ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් වුන අලුත්ම Mini Series එක Dracula අරගෙන ආවා, හුගක් අය සබ් දෙනකල් බලාගෙන හිටිය කතාමාලවක් කිව්වොත් හරිනේ. ඒත් ඉතින් ටිකක් කල් ගියා අරගෙන එන්න, වැඩ රාජකාරි නිසා. බලමුකෝ එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව ගැන.
ටිවී සීරීස් ක්ෂ්‍රේත්‍රයේ යෝධයින් දෙදෙනෙක් වන BBC සහ Netflix සමාගම් දෙක එකතු වෙලා තමයි මේක අරගෙන එන්නේ. නිශ්පාදන කටයුතු සිදු කරන්නේ BBC එකෙන්, Netflix එකට ප්‍රචාරන අයිතිය හිමිවෙලා තියෙනවා BBC එකත් එක්කම. කෝමහරි කොටින්ම කිව්වොත් සුපිරියක්. කොටස් තුනයි. සදහටම කතාව ඉවරයි. එක කොටසක් පැය එක හමාරක් විතර තියෙනවා, ඉතින් ඇත්තම කිව්වොත් ටීවී සිරීස් එකක් නෙමෙයි තුන් ඇඳුතු ෆිල්ම් එකක් බලනවා වගේ බැලිල්ලක් තමා තියෙන්නේ, බැලුවා කියලා පාඩුවක් නම් වෙන්නේ නෑ සත්තයි.
2020 වර්ශයේ හා හා පුරා කියලා ජනවාරි මාසේ පලවෙනිදා සිට දවස් තුනට කොටස් තුන ලෙස අන්තර්ජාලයට කතාව නිකුත් වුනා. මේ වෙනකොට IDMb දර්ශකයේ 17,000+ අධික මනාප සංඛ්‍යාවකින් 6.9ක ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 73%අගයකුත් ගූගල් පරිශීලකයින්ගේ 88% අගයකුත් මේ කතාවට ලැබෙනවා. මේ කතාවට පාදක වෙන්නේ Bram Stoker විසින් ලියපු Dracula නමැති නව කතාව.
Jonny Campbell, Damon Thomas, Paul McGuigan තිදෙනාගේ අධ්‍යක්ෂණයෙන්, Mark Gatiss, Steven Moffat යන දෙදෙනාගේ රචනයෙන් සහ Claes Bang, Dolly Wells, John Heffernan ඇතුළු තවත් රංගන ශිල්පීන්ගෙන් හැඩ වෙනවා මේ අමුතු කතාව. මේකේ ඩ්රැකියුලාට රඟපාන Claes Bang ගේ රංගනය නම් ප්‍රශංසනීයයි, එය කිව යුතුමයි. තව ටිකක් කිව්වොත් මේ කතාව Sherlock කතාමාලව අරගෙන ආපු ටීම් එකෙම අයගේ වැඩක් කිව්වොත් හරි, ඒ වගේම Drama සහ Horror කාණ්ඩයට අයත් වෙන මේ කතාව ඔබව අමුතුම ලෝකෙකට ගෙන යාවි.
අරගෙන බලන්න වෙනස්ම කතාවක්, අපි දන්න ඩ්රැකියුලාට වඩා වෙනස් කෙනෙක්. කුතුහලය, භීතිය කැටි කරගත්ත කතාවක්. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි. 1897 වෙනකොට ට්රාන්ස්ලවේනියාවේ ඉන්න කවුන්ට් ඩ්රැකියුලාට ඕන වෙනවා එංගලන්තයට සංචාරය කරලා එහේ මිනිස්සුන්ගේ ලේ බොන්න, ඒත් නිකන්ම එහාට යන්න බැරි නිසා මෙයා එහේ ගෙයක් මිලදී ගන්නව, ඒ ගෙදර වැඩ කටයුතු කතා කරගන්න ඩ්‍රැකියුලාගේ මන්දිරයට ජොනතන් හාර්කර් නමැති නීතීඥයා එනවා. ඒ එනකොට ඩ්රැකියුලා සෑහෙන වයසයි, නමුත් නොසිතු විරූ ලෙස ජොනතන්ට මෙහේ හිරවෙන්න වෙනවා. ඒ එක්කම දවසින් දවස ගෙවෙනකොට ඩ්රැකියුලා එන්න තරුණ වෙනවා. ඉතින් ජොනතන්ට මොකක් වෙයිද? මේ බංගලාවේ සැගවුන රහස් මොනවද? ඩ්‍රැකියුලාගේ එංගලන්ත ගමන මොකක් වෙයිද? මේ ඔක්කම බලාගන්න කතාව අරගන්න එහෙනම්. ඒනම් ඉතිරි කොටස් දෙකත් ඉක්මනින්ම ඔයාලට ලැබෙයි. ඒනම් මම ගිහින් එන්නම්. අදහසක් කියාගෙනම යන්න. ජය වේවා..
**The Legend Gets Some Fresh Blood**
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x265 | 720p | 321MB |
Direct Download
| HDTV | x264 | SD | 504MB |
x265
| HDTV | x265 | 720p | 321MB |
| WEB | x265 | 720p | 471MB | 10bit | PSA
One thought on “Dracula (2020-) [S01 : E01] | වැම්පයර්වරුන්ගේ කුමරුවන් ලේ පිපාසිත ඩ්රැකියුලා..!!”
දීලා තියෙන කිසිම webrip පිටපතක් උපසිරැසියට ගැලපෙන්නෙ නෑ. පිටපත් 3ක් හොයල download කරා ඒත් උපසිරැසියට ගැලපෙන්නෙ නෑ… එක්කො උපසිරැසිය වැඩියෙන්ම තියෙන පිටපතකට update කරානම් හරි.