MENU

Doom Patrol [S01: E03] | ෆියුක්ටෝපියාවේ රුකඩ…

ඔන්න එහෙනම් DCලගේ ඔන්ලයින් ස්ට්‍රීම් එක හරහා අරගෙන එන දෙවැනි කතාවටත් දායකත්වය දෙන්න හිතුව මේ විදියට. කොමික් රසිකයෙක් වශයෙන් මාවල් DC භේදයක් නැතුව කවදත් හොද දේවල් දෙන තැනට ඉබේම යැවෙනවා. ඒත් ඉතිං MCU එක පැත්තේ තාම ඉන්නේ, පක්ෂේ මාරු කලේ නැහැ දෑත් සවිමත් කරන්න ආව විතරයි පොඩ්ඩක්.මේක සැහෙන විශේෂත්වයක් තියෙන කොමික් පාදක වෙච්ච ටීවී සිරිස් එකක්. මම හිතන්නේ මගේ දැනුමේ හැටියට මේ තමා මේ ජාතියේ පලවෙනි සිරිස් එක මට වැරදීමක් වෙලා නම් නිවැරදි කරන්න.

මේ තමයි ෆෝත් වෝල් බ්‍රේක් එකක් සිද්ද කරන පලවෙනි කොමික් බේස්ඩ් ටීවී සිරිස් එක. ෆෝත් වෝල් බ්‍රේක් කියන්නේ සිනමාවේ යොදාගන්න හරි අපුරු සංකල්පයක්. මතකද ඩෙඩ්පූල් එක සැරේම මොකක් හරි කර කර ඉන්න ගමන් තිරය දිහාවට හැරිලා, ඒ කියන්නේ අපි දිහාවට හැරිලා අපි එක්ක කතා කරනවා? අන්න ඒක තමා සරලව ෆෝත් වෝල් බ්‍රේක් එක කියන්නේ. එතකොට මොකක්ද මේ ෆෝත් වෝල් එක, එහෙම නැත්නම් හතරවෙනි බිත්තිය කියන්නේ? ඒක අදෘශ්‍යමාන එකක්. සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යක් අරගන්න. පිටුපසින්, වම්පසින් සහ දකුණු පසින් වටවෙච්ච වේදිකාවක තමා වේදිකා නාට්‍ය සිද්දවෙන්නේ. එතකොට එකේ ඉන්න නළුවන් ක්‍රියා කරන්නේ වෙනම ලෝකයක ඉන්න වෙනම පිරිසක් විදියට. ඒ එයාලට ඉස්සරහින් ඉන්විසිබල් එහෙම නැත්නම් අදෘශ්‍යමාන තව බිත්තියක් තියෙනවා කියල හිතාගෙන. එයාල ප්‍රේක්ෂකයින් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඔන්න ඔය අදෘශ්‍යමාන බිත්තිය තමා හතරවෙනි බිත්තිය වෙන්නේ.

ඉතිං ඔයාලට බලාගන්න පුළුවන් යම් යම් චරිත විසින් අදාළ සිදුවීමකට අදාලම නොවෙන වල්පල් ටිකක් දොඩවනවා අපි දිහාවට හැරිලා, සමහර වෙලාවට එතන ඉන්න අනිත් චරිත අහනවා මොනවද කියන්නේ කියල. එතකොට ෆෝත් වෝල් එක බිදින චරිතය කියනවා ඔයාලට නෙමේ මේ කියන්නේ කියල. හරියට නිකම් මෙන්නමෙතැනදී වගේ. ඔයාලට එහෙම සිද්දි බලාගන්න ලැබෙන්න ඇති පහුගිය කොටස් දෙකෙන්. එහෙනම් ඔය මදැයි. කතාවේ චරිත ගැන විස්තර කොමික් ඇසුරෙන් චාමර සහෝදරයා අරගෙන ඇවිල්ල තිබ්බනේ දෙවැනි කොටසේ ලිපියෙන්. එහෙනම් මෙතක් කතාව සිද්දවුණ දේවල් දිහාවට හැරෙමු.

මතකනේ බුරුවා ඇරපු අධෝවාතය කරපු හරියක්, ඒ වගේම ඒ බුරුව කවුද කියලත් දැක්කනේ පහුගිය කොටසින්. ඉතිං කට්ටිය හොයාගන්නවා චිෆ් ඉන්නේ මේ බුරුවගේ ලෝකය ඇතුලේ කියල. නගරයම ආයේ ප්‍රතිස්ථාපනය උනත් චිෆ් සහ මිස්ටර් නොබොඩි ගැන ආරංචියක් නැහැ. මෙදා පොටෝ සයිබෝර්ග් කට්ටියවත් එකතු කරගෙන චිෆ්ව හොයාගෙන යනවා දකුණු ඇමරිකාවට. මොකේද යන්නේ? බස් එකේ ?

එහෙනම් පමා වෙලා අරගෙන ආව කතාව නොබලපු යට ඔන්න බාරයි. ඊළඟ උපසිරසින් හම්බවෙමු.!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PBS | 300MB |

Direct Download   

|  WEB | x264 | 480p | 160MB |

|  WEB | x264 | PBS | 380MB |

|  WEB | x265 | 720p | 180MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Doom Patrol [S01: E03] | ෆියුක්ටෝපියාවේ රුකඩ…

  • Isuru Sadaruwan Wijesuriya

    Openload link eka denna

    Reply
    • Imesh lakshan

      openload wada na me dwas wala.mkkhri aulk tynwa

      Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *