MENU

District C-11 (2017) | පළිගැනීමේ මෙහෙයුම…

ඔන්න එහෙනම් අදත් ආයුබෝවන් කියලා පිලිගන්නවා බයිස්කොප් වාසි සියලුම දෙනාව, මම අද අරන් ආවේ, 2017 වර්ෂයේ මාර්තු මාසයේ 24 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු සුපිරිම අපරාධ, පළිගැනීම්, මෙහෙයුම්, ක්‍රියාදාම, ගණයට වැටෙන චිත්‍රපටයක්.මේකට වැටිලා තියෙන imdb මනාපය 6.3ක් වුනත් විනාඩි 83ක් පුරවට ප්‍රේක්ෂක නෙත් සිත් ආකර්ශනය කරගෙන තියාගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබිලා තියෙනවා. අපේ බයිස්කෝප් යාලුවෝ ගොඩක් දෙනෙක් මේ වගේ චිත්‍රපටි වලට කැමති බව දන්න නිසාම තමයි, මේ වගේ චිත්‍රපටයකට උපසිරැසිය කරන්න හිතුවේ. ඒ වගේම තමයි, ඉදිරියට උපසිරැසි කරන්න ඕන චිත්‍රපට, ඔයාලා කැමති චිත්‍රපට ගැන කියලා පහළින් අපිට දන්වන්න අපි හැකි උපරිමයෙන් ඔයාලගේ ඉල්ලීම් සලකා බලන්නම්, ඒවගේම මේක තමයි මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම , මේකේ අඩුපාඩුවක් තිබුනොත් ඉදිරියට මට ඒවා හදාගන්න ඔයාලගේ අදහස් අනිවාර්යයෙන් පහළින් කමෙන්ට් කරන්න ඔයාලට ගුණාත්මක උපසිරැසියක් ලබා දෙන්න මට ඒක ලොකු ශක්තියක් වෙයි..

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් බහිමු, අපි හිතමු නූතන තාක්ෂණය මුල් කරගෙන අපරාදකාරයින්ව නීතියට අහු කරගන්නවා කියලා, ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයි නේද? මොකද සමහර අපරාධකාරයින් තාක්ෂණයෙන් උනත් පැනලා යන්න තරම් දක්ෂ වීම නිසා.බොස්ටන් නගරය කියන්නෙත් අන්න ඒවගේම තැනක්.ඝාතනය කිරීම්, මත් කුඩු ජාවාරම් වලින් පිරුණු තැනක් , හැබැයි පුදුමයට කාරණාව තමයි, මේ ඔක්කොම කරන්නේ තනි පුද්ගලයෙක් වෙන එක. පොලිසියත් තමා අතට අරගෙන,නගරාධිපතිත් තමා අතට අරගෙන තමා මේ වැඩ සිද්ධ කරන්නේ.ඉතින් මේවා නවත්තන්න ඉදිරිපත් වෙන අය කවුද?, මෙච්චර බලයක් තමා අතට ගන්න පුලුවන් ඒ පුද්ගලයා කවුද?,මේ අපරාධ නවත්වන මෙහෙයුම සාර්ථක වෙයිද? මේවා ගැන දැන ගන්න නම් මේක අනිවාර්යයෙන් බලන්නම වෙනවා, එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හම්බවෙමු, මම එහෙනම් ගිහින් එන්නම්, ඔයාලට “දළදා සමිදු පිහිටයි”!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRIP | x264 | 720p | 700MB |

Direct Download

| HDRIP | 720p | x264 | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “District C-11 (2017) | පළිගැනීමේ මෙහෙයුම…

  • chathura

    meka torrent link aka waradiyne

    Reply
  • sanju_kelum

    filuma banna bene macho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *