MENU

Dog Days (2001) Aka Hundstage | නගරාබද ජීවිතවල හිස් ඇතුලාන්තය…

ඔන්න අද මම කාලයක් තිස්සේ බලාගෙන හිටපු වැඩක් කරගත්ත.හැමදාම ෆිල්ම් බැලුවට තාම එක subtitle එකක් වත් කරන්න බැරි වුණ ඒක ගැන මම අවුලෙන් හිටියේ කාලයක්. අද ඔයා මෙතනට ඇවිත් තියෙන්නේ මේ subtitle එකම හොයාගෙන නම් ඔයා ගොඩක්ම hollywood ෆිල්ම්ස් බලල imdb ලිස්ට් එකේ, තව ප්‍රසිද්ධ List ඔක්කොම වගේ බලල. හොයාගන්න තියෙන හොද ෆිල්ම් ඔක්කොම බලල. අන්තිමට විදේශීය වෙනත් භාෂා වල ෆිල්ම් හොය හොය බලන කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒ විදිහටම තමයි මටත් මේකේ අධ්‍යක්ෂකවරයා දැනගන්න ලැබුනේ. ඒ අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපට කීපයක්ම මම බැලුවා. ඒවා වල අනෙත් හොදම අධ්‍යක්ෂකවරයන්ගේ චිත්‍රපට වලට වඩා සෑහෙන්න වෙනස් දෙයක් තිබ්බ නිසා මට හිතුනා මේ වගේ එකකට sub එකක් කරන්න. අනිත් එක මේ site එකේ අතලොස්සක් වගේ තමයි තියෙන්නේ විදේශීය භාෂා චිත්‍රපට. ඔයාලත් ඊලග පාර sub එකක් කරද්දී ලෝකේ වෙනත් රටක ෆිල්ම් එකක් කරන්න. එතකොට තේරෙයි තව කොච්චර හොදම ෆිල්ම්ස් ඉතුරු වෙලා තියෙනවා ද කියල ඇහැ ගැටුනේ නැති. Academy award for best foreign language movie – nominees කියන්නේ ඒ සිංහල sub දාන අයගේ ඇස නොගැටුණු සුපිරිම ෆිල්ම් ලිස්ට් එකක්. අනිත් ඒක IMDB ලිස්ට් එකේම වගේ හැම සහ හැම ප්‍රසිද්ධ ෆිල්ම් එකකම වගේ දැන් සිංහල sub දීලා ඉවරයි. Hollywood කියන්නේ එක රටක ෆිල්ම් විතරයි. Mexican, Colombian , Eygyptan, Turkish, Serbian, Russian වගේ ඉතාමත් හොද ෆිල්ම් නිෂ්පාදනය වෙනවා. ඒවාට sub කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේ විවිධ නිර්මාණ වලින් අපිට ඒ රටවල් ගැන සංස්කෘතීන් ගැන වත් බලාගන්න පුළුවන්නේ! ගොඩක් අය hollywood ෆිල්ම්ස් උඩ තියන් හිටියට ලෝකේ හොදම ෆිල්ම් තමයි Lathin American / Mexican වගේ ඒවා. Hollywood හොදම ඒවා වලත් දන්නවනේ අඩුම ගානේ ප්‍රධාන නළුවා වත් මෙක්සිකන්! LOL

Ulrich Seidl කියන්නේ ඔස්ට්‍රියානු අධ්‍යක්ෂකවරයෙක්.මෙයාගේ නිර්මාණ ගොඩක් කතාබහට ලක් වුනේ මෙයා ඒවා පෙන්නන්නේ වෙනස්ම විදිහකට.ඒ කියන්නේ සත්‍ය සිදුවෙමක් සිද්ධ වෙන විදිහටම තමයි ඒවා ෆිල්ම් එකෙත් පෙන්නන්නේ.ඒ කියන්නේ අමු යථාර්ථවාදී කාචයකින් පෙන්නනවා සිදුවීම්. ගොඩක්ම මෙයාගේ ෆිල්ම් වල තියෙන්නේ මිනිස් ජිවිත වල සැගවුණු යතාර්ථය ගැන අතහදා බැලීම් වගේ ඒවා. .ගොඩක්ම ඒවා බලන්න කොහෙත්ම බෑ පවුලේ අය එක්ක නම් බලන්න තියා හිතන්න වත් එපා!. දැන් හැරෙමු කතාව දිහාවට. මේ කතාවෙන් පෙන්නන්නේ නගරබද ජීවිතවල තියෙන හිස් නීරස බව හා ඒකාකාරී නොසන්සුන් බව.ඔස්ට්‍රියාවේ ගොඩක් රස්නේ දවස් වල 6ක් දෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. නගරයේ වැන්දඹු මනුස්සයෙක් වැඩකාර ගෑණු කෙනා සමග සිදුවීමක්, කටකාර නොමිලේ වාහන වල නැග යන ගැහැනියක් (hitchhiker) . දික් කසාද වුණු නමුත් එක ගෙදරක ජීවත්වන ගැහැනියක් හා මිනිසෙක් එකිනෙකාට එපා කරව ගැනීම, ගෘහස්ථ හිංසනයට ලක්වන ගුරුවරියක් මේ පිරිසගේ නගරාබද අතෘප්තකර කාංසා සහිත ජීවිතවල හිස් බව. මේක imdb 7.1 ක් අරන් තියෙනවා ඔස්ට්‍රියන් ජර්මන් භාෂා එකක් උනාට. තව මේ ෆිල්ම් ඒක Venice Film Festival එකේ Grand Jury Prize එක දිනාගෙන තියෙනව. මේකේ නම හරි නම් එන්න ඕනේ ‘ග්‍රීස්ම දවස් (Dog days/Hundstage)’ කියලා.එත් මම ‘ග්‍රීස්ම බලු දවස්’ කියලා ‘බලු’ කෑල්ලකුත් එකතු කළා මොකද මේ කතාවට නියමෙට යනවා ඒ කෑල්ල. පළමු උපසිරැසිය නිසා comment එකක් දාලා යන්න හැමෝම පුළුවන් නම්.බොහොම ස්තුතියි!

ප.ලි:
මම මිට අවුරුදු ගානකට කලින් ෆිල්ම් එකකට sub එකක් දාන්න හිතලා මම කැමතිම නළුවාගේ ෆිල්ම් එකක් බැලුවා බාරගන්න. යන්තම් එකම එකක් ඉතුරු වෙලා තිබ්බ ඒ නළුවාගේ ප්‍රසිද්ධම ෆිල්ම් එකක්.ඔන්න ඕක භාර අරගෙන කරද්දී තමා තේරුනේ මේක මහා කරුම sub එකක් කියලා.මොකද පොර ඒකෙ කියෝනවා වැඩයි හෝ ගාල. අනිත් එක ගොඩක්ම native English වල phrases , idioms වගේ ඒවා වැඩියි . ඉතින් මට වැඩේ එපා උනා.එත් ඒකෙ භාගයක් කරලා තියෙන්නේ, ඉතුරු ටික කරලා ඉක්මනටම දෙනවා කොහොමහරි. ඔයාල හැමෝම බලන් ඉන්න ප්‍රසිද්ධම එකකක්. *******o ගේ . ගුවන් යානා වලට සම්බන්ධ ෆිල්ම් එකක්,පුලුවන්නම් comment කරන්න ? ? . ..
Viel Glück එහෙනම් හැමෝටම !


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRip | x264 | 1080p | 2GB |

Direct Download

| DVDRip | x264 | 1080p | 2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Dog Days (2001) Aka Hundstage | නගරාබද ජීවිතවල හිස් ඇතුලාන්තය…

  • පොඩි කොපියක් නැද්ද බන් හොයා ගන්න…මාත් හෙව්වා දාගෙන සෙට් උනේ නැ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *