කොහොමද කට්ටියට? හිතනවා හොඳින් කියලා..මගේ පළවෙනි සබ් එකට ලැබුණු comments දැක්කම ගොඩක් සතුටු හිතුණා..ඒ නිසාම පුළුවන් විදියෙන් දෙවනි සබ් එකත් ගේන්න හිතුවා..මේ සැරේ ගෙනාවෙත් ගිය සැරේ දුන්නා වගේ comdey ෆිල්ම් එකක්..මොකද කවුරුත් හිනාවෙලා ඉන්න ආසයිනේ..මේ සැරේ මට ලැබුණු සබ් ෆයිල් එක එච්චර හොඳ එකක් නම් නෙමෙයි.ඒකෙ ගොඩක් අඩුපාඩු තිබුණා. මට ඕන වුණේ සබ් එක හුදෙක් පරිවර්තනයක් විතරක් කරන්න නෙමෙයි. කාටත් කතාව තේරෙන විදියට සබ් එක දෙන්න..වැරදි වැරදි මගේ පුළුවන් උපරිමය මම කරා .අඩුපාඩු තියේනම් සමාවෙන්න කියලත් කියනවා..
මේ කතාව ගෙතිලා තියන්නෙත් උසස් පාසලක් වටේ..ඒත් මේ උසස් පාසලේ ළමයි අතරෙ වෙනත් පාසල් වල දකින්න නැති වෙනස්ම වැඩක් තියනවා..ඒක එයාලගෙ ඉස්කොලෙ ආදි ශිෂ්‍යයයන්ගෙ ඉඳලා පැවතගෙන එන වැඩක්..මෙයාලගෙ ඉස්කොලෙ අවසාන අවුරුද්දෙ නිවෙස් බලා යාමේ උත්සවයක් පැවැත්වෙනවා. ඒ උත්සවේට කලින් දවසෙ රෑ කට්ටිය ඒක සමරන්නෙ වැරදි වැඩ 10ක ලිස්ට් එකක් එක්ක. ඒ කිව්වෙ එයාලම හදාගත්තු වැරදි වැඩ ලිස්ට් එකකට අනුව කවුරුහරි එක්කෙනෙක් ඒ වැරදි වැඩ ඔක්කොම කරනවා…පස්සෙ එයා තමයි වැඩකාරයා වෙන්නෙ..මේ කතාවෙ හැටියට වැඩ දහය කරන්නෙ සැක් කියලා කොල්ලෙක්. එයා මේ වැඩ දහය කරන්නෙ කැමැත්තෙන් නම් නෙමෙයි.. එයා මේ වැඩ දහය කරන්න පැටලෙන්නෙ කොහොමද? මොනවද කරන වැරදි වැඩ කියලා ඔයාලට ෆිල්ම් එකෙන්ම බලන්න පුළුවන්..
ෆිල්ම් එකේ IMDb අගය 5.9 ක අගයක් අරගෙන තියනවා. Milo Ventimiglia, Lacey Chabert, Charles Durning කියන නළු නිළියන් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙනවා.. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියන්නෙ David Kendall කියන අධ්‍යක්ෂකවරයා.. චිත්‍රපටිය නිකුත් වෙලා තියන්නෙ නම් 2005 අගෝස්තු 17 වෙනිදා..
ෆිල්ම් එක බලලා හිනාවෙන්න නම් පුළුවන්.තව දෙයක් කියන්න ඕනෙ,ෆිල්ම් එක වයස 18ට වැඩි අයට වඩාත්ම සුදුසුයි..කවුරුත් එහෙනම් බාගෙන බලන්න..තවත් හොඳ ෆිල්ම් එකක් අරගෙන එන්නම්.. අඩුපාඩුවක් තිබුණොත් ඇවිත් comment එකකින් කියලා යන්න.ඒක ගොඩාක් අගය කරනවා. ආයෙත් මුණගැහෙනකන් කාටත් ජය වේවා! කියලා කියනවා..
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| DVDRIP | x264 | SD | 700MB |