මේ තමයි SyFy නාලිකාව හරහා විකාශය ආරම්බ උනු Ghost Wars කතාමාලාව.. නමම ප්‍රචන්ඩයි නේද? ඒ නම කතාවටම ගැලපෙනවා කියලා ඔයාලට තේරැම් යාවි කතාමාලාව බලන්න ගත්තම. IMDB දර්ශකයේ අගය 6.4/10 වාර්තා කරද්දි Rottern Tomatoes 74% ක අගයක් වාර්තා කිරීමට Ghost Wars සමත් වී තිබෙනවා. සමස්ත කතාමාලාවට කතා සමයකුත් කතාංගයන් 13කුත් ඇතුලත් වෙනවා.. Drama / Fantasy / Horror කාන්ඩයන්ට යටත්ව Simon Barry ගේ නිශ්පාදනයෙන් 2017 වසරේ ඔක්තෝබර් 05 වෙනිදා කතාංගයක් විනාඩි 42ක කතා කාලයකට සීමා වී විකාශය ආරම්බ වෙනවා. ඇත්තටම මේ තනිකරම ජීවිතයත් මරනයත් අතර පිටත ලෝකෙන් වෙන්ව බලවත් ආත්මයන් සමග දිවි ගලවා ගැනීමට යුධ වදින නගරවාසීන් පිරිසකුත් මේ හැමදේමට මැදිව තාඩන පීඩන මැදින් දිවි ගෙවන්න උත්සහයක යෙදෙන තරැනයෙකුත් ගැන කියවෙන හරි අපූරැ කතාමාලාවක් කිවුවොත් නිවැරදී,..විද්‍යාත්මකව පැහැදිලි කල නොහැකි දේවල් බොහෝමයක් මෙහි අන්තර්ගතයි..
Ghost Wars හීදි හමුවන ආත්මයන් තවත් පැහැදිලි කරොත් ඒක මෙහෙමයි.. මේ ඉන්නෙ සරල පෙනුමක් තියෙන මැරැනට පස්සෙ දිවිය ලෝකයට යනවද අපායට යනවද කිය කිය පින් පවු අතරේ හිරවෙලා තමන්ගෙ අවස්තාව එනතුරැ ප්‍රියයන් අතරේ ඇවිදින සාමාන්‍ය ආත්ම නෙවෙයි.. මියගිය පසු ශරීරයෙන් වෙන් උන පමනින් මෙම ආත්ම වඩාත් කලහකාරී නොහික්මුනු වෛරීසහගත පලිගන්නාසුලු ලෙස හැසිරෙන්න පටන් ගන්නවා..මොවුන්ට මරනින් මතු ජීවිතය පිලිබද අදහසක්වත් නැති තරමි..ලත්තැන ලොප් වෙලා නගරවාසීන්ගෙ ජීවිතයන්ට ඉතා සුවිසාල අන්දමේ තර්ජනයක් වෙන ආත්ම බවට පත්වෙනවා.. මේ ආත්ම කලින් මෙහෙම නෑ කියන දේ කතාමාලාව අතරතුරදී පැහැදිලි වෙනවා..
• ඉතින් මේ වෙනසට හේතුව මොකක්ද ??
• කුමක් හෝ සුවිසාල නපුරක ආරම්බයද මේ ??
• මේ නපුර මුලු ලෝකයම වෙලාගනීද ??
පිලිතුරැ ඇත්තේ කතාමාලාව තුලයි මිතුරනී..
කාටවත් කිසිම අවබෝදයක් නැති මේ හැමදෙයක්ම පෙනෙමින් දැනෙමින් ඇසෙමින් කෙනෙක් මේ වෙන දේවල් දිහා බලන් ඉන්නවා.. ඔහු නමින් රෝමන් මර්සර්.කතාමාලාවේ කතානායකයා මෙන්ම මේ සිදුවෙමින් පවතින ව්‍යසනයේ ගැලවුම්කාරයා මොහුයි.රෝමන් උපතින්ම විශේෂ හැකියාවක් සමගයි උපදින්නෙ..ඔහු මානසිකව බලවක් හැකියාවක් සතු තරැනයෙක්..මේ නිසාම ඔහු විකාරකාරයෙක් ලෙස හංවඩු ගැසෙනවා.මිනිසුන් ඔහුව පිලිකුල් කරනවා.රෝමන් මරනය සහ වේදනාව රැගෙන එන්නෙක් ලෙසයි පිලිගැනෙන්නෙ..මොහුගේ මවත් මායාකර්ම කලායැයි පලවා හරිනවා.රෝමන් මේ සියල්ල අතරේ තනි වෙනවා..ඔහුගේ තනියට හිටියේ හොල්මන් විතරයි..මේ පෝට් මූරේහි ඇලස්කාන් නගරය පිහිටලා තිබෙන්නෙ දූපතක කියලත් මන් මතක් කරන්න ඕන..
කතා මාලාවේ අන්තර්ගතය කෙටියෙන් පැහැදිලි කරොත් මෙන්න මෙහෙමයි මේ දේවල් සිද්ද වෙන්න යන්නෙ.. පෝර්ට් මූරේහි සිදුවුන භූමිකම්පාව සියල්ලම කනපිට හැරවීමට සමත් උනා.භූමිකම්පාව නිසා අද්භූත බලයන්ට මිනිස් වර්ගයා නිරාවරනය උන බවක් කවුරැවත් දැනගෙන හිටියේ නෑ.ඒත් රෝමන්ට දැනුනා කොහේහරි මොකක්හරි වෙනස් උනා කියලා.ඔහුට සිදුවෙනවා අපායත් සමග ඔට්ටු අල්ලමින් නපුර සමග සටන් කරන්නට. අවදි වූ නපුර සියල්ල හබා යමින් මිනිසුන් දඩයම් කරන්නට යෙදෙනවා..මේ අවස්තාවේදි මිනිසුන් අසරනයි.අප සතු යුධ ශක්තිය අලුත් නපුරට අංශු මාත්‍රයක හෝ බලපෑමක් කරන්නට සමත් වෙන්නෙ නෑ..කිසිවක් කරගැනීමට නොහැකි වූ තැන මෙතෙක් කලක් කොන් කරමින් සතුරෙකු ලෙස සැලකූ රෝමන්ගේ හැකියාවන් බලයන් අවසානයේ මිනිස් සංහතියේ අවසං බලාපොරොත්තුව බවට පත් වෙනවා..නමුත් ඔහු පවා අත් නොවිදි අන්දමේ මේ නපුර පරාජය කිරීමට ඔහුට හැකිවේද ?? එය දැනගැනීම මන් ඔබට ඉතුරැ කරන්නම්……..
අද කතාංගයෙන්…..
දවසක් එනවා අපි හැමෝටම අපේ බය නිදහස් වෙන. රැය බියකරැයි කීවාට දහවල ප්‍රචන්ඩයි කියන්න කවුරැවත් ඉදිරිපත් වෙන්නෙ නෑ..ඒ පෝර්ටි මූරේ නගරයට තවත් එක දවසක්.නමුදු වටපිටාවේ ඇති අදුරමුසු ස්වබාවය කාගෙත් ඇසට හසුවුනා. පල්ලියේ හඩ මුසුවූ පරිසරයේ තරැනයකු බෑග් පොදි බැදන් කොහෙද මේ යන්නෙ.ඔහු අසලින් ඔහුත් සමගම ගමන් ගන්නා රැවැති තරැනියක්.ඒ රෝමන්…නගරයේ පීඩාවෙන් මිදීමට ඔහු නගරය අත්හැර යන්නයි සූදානම..
වෙලාව ගතවෙලා….රෝමන් බසයේ පසුපස අසුනේ තනිවම කතාකරනවා දුටු මගියන් ඔහු දෙස සුපුරුදු අවඥාසහගත බැලුම් හෙලන්නට උනා..නෑ ඔහු තනිවම නොවේ..ඔහුත් සමග ඇවිද ආ තරැනියත් ඔහු අසලින්ම අසුන්ගෙනයි සිටින්නෙ.මිනිසුන්ට ඇය පෙනුන් නැද්ද..නමුත් රෝමන්ට ඇය පෙනුනෙ කෙසේද..ඇය කවුද ??
රෝමන් නැගිටින්න..රෝමන්..ඔයා මේ බස් එකෙන් එලියට යන්න ඕන.. ගිනිදලු මැදින් තරැනියකගේ හඩ රෝමන්ට අසිහියෙන් උනත් ඇසෙන්නට උනා… සාමකාමී පෝට් මුරේ නගරය භූඹිකම්පාවකින් දෙදරා යද්දි නොපෙනෙන බලයන් දස දෙසින් ඇදී එන්නට පටන් ගත්තා.. නගරයේ දුරතකන සංඥා සියල්ල බිද වැටුනා…ගමනාගමනය ඇනහිටියා..භූමිකම්පාවෙන් අනතුරැව නගරයේ නන් දෙසින් ඇසෙන්නට උනෙ මනුෂ්‍ය ඝාතනයි..හොල්මන් පිස්සු නටන්න පටන් ගත්තා.. කවුද මේව කරන්නෙ..රෝමන් ගමන් ගත් බස් රතයට සිදුඋනේ කුමක්ද ?? ඔහු විතරද බේරැනේ… ප්‍රශ්න ප්‍රශ්න..මේ සියල්ලටම පිලිතුරැ තින්නෙ කතාමාලාව තුලයි. නමුත් අවසානයේ මේ සියල්ලටම වැරැදිකරැ උනේ රෝමන්..නගරයයි එහෙම හිතන්නෙ අපි නෙවෙයි.අවසානයේ තිරනයක් ගත් රෝමන් හොල්මන් පිලිබදව ඒත්තු ගන්වා නගරයෙන් පිටවන්නට පොලිස් සහය සමග පාරට පැමිනුනා..මද දුරක් ගමන් ගද්දී පෝට් මූරේ සහ පිටත ලෝකය එකිනෙකා යා කරන ඒ පාලම ආසන්න වෙනවාත් සමගම රෝමන් වාහනයෙන් පිටතට පැනගත් ආකාරය ඔවුන් පසුපසින් පැමිනි අනිත් රතයට දැක ගන්න ලැබුනා..එසැනින්ම ඔවුන් දුටු දෙයින් දෑස් අදහාගැනීමට නොහැකිව රෝමන් දෙස බලද්දි දුටුවේ වාහනය නතර කරන ලෙස රෝමන් කලබලයෙන් සංඥා කරන අයුරැයි. රෝමන් ඇයි වාහනයෙන් පැන්නෙ..රෝමන් ගමන් ගත් ඒ වාහනයට සිදුවුනේ කුමක්ද? පසුපසින් පැමිනි රතයේ සිටියවුන් එතරම් තැතිගන්වපු මේ සිදුවීම කුමක්ද ??
මේ සියල්ලටම පිලිතුරැ ඇත්තෙ Ghost wars පලමු කතාංගය තුලයි..තවත් කුතුහලය දනවන සුපිරි කතාසමයක ආරම්බයයි මේ..හැමදෙනාම ඉතා ආසාවෙන් නරබන කතාමාලාවක් බවට Ghost Wars පත්වනවා කිසැකයි..එසේනම් දෙවන කතාංගයෙන් හමුවන තුරැ ඔබට ජය!
Torrents Download
| HDTV | x264 |FLEET | 210MB |
E24114FDF42D05954ED509A90F36D025F5E74CB4
One thought on “Ghost Wars [S01 : E01] | අවසානයක ආරම්බය….”
? Thanks