MENU

Earth: One Amazing Day (2017) | පොළව මත එක් දිනයක්..



ඉතින් කොහොමද යාළුවනේ? Blue Planet II එකෙන් පස්සේ ඔන්න අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නෙ. ඒවගේම අද විශේෂ දවසක් මොකද “අද මගේ 50 වැනි උපසිරසිය”තමයි මේ විදියට ඔයාලා අතට පත් වෙන්නේ.ඉතින් 2014 දෙසැම්බර් 27 වගේ දවසක තමයි මුල්ම උපසිරසියGracepoint Mini-Series” එක ඉසුරු සහෝත් එක්ක අරගෙන එන්නේ. ඉතින් මේ දක්වා කළ උපසිරසි වලින් අඩක ම අයිතිය ඔහුට තියෙනවා. ඊට පස්සේ penny dreadful, The Blue Planet “ කියන කතා මාලාවන් වල උපසිරසිය කළේ. ඔන්න ඔහොම තමයි මම සහ ඉසුරු සහෝ බයිස්කෝප් කණ්ඩායමට එකතු වුණේ. ඉතින් අද මට 50 කඩයිම වෙනුවෙන් මේක කරන්න කියලා කිව්වේ ශාන් විමුක්තිසහෝදරයා. ඉතින් ඒ වෙනුවෙන් මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා. ඉතින් මෙන්න මෙහෙම ගොඩාක් හැලහැප්පීම් මැද්දේ තමයි අද මම 50 කඩයිම පසු කරන්නේ. මේ වෙලාවේ නම් වශයෙන් කවුරුවත් ගැන සඳහන් කරන්න යන්නේ නෑ. මොකද බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් ගොඩක් උදව් ලැබිලා තියෙනවා. ඉතින් එක්කෙනෙක්ගේ හරි නමක් සඳහන් කරන්න බැරි උනොත් ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. තමන්ගේ කාලය ශ්‍රමය වැය කරගෙන උපසිරසි කරන සහෝදර උපසිරසිකරුවන් මේ වෙලාවේ මතක් කරනවා. ඒවගේම බයිස්කෝප් පවුල එකමුතුව, ශක්තිමත් වෙමින් මේ තරම් කාලයක් පවත්වාගෙන ආ සහෝදර ඇඩ්මින් මණ්ඩලයත් මේ වෙලාවේ දැඩි සහෝදරත්වයෙන් යුතුව මතක් කරනවා.

එහෙනම් මම චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. අද ඔයාලට අරන් එන්නේ  Documentary | Family යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2017 ඔක්තෝබර්  06 වැනිදා සිට ලොව පුරා විකාශය වුණු සලරුවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Richard Dale, Lixin Fan, Peter Webber යන අධ්‍යක්ෂවරුන් තිදෙනායි. තිර පිටපත නිර්මාණය කරල තියෙන්නෙ Frank Cottrell Boyce, Richard Dale, Geling Yan විසින්. ඉතින් මේක ඉදිරිපත් කරන්නේ Robert Redford කියන කථිකයා සහ Jackie Chanවිසින්. නිෂ්පාදනය කරලා තියෙන්නෙ Earth Film Productions කියන ආයතය විසින්. ඉතින් මේ චිත්‍රපටයට 7.7 ඉහළ IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය සම්මාන දෙකකට නාම යෝජනා වෙලා තියෙනවා. මිනිත්තු 95 පුරාවටම දිවෙන මේ චිත්‍රපටය ස්වාභාවික ලෝකයේ ඇති අපරිමිත ඓශ්චර්ය ගැන තමයි කියවෙන්නේ. එක් දිනක් තුළ ලෝකයේ ඈත කෙළවර සිට නොයිඳුල් වැසි වනාන්තර දක්වා ජීවීන් තම ජීවී ක්‍රියාවලිය පවත්වාගෙන යන ආකාරය මේ අපූරු සිනමා නිර්මාණය මගින් නැරඹීමේ හැකියාව තිබෙනවා. නූතන දියුණු තාක්ෂණය භාවිත කරමින් ඉතාමත් සමීප සජීවී අලංකාර දසුන් ඔබට මේ චිත්‍රපටය හරහා දැකගත හැකි වෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ චිත්‍රපටය නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබගේ සහාය නොමැතිව අපට මේ ගමන යෑමට හිතන්නවත් බෑ. ඉතින් ඔබ අපට ලබාදුන් ඒ ශක්තිය ඉතාමත් ඉහළින්  අගය කොට සලකනවා. එහෙනම් ස්වභාවදහමේ අපූරු සුන්දර තැන් රාශියක් අඩංගු වූ මෙම සිනමා නිර්මාණය නැරැඹීමට ආරාධනා කරමින් මම අදට සමුගන්නවා. ජයෙන් ජයම වේවා…!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p| 1.1GB |

730D9E043245BC61387271266386971633268D68

Direct Download

| Bluray | x264 | 720p | 1.1GB | 

         

| Bluray | x264 | 720p | 900MB | 

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *