ආයුබෝවන් කට්ටිය හැමෝටම, ඔන්න Meesaya Murukku (2017) චිත්‍රපටියට පස්සේ මගේ දෙවැනි උපසිරැසිය විදිහට Enakku Vaaitha Adimaigal (2017) කියන ෆිල්ම් එක අරගෙන අවා. “ඔයාලා හැමෝම මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක්” ඉතින් කලින් කියන්ඩ කියලා හිතුවා මේකේ වැරදි අඩුපාඩු ඇති. මේක මම වැලන්ටයින් එක අල්ලලා තමා කරන්ඩ හිතුවේ කොහෙද ඉතින් මට තිබ්බ වැඩත් එක්ක පරක්කු වුණා. මේ ෆිලුම ආදරයෙන් පැරදිච්ච අයටත් ආදරය කරන අයටත් ආදරය කරන්ඩ හිතන් ඉන්න අයටත් ආදර්ශයක් දෙන හොද ෆිල්ම් එකක්. මම මේ ෆිල්ම් එක උපසිරැසි කරන්නද කියලා ඇහුවම සමන් ප්‍රසාද් අයියා තමා මට කීවේ කරලා එවන්න කියලා ඉතින් එයාට ස්තුතිවන්ත වෙනවා මට භාරදුන්නට. හරි එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට යමුකෝ.
මේ චිත්‍රපටය ඉන්දියාවේ එළිදක්වලා තියෙන්නේ 2017 පෙබරවාරි 02 වැනිදා. මේකcomedy/drama/Romance ගණයට වැටෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක IMDb 6/10ලෙසත් Behindwoods 2/5 ලෙසත් ගූගල් පරිශීලකයන්ගේ 90% ක කැමැත්තකුත් සහිතව පැය දෙකයි මිනිත්තු තිහක කතා කාලයක් තියෙන මේක Mahendran Rajamaniගේ අධ්‍යක්ෂණයෙනුත් Santhosh Dhayanidhiගේ සංගීත රසයෙනුත් මේ ෆිල්ම් එක රසික හදවත් දිනාගෙන තියෙනවා. Krishna කියන චරිතය ඒ කියන්නේ ප්‍රධාන නළුවට රගපාන්නේ Jai එතකොට Divya විදිහට ඒ කියන්නේ ප්‍රධාන නිළියට රගපාන්නේ Pranitha Subhash. සෙසු චරිත වලට ඉන්නේ Kaali Venkat, Rajendran, Thambi Ramaiah, Karunakaran, Santhanam, G. Marimuthu, R. N. R. Manohar, Anjali, Bhama, Badava Gopi, Sreejith Ravi, Naveen Madhav කියන කට්ටිය. මන් හිතන්නේ ෆිල්ම් එක ගැන කීවා ඇති වගේ ඔයාලත් හිතුවේ එහෙම නේද? හරි අපි කතාව පැත්තට යමුකෝ.
මේ පැය දෙක හමාර පුරාවටම තියෙන්නේ යාළුවෝ හතර දෙනෙක් ගැන.Krishnaගේ වහල්ලු. වහල්ලු කීවට වහල්ලුම නෙවේ මෙයාගේ යාළුවෝ. යාළුවෝ හඳුන්වන එකට පළමු යාළුවා දෙවැනි යාළුවා කියනවට වඩා පළමු වහලා දෙවැනි වහලා කීවම පොඩි ගතියක් තියෙන හින්දා තමා මම ඒක ඒ විදිහට Subtitle එකේ දාලා තියෙන්නේ. ඉතින් මේ Krishnaට හොද යාළුවෝ තුන් දෙනෙක් ඉන්නවා ඒ තමා Mohideen, Ramesh සහ Sowmi කියන්නෙ. ඉතින් මේ කතාවේ Krishnaඉන්නවා නේද මෙයා දිවිනසාගන්න කියලා තීරණයක් අරගෙන ගෙදරින් ගිහින් හොටෙල් එකක කාමරයක් කුලියට අරගෙන ෆෝන් එකත් ඕෆ් කරගෙන හොඳටම බොනවා. ගොඩක් වෙලාවට කොල්ලෙක් දිවිනසාගන්නවා කියන්නේ එක්කෝ ආදර හුටපටයක් නැත්තම් ගෙදරත් එක්ක දා ගත්ත කේස් එකක්නේ. ඉතින් මේ කතාවේ තියෙන්නේ මම පලවෙනියටම කීවා වගේ ආදර හුටපටයක් තමා. අපේ භාෂාවෙන් කීවොත් බූට් එකක් තමා. Krishnaගෙයි Divyaගෙයි ආදර කතාව හෝ ගාලා ගලාගෙන යනකොට මේ දෙන්නා මැද්දට එනවා දුෂ්ඨයෙක් ඒ තමා Rupesh, Krishnaයි Divya යි යනවා Party එකකට. මේ Party එකේදි වෙන පොඩි සීන් එකකින් තමා Krishna දැනගන්නේ Divyaගෙයි Rupeshගෙයි සම්බන්ධය. මේ සීන් එකෙන් පස්සේ තමා Krishna දිවිනසාගන්න කියලා යන්නේ. Krishnaව හොයන්ඩ ගියපු මෙයාගේ යාළුවෝ තුන් දෙනාටත් එක එක බකට් තමා සෙට් වෙන්නේ. කොහොමහරි අන්තිමට Krishna බොන ගමන් බලපු TV Programme එකකSanthanamගේ නියම කතාවක් යනවා. ඊට පස්සේ Krishna දිවිනසාගන්න එක අතහැරලා ගෙදර එනවා. ඉතින් මට හිතුනා Santhanamගේ ඒ කතාව ලිපියට එක්කරන්න.
“අපි ටීවී එකේ වැඩසටහනක් බලාගෙන ඉන්නකොට ඒකට කැමති නෑ
කියලා”
“ටීවී එක උස්සලා පොලේ ගහනවද?”
“චැනල් එක මාරු කරලා හොද වැඩසටහනක් බලනවා.”
“අපිට ප්‍රශ්නයක් ජිවිතයට ආපුවම අපි අපේ ජිවිත විනාශ කරගන්න
ඕන නෑ…”
“අපි බලන්න ඕන ඒකෙන් වෙන හොද පැත්තක් දිහා…”
“මම දෙයක් කියන්නම් හොදට අහගන්න.”
“කෙල්ලෙක් දාලා ගියාම ඒ කෙල්ල වෙනුවෙන් මැරෙන,”
“නැත්තම් ඒ කෙල්ලව මරන එක්කෙනා පිරිමියෙක් නෙවේ.”
“මේ වගේ කෙනෙක්ව නැති කරගත්තා කියලා කෙල්ලට
අඬන්න තියන කෙනා තමා පිරිමියා.”
“නියම කතාවක් සන්තානම් නියමයි.”
“ඔයාලා දෙගොල්ලටම පොදු කාරණාවක් කියන්නම්.”
“ඔයාලා දෙගොල්ලනටම කාරණයක් කියන්නම්
ආදරය ආවොත් ගන්න.”
“ගියොත් ගනන් ගන්න එපා.”
“ජිවිතයේ හැම තප්පරයක්ම සතුටින් ගෙවන්න.”
“ජීවත් වෙන එකට තමා ජිවිතය කියන්නේ.”
“සතුටින් ජීවත් වෙන්න.”
“ආදරයේ කොච්චර ප්‍රශ්න තිබුනත් මෙච්චර අවස්තානුකූල
විසදුම් කාටවත් දෙන්න බෑ.”
“අනිවාර්යෙන් ඔයාලා දෙගොල්ලන්ටම ගැලපෙයි.”
ඔන්න ඕක තමා මටත් කියන්ඩ ඕනේ වෙලා තිබ්බේ හරි මම තවකතාවේ පොඩි කැල්ලක් කියලම මම කතාව නවත්තන්නම්. මෙයා එනකොට මෙයාගේ යාළුවෝ තුන්දෙනාට එක එක බකට් සෙට් උනා කියලනේ මම නැවැත්තුවේ කොහොමහරි මෙයා තමන්ගේ යාළුවොන්වත් කරදරවලින් බේරගන්නවා. ඉතින් මෙයා එක යාළුවෙක්ව බේරගන්න ගිහින් මෙයාගේ පපුව හරිය පිහියකට කැපෙනවා. කොහොමහරි මෙයා හොස්පිටල් එකේ ඉන්නකොට මෙයාගේ අළුත් කැල්ල මෙයාව බලන්ඩ එනවා. කවුද කියලා මම නොකියා ඉන්නම්කෝ. එක්කෝ නම කියන්නම් නම තමා Sandhya.
01. Divya Krishnaව අතහැරියේ ඇයි?
02. Krishnaගේ යාළුවන්ට සෙට් උන බකට් මොනවද?
03. Krishnaට හොස්පිටල් එකේ ඉන්ඩ උනේ ඇයි?
04. Krishnaව බලන්ඩ එන Sandhya කවුද?
මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්ඩ නම් ෆිල්ම් එක බලන්ඩම වෙනවා. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්ඩ කියලා. අමතක කරන් නැතුව comment එකක් දාගෙනම යන්න. මට එතකොට වැරදි තියේනම් හදාගන්ඩ පුලුවන්. තවත් උපසිරැසියකින් හමුවෙමු.
සුභ දවසක්!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDRip | x264 | 1CD | 700MB |
Direct Download
| HDRip | x264 | 1CD | 700MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Enakku Vaaitha Adimaigal (2017) | ජීවත් වෙන එකට තමා ජිවිතය කියන්නේ!”
thank for sub digatama sub karanna