්‍ය වෙලාව අවශ්‍ය දේවල් වටහා ගන්න නිසා ලොකු කරදර ගොඩක් සිද්ධ වෙන්න ගිහිල්ලා වැලකෙනවා.මේ අතරේ අද කතාවේදී අභිරහස් කාන්තාව සම්බන්ධයෙනුත් ලොකු සිද්ධියක් සිද්ධ වෙනවා. මේ සිද්ධිය නිසා මීලඟට එන කතා දෙකම තේමා වෙන්නේ අභිරහස් කාන්තාවත් එක්ක. ඒ වගේම තමයි කතාව තුල මෙච්චර දවසක් අභිරහස් කාන්තාව හැම දෙයක්ම කලේ ප්‍රෙහෙලිකාවක් පුරවන්න කියලා කාටත් මතක ඇතිනේ. වයලින් එක, පොත, පොකට් වොච් එක, දෙව්මැදුරේ වීදුරුව, ලින්ක්ස් දියමන්තිය. ඉතිං ලින්ක්ස් දියමන්තිය නම් කැමරන් උප්පරවැට්ටියක් දාලා FBI එකටම ඒක ආපහු ගෙනත් දුන්නා. ඒක නිසා දැනට අභිරහස් කාන්තාව පස්සෙන් එලවපු දේවල් වලින් ඒක විතරයි අඩු.

ඉතිං අපි බලමු මේ කතාවේ ඉදිරියට සිද්ධ වෙන්නේ මොනවද කියලා. මීලඟ කතාවෙන් ඉක්මනට හමුවෙමු.

Torrents Download

| HDTV | x264 | KILLERS | 270MB |

40F03F08A0BF3739C4FE18760DFEB7068E484348

Direct Download 

| HDTV | x264 | SVA | 270MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Deception [S01 : E11] | පලිගැනීමක් උදෙසා

  • කාවින්ද

    කැනසල් කරලද සහෝ……. අපරාදේ පට්ට කතාවනේ ????????

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *