MENU

Genius (2018) | උගත් මෝඩයා !

දැන් ඉන්න ළමයිට වගේ ඉස්සර අපිට සෙල්ලම් කරන්න ෆෝන් හරි වීඩියෝ ගේම්,කොම්පියුටර් ගේම් තිබුණේ නැහැ.ඇලේ, දොළේ,වැවේ, වෙලේ,පිට්ටනියේ,කැලේ ගෙවෙච්ච සුන්දර අතීතයක් අපිට තිබුණා.රොබින් හුඩ් බළල ඒ විදියට දුණු,කඩු,ඊතළ හදාගෙන කැළේ ඇතුලේ ගලාගෙන යන දොලවල් මැදින් සෙල්ලම් කරපු ලස්සන ලමා කාලයක් අපිට තිබුණා.5 වසර ශිෂ්‍යත්වය හෙට ලියන්න කියල තියෙද්දි සෙල්ලම් කරන්න ගිහින් අම්මගෙන් ගුටි කාපු හැටි අද වගේ මතකයි.ඒත් අද සමාජය තරගකාරි වෙලා.අල්ලපු ගෙදර ළමයා ටියුෂන් 5කට විතර යනවනම් අනිත් කෙනා බලන්නෙ ටියුෂන් 6කට යවන්න.අද කාලේ ළමයෙකුට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ.එක්කෝ ෆෝන් ,එක්කෝ වීඩියෝ ගේම්, එක්කෝ කොම්පියුටර් ගේම්,එක්කෝ දවසට ටියුෂන් 2ක් 3ක්.ඉගෙනීම… ඉගෙනීම…ඉගෙනීම…ඉගෙනීමම තිබ්බ පමණින් පුද්ගලයෙක් සම්පූර්ණ වෙන්නෙ නැහැ ඉගෙනීම වගේම ක්‍රීඩාව,සමාජ ආශ්‍රය පුද්ගලයෙකුගේ අනාගතය සාර්ථක කරනවා.ඉතින් මම අද අරගෙන ආවේ Drama ගණයට අයත් IMDb අගය 6.2 වගේ සාමන්‍ය ඉහළ අගයක් ගත්ත හුදෙක් ළමයි ඉන්න දෙමව්පියන්ට අතිශයින් වැදගත් චිත්‍රපටයක්.2018 ඔක්තොම්බර් මස 26 වන දින තිරගත කරන ලද පැයකුත් විනාඩි 36ක් පුරා දිවෙන මගේ 33 වන උපසිරැසි නිර්මාණයයි මේ.

දිනේෂ් කුමාර් පොඩි කාලේ ඉදන් ඉගෙන ගන්න දක්ෂයෙක් හැම සැරේම පළවෙනියා.ප්‍රගති වාර්ථාව අරගෙන ආවාම තාත්තටත් ගාණක් නැහැ පළමු වැනියා කියල අත්සන් කරල දෙනවා. දවසක් පාසලේ උත්සවයකට දෙමාපියන්ටත් එන්න කියනවා.දිනේෂ් පළමු තැන තෑග්ග දෙමව්පියන් ඉදිරියෙම අත්පුඩි ගහල දෙනකොට මූර්ති,දිනේෂ්ගේ තාත්තා හිතාගන්නවා දිනේෂ්ට හොදට උගන්වලා ඉහලම තැනකට ගේනවා කියල.එතැන් පටන් දිනේෂ්ව උදේම ඇහැරවලා පාසම් කරවලා ඉස්කෝලෙට, ටියුෂන් වලට,කොම්පියුටර් පංතිවලට තියෙන හැමදේකටම තාත්තා එක්ක ගිහින් උගන්වනව.යාලුවෝ ඇවිත් සෙල්ලම් කරන්න යන්න හැදුවත් දිනේෂ්ගෙ තාත්තා යාලුවන්ටත් බැනල එලව ගන්නවා.හැමදාම නිවාඩුවට සීයා බලන්න ගමට යන දිනේෂ්ට,මේ ඉගෙනීමක් පටන් ගත්තට පස්සේ යන්න වෙන්නෙ නැහැ සීයා කෝල් කරල දිනේෂ්ගේ තාත්තගෙන් ඇහැව්වත් කොම්පියුටර් පංති තියෙනවා කියල මග හරිනවා.බැරිම තැන මුණුබුරා බලන්න සීයම ගෙදර එනවා.ඒත් සීයට එක විනාඩියක්වත් මුණුබුරා එක්ක කාලය ගෙවන්න වෙන්නෙ නැහැ.මේ ගැන දිනේෂ්ගෙ තාත්තගෙන් ඇහැව්වාම අද කාලෙ තියෙන තරගයත් එක්ක එහෙම තමයි තාත්තා ඔයාට තේරෙන්නෙ නැහැ කියල දිනේෂ්ගෙ සීයව ගමට පිටත් කරනවා. දිනේෂ්ගේ කොලේජ් එකට ආපු දිනේෂ් එක්ක හිතවත් වුණ ගෑණු ළමයෙක් ගෙදරට ෆෝන් කළා කියල දිනේෂ්ට ඒකටත් තාත්තගෙන් බැණුම්.එක්ටැම් ගේක හිරවුන කෙනෙක් වගේ දිනේෂ්ට පාඩම්ම…පාඩම්ම.. කොහොම හරි වැඩිවියට එළඹිලා රස්සාවක් කරද්දි බොසා කියනව සති 2කකින් තියෙන ව්‍යාපෘතියක් සතියෙන් කොහොම හරි කරල ඉවරයක් කරන්න කියල.දිනේෂ් දවස් දෙකක් රෑ දවල් නැතිව මහන්සිවෙනවා මේක ඉවරයක් කරන්න.බොසාගෙනුත් කෝල් එනව ඉවරද ඉවරද කියල අහල,ඔය පීඩනයත් එක්ක දිනේෂ් වැඩ කර කර ඉන්න ගමන් මොලේ නතර වෙලා වගේ එකපාරම ගල් ගැහිල ඉන්නවා.ඔෆිස් එකේ කට්ටිය ඉක්මනටම එයාව ඉස්පිරිතාලෙට අරගෙන යනවා…

කතාව මුල් ටික ඔහොමයි වෙන්නෙ.ඉතුරු ටික මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න.විශේෂයෙන්ම ළමයි ඉන්න අයට මම මේ ෆිලුම බලන්න කියල ආරාධනා කරනව.මොකද අද කාලේ පොඩි දරුවගෙ අතේ ඉදන් ස්මාර්ට් ෆෝන්,නැතිනම් ලැප්ටොප්.. අධ්‍යාපනයම විතරක්ම නෙමෙයි කායික,මානසික සුවයට ක්‍රීඩාවත් අවශ්‍යයි.ළමයින්ගේ ළමා කාලය ඔවුන්ට දෙන්න කියල ඉල්ලමින් ආයෙත් ෆිලුමකින් මුණ ගැහෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 1080p | 1.4GB |

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1GB |

| HDRip | x265 | 1080p | 1.2GB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Genius (2018) | උගත් මෝඩයා !

  • thx..usersdrive is good..

    Reply
  • Melo rahak na usercloud slow openload danna bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *